News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

රජයේ රෝහල් ලබන අගෝස්තු මස 3 වනදා දීපව්‍යාප්ත වැඩවර්ජනයක්.

Generic placeholder image

දිවයින පුරා සියලූම රජයේ රෝහල් ලබන අගෝස්තු මස 3 වනදා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා මේ බව කියා සිටියේ අද කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින්. සිංගප්පූරු වෙළඳ ගිවිසුම ඇතුලූ ගැටලූ 10 ක් මුල් කර ගනිමින් එම වර්ජනය ක‍්‍රියාත්මක කරන බව වෛද්‍යවරයා එහිදී ප‍්‍රකාශ කලා. […]


Jul
23

ශ්‍රී ලංකා රග්බි සංගමයට නව නිලධාරී මඩුල්ලක්

Generic placeholder image

ක්‍රිකට් වගේම ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි රගර් කියන්නේ. මේ වෙද්දී සත් සාමාජික රගර් වලින් ලංකාව හොඳ තැනකට ඇවිත් තියෙනවා. ලංකාවේ රගර් පාලනය කරන මහ ගෙදර පුටුවලට අලුතින් නිලධාරීන් පහුගිය දා තෝරා ගත්තා. මෙවර රගර් ලොකු පුටව ලසිත ගුණරත්න මහතා දිනා ගත්තා. මෙවර සියලු තනතුරු සඳහා නිතරඟයෙන් නිලධාරීන් පත් වීම විශේෂත්වයක්. නියෝජ්‍ය සභාපති විදියට රිස්ලි ඉල්යාස් […]


Jul
23

ඊසි කැෂ් ක‍්‍රමයට සිදු කල මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළි වෙයි.

Generic placeholder image

ඊසි කැෂ් ක‍්‍රමයට සිදු කල මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු අණාවරණය වී තිබෙනවා. පොලීසිය පැවසුවේ මිහින්තලේ ප‍්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් සිදු කල ප‍්‍රශ්න කිරීම් වලදී මෙම තොරතුරු හෙළි වූ බවයි. මිහින්තලේ පොලීසියට ලද තොරතුරක් මත අනුරාධපුර ප‍්‍රදේශයේ දි හෙරොයින් මිලි ග‍්‍රෑම් 60 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඊසි කෑෂ් ක‍්‍රමය හරහා […]


Jul
23

කුමන යළි වැසෙයි.

Generic placeholder image

කතරගම වාර්ෂික ඇසල මංගල්‍යය සඳහා පාගමනින් පැමිනෙන බැතිමතුන් වෙනුවෙන් විවෘත කර තිබූ කුමන ජාතික වනෝද්‍යානය නැවත වසා දමා තිබෙනවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කලේ ඊයේ මධ්‍යම රාත‍්‍රීයේ සිට වනෝද්‍යානය මෙලෙස වසා දැමූ බවයි. පසුගිය හතර වනදා කතරගම පාද චාරිකාවේ පැමිනි මුල් කණ්ඩායම කුමන ජාතික වනෝද්‍යානය තුලට ඇතුළු වුණා. ඊයේ සවස් වන විට දිවයිනේ දස අතින් […]


Jul
23

කළු ගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය අද.

Generic placeholder image

කළු ගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය අද පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. මාතලේ දිස්ති‍්‍රක්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටියේ කලූපහන ප‍්‍රදේශයෙන් ආරම්භ වන කළුගඟ, ලග්ගල- පල්ලේගම ප‍්‍රදේශයේ දී හරස් කරමින් කළු ගඟ ජලාශය නිර්මාණය කර තිබෙනවා. ඝන මීටර් දස ලක්ෂ 248ක ධාරිතාවයකින් යුත් කලූ ගග ජලාශයේ ප‍්‍රධාන වේල්ලේ දිග මීටර් 618 ක් වන […]


Jul
21

විරෝධතාවයක් නිසා ගාල්ල නගරයේ දැඩි රථවාහන තදබදයක්. (VIDEO)

Generic placeholder image

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය ගාල්ල නගරයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් ගාල්ල බස් නැවතුම්පොළ අසල මේ වනවිට උද්ඝෝෂණයක් කි‍්‍රයාත්මකයි. උද්ඝෝෂණය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත‍්‍රික් මහජන නියෝජිතයන් සහ සිවිල් සංවිධාන රැසක් එක්ව සිටිනවා මේ වනවිට ගාල්ල නගරයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවයි අප වාර්තාකරු සදහන් කළේ. විරෝධතාවයේදී අදහස් දක්වමින් ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේශ් පතිරණ මහතා […]


Jul
21

විභාග මධ්‍යස්ථාන ආශ‍්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්.

