News Line| Off Air
Generic placeholder image

Jun
2

වැලිමඩ අක්කර 20 ක භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වෙයි

Generic placeholder image

වැලිමඩ, බැලුම්ගල කන්දේ ඇති වූ ගින්නකින් අක්කර 20 ක භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. ඒ ඊයේ පස්වරුවේ හටගත් ගින්නකින්. ගින්නෙන් පීඩාවට පත් වූ පවුල් දෙකක පිරිස් මේ වන විට තාවකාලිකව නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බව පැවසෙනවා.


Jun
2

දිවයිනේ සියලු තැපැල් හා උප තැපැල් කාර්යාල හෙට සිට විවෘත වෙයි

Generic placeholder image

දිවයිනේ සියලු තැපැල් හා උප තැපැල් කාර්යාල හෙට සිට විවෘතව තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ ඖෂධ බෙදා හැරීම් ඇතුලු සීමිත රාජකාරි සදහායි. වැඩි දුර විස්තර සදහා 1950 කෙටි දුරකථන අංකය අමතා තොරතුරු දැනගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.


Jun
2

ධීවරයින්ට අනතුරු ඇගවීමක්

Generic placeholder image

පානදුර සිට කොච්චිකඩේ දක්වා වෙරළ තීරයන්ට ආසන්න මුහුදේ ධීවර කටයුතු වලින් ඉවත් වන ලෙසට ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ගිනිගත් නෞකාව මුහුදුබත් වීමේ අවදානම සැලකිල්ලට ගෙනයි. එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව අද දිනය තුළ මුහුදේ ගිලියාමට හැකි හෙයින් යාත්‍රාවේ ඇති ඉන්ධන ඇතුළු අපද්‍රව්‍ය මෙන්ම දැවී ගිය කන්ටේනර්වල යකඩ කොටස් මුහුදේ පාවී යාත්‍රාවල ගැටීමේ අවදානමක් […]


Jun
2

X-PRESS PEARL නෞකාවේ එක් පැත්තක් මුහුදු පතුලේ ගැටෙයි – නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම නවතා දමයි

Generic placeholder image

X-PRESS PEARL නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කල අතර කෙසේ වෙතත් එම කටයුතු මේ වන විට නවතා ඇති බව නාවික හමුදාව සදහන් කරනවා. ඒ එම නෞකාවේ පිටුපස කොටස මුහුදු පත්ලේ ගැටීමත් සමඟයි.


Jun
2

ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යන X-PRESS PEARL නෞකාවේ ගුවනින් ලබාගත් නවතම ඡායාරූප කිහිපයක් මෙන්න

Generic placeholder image

ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යන X-PRESS PEARL නෞකාවේ ගුවනින් ලබාගත් ජායාරුප කිහිපයක් ලැබී තිබෙන අතර මෙම නෞකාවේ නිරීක්ෂන කටයුතු සදහා රී ලංකා ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටරයක් යොදවා තිබෙනවා. එයින් ලබාගත් ජායාරුප කිහිපයක් පහතින්,


Jun
2

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2,877ක් අලුතින් හදුනා ගත් අතර ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් . එම ගණන 654ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් රාගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන අතර එම ගණන 59ක්.


Jun
2

චීනයේ නිෂ්පාදිත Sinovac එන්නතට හදිසි භාවිතය සදහා who අනුමැතිය හිමිවෙයි

Generic placeholder image

චීනයේ නිෂ්පාදිත Sinovac කොරෝනා මර්දන එන්නත, හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබෙනවා.


Jun
2

ගිනි ගැනීමට ලක් වූ නෞකාව නිසා වෙරළ තීරයට ගොඩගසා ඇති සුන්බුන් ඉවත්කිරීමට ගුවන් හමුදාවේ සහය ( photo )

Generic placeholder image

ගිනි ගැනීමට ලක් වූ x press parl නෞකාව නිසා මෙරට වෙරළ තීරයට ගොඩගසා ඇති පිළිස්සුණු බහාලුම් සහ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු සඳහා ගුවන් හමුදාවේ සහය හිමිව තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේත් මීගමු වෙරළට ගොඩගැසූ පිළිස්සුණු බහාලුම් සහ සුන්බුන් ඉවත් කිරීම සදහා ගුවන් හමුදා භට කණ්ඩායමක් ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ උපදෙස් මත යෙදවීමට පියවර […]


Jun
2

කොළඹට ඇතුළුවන මාර්ග කිහිපයක රථවාහන තදබදයක් හටගනී

Generic placeholder image

කොළඹට ඇතුළුවන මාර්ග කිහිපයක මේ වනවිට රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලීසිය සදහන් කරනවා. ඒ වාහන පරීක්ෂණ සිදු කරන ස්ථාන වල කොළඹට ඇතුළුවන වාහන සදහා විශේෂ ස්ටිකරයක් ඇලවීමේ වැඩපිළිවෙළ හේතුවෙන්.


Jun
2

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම ඇරඹෙයි

Generic placeholder image

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වන්නේ. නෞකාවේ පිටුපස කොටස මුහුදේ ගිලෙමින් පවතින බව ද පැවසෙනවා. ගලවා ගැනීමේ සමාගමේ නියෝජිතයින්ට පහසුකම් සැලසීමට නාවික හමුදා වි⁣ශේෂ කණ්ඩායමක් ද නෞකාවට ඇතුළු වී ඇති බව වාර්තා වෙනවා.


Jun
2

ඊයේ දිනයේ කොරෝනා මරණ 01ක් – සමස්ත මරණ ගණන 1527ක් දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ දිනයේ කොරෝනා ආසදිතව එක් මරණයක් සිදුව ඇති අතර ඉකුත් මැයි 20 වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුල කොරෝනා මරණ 43 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1527 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jun
2

කොළඹට ඇතුළු වන වාහනවලට විශේෂ ස්ටිකරයක්

Generic placeholder image

අත්‍යාවශ්‍ය සේවාවන් සදහා කොළඹ නගරයට ඇතුළු වන වාහන පරීක්ෂා කිරීමෙන් පසු එක් දිනකට පමණක් වලංගු වන ලෙස විශේෂ ස්ටිකරයක් හඳුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඊට හේතු වන්නේ මේ සංචරණ සිමා කාලය තුල එකම වාහනය නැවත නැවත පරීක්ෂා කිරීම වැළක්වීම සදහායි. ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන වාහන […]


News Articles
Latest Videos
Most Popular Post