පවතින තත්වය හමුවේ චීන වැසියන්ට චීන රජයෙන් මෙරට සංචාරය කිරීමෙන් වළකින ලෙස දැනුම් දී තිබෙනවා. සුගියදා සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනයක නිරත වන අතර පවතින වාතාවරණය සමතයකට පත්වන තෙක් ඉන්නා ලෙස චීන විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක ගෙන්ග් ෂුඅන්ග් මහතා පවසා තිබෙනවා. 21 වනදා සිදු වූ ප්‍රහාර වලින් චීන ජාතිකයකු මිය ගොස් ඇති […]
මාකඳුරේ මධූෂ් විසින් සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගීවීම සඳහා ඩුබායි වෙත ගොස් සිටියදී, එරට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන රදවා ගෙන සිටි තවත් පුද්ගලයෙකු මෙරටට පැමිණ තිබේ. ඔහු අබු බකර් මොහොමඩ් බදුර්දීන් නම් වන අයෙක් බවයි ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසා සිටියේ. මේ වෙන විට ඔහු ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අත්අඩංගුවට පසුවෙනවා.
සෝදිසියෙන් සිටින්නැයි පොලිස්පතිවරයා විසින් ඊයේ දැනුම් දුන් වාහන අතර සඳහන් වූ වෑන් රථය සහ සැක සහිත තවත් යතුරු පැදියක් වරකාපොල ප්‍රදේශයේ නිවසක තිබී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.අදාළ වෑන් රථයේ රියදුරු බවට විශ්වාස කරන තැනැත්තෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ. දැනට කළ විමර්ශනවලින් හෙළිව ඇත්තේ මෙම වෑන් රථය කුළී පදනම මත ගමන් […]
ඊයේ දිනයේදී ගම්පොල පොලිස් වසමේ ලෝරාවත්ත පන්විලතැන්න ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු කදුරුවෙල පදිංචි ආදම්බාවා මොහොමදු රිස්මී යන අයෙක් බවයි පොලීසිය පැවසුවේ. එමෙන්ම ඊයේ රාත්‍රියේ සිදුකරන ලද මෙහෙයුම් කිහිපයකදී අලුත්ගම දර්ගා නගරයෙන් පුද්ගලයින් 06 දෙනෙකු, බේරුවල කංකාවන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් 05 දෙනෙකුද, කඩුවාපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් 06 දෙනෙකුද අත්අඩංගුවට ගෙන […]
පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයේ එක් ප්‍රධාන සැලසුම්කරුවෙක් වන ඉන්ෂාෆ් අහමඩ් මහනුවර ප්‍රදේශයේ ඉපදී ඇති අතර ඔහු කොළඹ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබා ඇති බව ඔහුගේ බිරිඳගේ සොහොයුරා වන අෂ්කාන් අලාම්දින් බ්‍රිතන්‍යයේ ඩේලි මේල් වෙබ් අඩවියට ප්‍රකාශයක් ලබා දෙමින් කියා තිබෙනවා. ඔහු පවසන ආකාරයට ” ඔහු අපේ පවුල විනාශ කළා පමණක් නොවෙයි ලොවපුරා සිය ගණනක් පුද්ගලයින්ගේ ජිවිත […]
ඉදිරි පැය 24 තුල ප්‍රධාන වශයෙන් රටේ ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ වෙනසක් සිදුකිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ ජාතිය අමතා ප්‍රකාශ කර සිටියා. රටේ ජනතාව අතර මෙන්ම මාධ්‍ය අතර සංවාදයට තුඩු දුන් විදේශ රටක බුද්ධි අංශ විසින් මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදුන් බව කියන බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් පුර්ණ ලෙස වගකීම් පැහැර […]
මෙරට තුල ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් ඉදිරියේදී යළිත් ප්‍රහාර දියත් කිරීමේ අවධානමක් සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ ශ්‍රී ලංකා බලධාරීන්ට අනතුරු අඟවා ඇති බවට ඉන්දීය මාධ්‍ය අද වාර්තා කර තිබුණේ. මේ පිළිබදව ලිපියක් Hindustan Times වෙබ් අඩවියේද පලකර තිබුණා. ජාතික තව්හිත් ජාමාත් නම් ඉස්ලාමිය අන්තවාදී සංවිධානයේ ජාල් අල්-කුයිටාල් හෙවත් රිල්වාන් නැමැත්තා ඇතුළු පිරිස මෙම ප්‍රහාර […]
අද රාත්‍රී නවයේ සිට හෙට අලුයම 4 දක්වා යලිත් ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා.
321 දෙනෙකුට මරු කැදවමින් පසුගිය ඉරිදා දිනයේ දිවයිනේ ප්‍රදේශ ගණනක පුපුරා ගිය බෝම්බවල වගකීම ජාත්‍යන්තර ත්‍රස්ත ජාලයක් වෙන ISIS ත්‍රස්තයින් භාරගෙන තිබෙන බවට රෝයිටර් පුවත් සේවය වාර්තාකර තිබෙනවා.
කින්ස්බරි රථ වාහන අංශයේ සැක කටුයුතු බයිසිකලයක් සෝදිසි කරන බව නවතම ආරන්චි මාර්ග වලින් දැන ගන්නට ලැබී ඇත. එමෙන්ම මහ බැංකුව අවටද ආරක්ශාව තරකර ඇත.
බෝම්බ සවි කෙරූ ඇළුමිනියම් තහඩු වලින් ආවරනය කරන ලද ලෝරි රථයක් හා කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමින ඇති බවද බුද්ධි අංශ විසින් අනාවරණය කර ඇති බැවින් ශ්‍රී ලංකා වරාය වෙත ඇතුලුවන පිවිසුම් දොරටු වල සේවය කරනු ලබන සියලුම නිලදාරින් හා වරාය අධිකාරියේ සියලුම ආරක්ෂක නිලදාරින් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස දන්වනු ලැබේ.
මේ වන විට පාර්ලිමේන්තුව කතානායක කරු ජයසුරියගේ ප්‍රධානයෙක් රැස් වී තිබෙනවා.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ප්රහාරයන්ගෙන් මිය ගිය පිරිස වෙනුවෙන් විනාඩි 2ක නිෂ්ශබ්දතාවයක්ද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරිමට පෙර සිදු කලා. මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාව අමතමින් සිටින්නේ විපක්ෂ මත්ත්‍රීවරුන්ගේ බාධාකිරීම් මැදයි.