News Line| Off Air
Generic placeholder image

Apr
23

බුර්කාව තහනම් කිරීමට යෝජනාවක් අද පාර්ලිමේන්තුවට

Generic placeholder image

මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසීමට භාවිතා කරන බුර්කාව තහනම් කිරීමට යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වර්තාවෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ එම යෝජනාවට අයත් ලිපියක් මුහුණු පොත හරහා පල කර තිබුණේ මේ ආකාරයටයි.


Apr
23

දිවයිනේ සියළුම පාසල් ආරම්භය ලබන 29 වනදා දක්වා කල් යයි

Generic placeholder image

මීට සුළු මොහොතකට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලබන 29 වනදා දෙවන පාසල් වාරය සදහා පාසල් ආරම්භ කරන බවයි.


Apr
23

මෑත ඉතිහාසයේ ආසියාවේ දරුණුම ත්‍රස්ත ප්‍රහාරය පාස්කු ඉරිදා ප්‍රහාරයයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මෑත යුගයේ ආසියාකරයෙන් වාර්තා වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය බව රොයිටර් විශ්ලේෂණයක් තුලින් පෙන්වා දී තිබෙනවා. ඔවුන් පවසන ආකාරයට ඉන්දුනීසියාවේ බාලි දිවයිනට සහ ඉන්දියාවේ මුම්බායි පුරවරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලට වඩා වැඩි හානියකින් සිදුව ඇති බවයි එමගින් සදහන් කර ඇත්තේ. 2002 වසරේ […]


Apr
23

පිපිරීම් වලින් මිය ගිය සංඛ්‍යාව 310 දක්වා ඉහළට

Generic placeholder image

පාස්කු ඉරිදා දිනයේ සිදුවූ පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කර තිබුණේ. කොළඹ ජාතික රෝහලේ පමණක් මෘත දේහ 151ක් තැන්පත් කර ඇති අතර, ඉන් 109 දෙනෙකුම හඳුනාගෙන තිබෙනවා.


Apr
23

කොල්ලුපිටියෙත් පොලිස් සෝදිසි මෙහෙයුමක්

Generic placeholder image

කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසල සැකකටයුතු යමක් සම්බන්ධයෙන් ආරක්ෂ අංශ විසින් සෝදෙසි මෙහෙයුමක් මේ වන විට දියත් කර ඇති බව සියත 24 අපට වාර්තා වෙනවා. වැඩි විස්තර බලාපොරොත්තුවන්න..


Apr
23

මාව කවුරුත් දැනුවත් කර තිබුණේ නැහැ – ජනපති කියයි

Generic placeholder image

අන්තවාදී කණ්ඩායමක ප‍්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් සම්බන්ධයෙන් කිසිඳු පාර්ශ්වයක් තමන් දැනුවත් නොකළ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබෙනවා. ඊයේ පස්වරුවේ ජනාධිපති කර්යාලයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබෙනවා.


Apr
23

අමල් පෙරේරා සමග හය දෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

Generic placeholder image

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ගායක අමල් පෙරේරා ඇතුළු 06 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ගායක අමල් පෙරේරා ඇතුළු 06 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා කටුනායක […]


Apr
22

වැලිසර නවලෝක ක්‍රීඩා පිටිය ඉදිරිපිට බෝම්බ පරීක්ෂාවක් – Update

Generic placeholder image

වැලිසර නවලෝක ක්‍රීඩා පිටිය ඉදිරිපිට තිබී බෝම්බයක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. වාහනයක් තුළ තිබෙන පිපිරුම් ද්‍රව්‍යක් සොයා කරන ලද පරීක්ෂාවෙන් මෙය සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. New Updat පරීක්ෂා කිරීම් වලින් අනතුරුව කිසිදු සැක කටයුතු යමක් සොයා නොගත් බව පොලිසිය මීට සුලු මොහොතකට පෙර දැනුම් දුන්නා.ඒ අනුව තාවකාලිකව වසා තිබූ මාර්ග මේ වන විට විවෘතයි .


Apr
22

පිපිරීම් සම්බන්ධයෙන් 09ක් අත්අඩංගුවට

Generic placeholder image

ඊයේ දින සිදු වූ දිවයිනේ විවිධ ප්‍රදේශ වලට අදාල පිපිරීම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනෙකු මැයි මස 6 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා අද (22) නියෝග කළා. ඔවුන් අතර අතර මුස්ලිම් ජාතිකයන් හත් දෙනෙකු, සිංහල ජාතිකයකු සහ දමිළ ජාතිකයකු සිටින බව වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට දන්වා […]


Apr
22

කොටුව දුම්රිය ස්ථානයේ සැකකටයුතු පාර්සලයක් පරීක්ෂාවට

Generic placeholder image

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තිබී සැක කටයුතු පාර්සලයක් පරීක්ෂාවට ලක් කොට තිබෙන බව ආරක්ෂක අංශ සදහන් කරනවා.


Apr
22

කොටහේනෙ තවත් පිපිරුමක්

Generic placeholder image

කොටහේන කොච්චිකඩේ පල්ලිය අසල ප්‍රදේශයකදී වෑන් රථයක් තුල තිබී තවත් බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. පසුව එය ආරක්ෂක අංශ විසින් නිෂ්ක්‍රිය කිරීමට පුපුරවා හැර තිබෙන බවයි වාර්තා වෙන්නේ.මේ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු සියත 24 තුළින් බලාපොරොත්තු වන්න.


Apr
22

මරණයක් වෙනුවෙන් තවත් රුපියල් මිලියක වන්දියක්

Generic placeholder image

එල්ල වූ ප්‍රහාර හේතුවෙන් අහිමි වූ එක් පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්ද් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post