පිටකොටුව, වේල්ල වීදියේ, ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.ඒ අද අලුයමයි. විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නනට ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ වන විට ගින්න මැඩ පවත්වා ඇති අතර ඒ් සඳහා ගිනි නිවීම් සේවා රථ 05ක් යෙදවූ බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කලේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. […]
ලොව ප්‍රමුඛ වෙබ් අඩවි කිහිපයක ක්‍රියාකාරිත්වය තාවකාලිකව බිඳ වැටීමකට ලක්ව තිබෙනවා. ද ගාඩියන්, ඉන්ඩිපෙන්ඩන්ට්, නිව්යෝර්ක් ටයිම්ස්, බ්ලූම්බර්ග් ඇතුළු පුවත් ආයතන විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි රැසක් ද ඒ අතර වනවා. මේ අතර ඊබේ සහ ඇමර්සන් යන වෙබ් අඩවිවලට පිවිසීම ටද බාධා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට එම බිද වැටීම් යථා තත්වයට […]
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මේ වන විට ව්‍යාප්ත වන කොවිඩ් පොකුරේ ආරම්භය ලාංකිකයෙකුගෙන් සිදුවී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.ඉකුත් මැයි මස 08 වෙනිදා ශ්‍රී ලංකාවේ සිට පැමිණි පුද්ගලයෙකු එදිනම කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගෙන ඇති අතර සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය අදාල පුද්ගලයාට ආසාදනය වී ඇති බවයි පැවසෙන්නේ. නව කොවිඩ් පොකුරක් හඳුනාගැනීමත් සමඟ මෙල්බන් […]
අප සියලු දෙනා ඩිජිටල් ලෝකයත් සමග ජිවත් වන පිරිසක්.. එමෙන්ම බොහෝ දෙනා නිරන්තරයෙන් ඒ සමග ගනුදෙනු කරන ආකාරය එකිනෙකට වෙනස්ය. ලෝකය පුරා සමාජ මාධ්‍ය භාවිත කරමින් දැනුම් සොයන්නන් අතර අප සමාජය දැනුම සොයන්නේ කෙසේද? අප සමාජ මාධ්‍ය භාවිතා කරමින් අපේ දැනුමට එකතු කරගන්නේ මොනවාද ? කියන කාරණාව දෙස බැලුවහොත් එය අපට එතරම් සතුටු විය යුතු […]
එංගලන්ත ක්‍රිකට් පිලට දඩයක් නියම කර තිබෙනවා. ඒ නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී නියමිත කාලය තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත් වීම හේතුවෙන්.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ සභාපතිවරයා ලෙස මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් තේරී පත්වී තිබෙනවා.ඒ සදහා වන ජන්ද විමසීමේදී මාලදිවයින් විදේශ ඇමති අබ්දුල්ලා ෂාහිඩ් ජන්ද 143 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ් අනුව ඉදිරි 2021 – 2022 වසර සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මහතා කටයුතු කරනු […]
අද(08) දිස්ත්‍රික්ක 10ක ස්ථාන 53කදී එන්නත්කරණය සිදු කරනු ලබනවා. එම එන්නත්කරණය සිදු කරන ස්ථාන පහතින් ,
වරායෙන් සහ රේගුව විසින් රාජසන්තක කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස හරහා සහන මිලකට මහජනතාවට අලෙවි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මෙලෙස ලබාගන්නා ආහාර ද්‍රවය සතොස හරහා අඩු මිලකට මහජනතාවට ලබා දීමට තීරණය කර තිබෙනවා.
ගොවීන්ට අලෙවි කර ගත නොහැකි අතිරික්ත එළවළු හා පලතුරු තොග රජය මඟින් මිලදී ගෙන බෙදා හැරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා. එලෙස රජය විසින් මිලදී ගන්නා එළවළු හා පලතුරු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන, සියලූම රජයේ රෝහල්, ත්‍රිවිධ හමුදාවන් හා අවතැන් කඳවුරු වෙත සහ ජීවනෝපාය අහිමි පවුල්වලට අවශ්‍යතාව පදිරි නොමිලේ ලබාදීමට ද කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.
මෙම මාසයට නියමිත විශ්‍රාම වැටුප අනිද්දා ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ අනුව විශ්‍රාම වැටුප්ලාභීන්ට ඒ සදහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිධ හමුදාව කටයුතු යොදා තිබෙනවා.
තවත් කොරෝනා මරණ 47 ක් තහවුරු කර තිබෙනවා. ඒ මැයි 17 වනදා සිට ජුනි 6 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති කොරෝනා මරණ ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 1789 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (07) මෙරටින් කොරෝනා මරණ වාර්තා වී නොමැත. අදාල නිවේදනය පහතින්,