ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ ඊයේ (20) පැවති මාධ්‍යය හමුවකට සහග්අවසාන මෙහොතේ කැබිනට් මණ්ඩලය නම් කිරීමේ දී හෝ ගාල්ල ජනතාව වෙනුවෙන් මා හට කැබිනට් ඇමතිධූරයක් ලබා දුන්නේ නම් මේ අවස්ථාවේ විපක්ෂයට යාමට ගත් තීන්දුව නොගන ඉඳීමට තිබුණු බව පැවසුවා. ඊයේ 20 මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය, “පසුගිය වසර 49 ක […]
කොටි සංවිධානය පැවති සමයේ නොවැම්බර් 21 වනදා සිට 27 වනදා දක්වා මහවිරු සතිය නමින් නම් කල බවත් අද සිට බොහෝ පිරිස් එම දිනය සමරනු ඇති බැවින් 27 වනදා තමන් මහවිරු දිනය සමරන බවට උතුරු පළාත් සභාවේ හිටපු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම් පවසනවා. මහවිරු සැමරුම සතිය පිළිබඳව විමසීමේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියා. […]
ජනරජයේ මුදල් කිසිදු වියදමක් සඳහා අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නොමැති බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට භාර දුන් යෝජනාව අට වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරනවා. මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත වී තිබෙන නිසා නොවැම්බර් මස 15 වැනි දා සිට […]
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙන් ඔවුන් පරාජයට පත්වූ නිසා අමාත්‍යවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වැටුප් හා දීමනා ගෙවීම අත්හිටුවන ලෙස සඳහන් කරමින් එක්සත් ජාතික පෙරමුණ තවත් යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේක්ම්වරයාට බාර දී තිබෙනවා. එසේම විදේශීය සංචාර, අභ්‍යන්තර ගුවන් ගමන් ඇතුළුව දරණ සියලු වියදම් ගෙවීම් නවත්වන ලෙස ඔවුන් මෙම […]
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය අන්තර්ජාතික ප්‍රජාව හමුවීමට උනන්දුවක් දක්වන බව පර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඔවුන් රටේ ජනතාව හමුවී මැතිවරණයක් පිළිබඳව ජනතාවගේ ඇති බලාපොරත්තු පිළිබඳව අවධානය යොමුකළ යුතු බවයි. කෙසේ වෙතත් නාමල් රාජපක්ෂගේ ට්විටර් පනිවුඩයට ප්‍රතිචාර දක්වා […]
ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කන්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට එංගලන්තය සමග පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟයක් අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තාවනවා. ඒ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත්වීම හේතුවෙනි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති අතර, දෙරට අතර තුන්වන හා අවසන් ටෙස්ට් තරඟය ලබන 23දා පැවත්වීමට නියිමිතව තිබෙනවා. චන්දිමාල්ට මෙම තරඟයත් අහිමි […]
අමාත්‍යධුරයෙන් ඉවත්වූ බව පැවැසූ වසන්ත සේනානායක මහතා අද පැවැති කැබිනට් රැස්වීමට එක්ව තිබෙනවා. ඔහු සංචාරක හා වනජිවී අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.
අමාත්‍යධුරයෙන් ඉවත්වන බව සඳහන් කළ වඩිවේල් සුරේෂ් මහතාත් ජනපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන කැබිනට් හමුවට එක්ව තිබෙනවා. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කැබිනට් හමුව පැවැත්වෙයි.
නිවේදනයක් නිකුත් කරමින් කතානායක මාධ්‍යය අංශය දක්වා සිටින්නේ මේ දිනවල සමාජ ජාලා මාධ්‍යය ඔස්සේ කතානායකගේ නමින් සංසරණය වන ලිපිය ව්‍යාජ එකක් බවයි. එම ව්‍යජ ලිපියේ ලිපිය පහතින් දැක්වේ. ඒ අනුව කතානායක මාධ්‍යය අංශය මගින් නිකුත් කල නිල නිවේදනය පහතින් දැක්වේ.
ඉදිරි ජනපතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් පොදු අපේක්ෂකයෙක් එක්වන බව එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසනවා. මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. එම පොදු අපේක්ෂකයා තරුණයෙක් හෝ මැදි වියේ පුද්ගලයෙක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද ( 21 ) වාර්තා විය. මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 179.04ක් ලෙස සටහන් වෙනවා. මේ අතර ඩොලයක ගැණුම් මිලද රුපියල් 175.11ක් වාර්තා විය. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි රට තුළ පවත්නා දේශපාලන අර්බුදයද රුපියල මේ […]
රී ලංකාවේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ ඊළග සාකච්ඡාව කල් දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙනවා. මෙම ණය මුදල යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5 ක ණය පහසුකම් හිමිවන අතර දැනටමත් එයින් ඩොලර් බිලියනයක් ඔවුන් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා. […]