Generic placeholder image

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික විභාග වලට අදාළ ස්ථාපිත කර ඇති විභාග මධ්‍යස්ථාන ආශ‍්‍රිත විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර මහත්මිය සදහන් කළේ මේ වනවිට ඊට අදාළ චක‍්‍රලේඛන විභාග දෙපාර්තමේන්තුවට යොමුකර ඇතිබවයි. වසරේ ගත වූ කාල සීමාව තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 29 433 දෙනෙකු […]


Jul
21

විශ්වාසභංගයෙන් මෝදිට ජය.

Generic placeholder image

ආන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ගැටලූ‍ මුල් කර ගනිමින් ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ප‍්‍රමුඛ ආණ්ඩුව පහසු ජයග‍්‍රහනයක් හිමි කර ගෙන තිබෙනවා. ඒ, ලොක් සභාවට පැමිණ සිටි සභිකයින් 451 අතුරින් 325 ක් විශ්වාසභංගය පරාජය කරමින් මෝදිට සහාය පළ කිරීම හේතුවෙන්. රජයට විරුද්ධව ඡුන්දය භාවිත කර තිබුනේ සභිකයින් 126 දෙනෙකු පමණයි. විශ්වාසභංගයෙන් ජය ගැනීමට […]


Jul
21

එක්කෝටි අනූපන්ලක්ෂයක රන් බිස්කට් ගුවන් තොටුපළින් හමුවෙයි.

Generic placeholder image

රන් බිස්කට් 28 ක් සහිත පාර්සලයක් කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපළෙන් සොයාගෙන තිබෙනවා. ගුවන් තොටුපළේ ජල බදුනක් පිටුපස තිබූ එම පාර්සලය සේවකයෙකු විසින් නිරීක්ෂණය කොට ගෙනවිත භාරදුන් බවයි රේගුව සදහන් කළේ. අදාළ රන් බිස්කට් තොගයේ බර කිලෝ 03 යි ග‍්‍රෑම් 248 ක්. ඒවායේ වටිනාකම රුපියල් එක්කෝටි අනූපන්ලක්ෂයකට අධිකයි. රේගුව විසින් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි. Siyatha Top Story […]


Jul
20

කොදෙව් දේශයේදී විනය කැඩූ ජෙෆ්රි වැන්ඩසේට ක්‍රිකට් ආයතනයෙන් අමතක නොවන දඬුවමක්.

Generic placeholder image

ගිය මාසේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය අතරතුරදී යොවුන් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ විනය විරෝධී වැඩක් කරලා අතටම අහුවුනා. ජෙෆ්රි ඇතුළු තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙක් තරඟාවලිය අතරතුර රාත්‍රියක සමාජ ශාලාවක කාලය ගත කරලා තියෙනවා. එදින මධ්‍යම රාත්‍රියේ අනිත් ක්‍රීඩකයන් නැවත හෝටලයට ආවත් පාර හොයාගන්න බැරිවුණු ජෙෆ්රි අලුයම වනතෙක් හෝටලයට ඇවිත් නැහැ. ඉතිං ඔහුව නැවත ශ්‍රී […]


Jul
20

විජයකලාගේ ප‍්‍රකාශය ගැන මැති ඇමතිවරුන්ගෙන් ප‍්‍රකාශ ඉල්ලයි.

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනය ප‍්‍රදෙශ්යේදී සිදුකල ප‍්‍රකාශය සම්බන්ධයෙන් එම උත්සවයට සහභාගී වූ මැති ඇමතිවරුන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අද අධිකරණයට දැනුම් දී සිටියේ ඒ සදහා කතානායකවරයාගෙන් අවසර ඉල්ලා ඇති බවයි. අදාල නඩුව අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කැදවූ අවස්ථාවේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය එම […]


Jul
20

මැතිව්ස් 5,000 සීමාව පසු කරයි.

Generic placeholder image

ඇන්ජලෝ මැතිව්ස් මීට සුලූ මොහොතකට පෙර අන්තර්ජාතික ටෙස්ට් ලකුණු 5 000 සීමාව පසු කලා. ඒ සංචාරක දකුණු අප‍්‍රිකාව සහ ශ‍්‍රී ලංකාව අතර දැන් පැවැත්වෙන 2වන ටෙස්ට් තරගයේදී. ඒ අනුව ලකුණු 5000 සීමාව පසුකල ශ‍්‍රී ලංකාවේ 9 වන ක‍්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් ඉතිහාසයට එක් වනවා. කාසිය වාසිය දිනා ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකාව මේ වන […]


News Articles
Latest Videos
Most Popular Post