News Line| Off Air
Generic placeholder image

May
6

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1939 දෙනෙකු හඳුනා ගැනුණා. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 498 කි. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 387 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 377 ක් ලෙස වාර්තා වී තිබෙනවා.


May
6

බස්නාහිර පළාතේ ආයතන හදිසි පරීක්ෂාවකට ලක් කෙරේ

Generic placeholder image

බස්නාහිර පළාත තුළ ඊයේ සවස 4 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර එහිදී කායවර්ධන මධ්‍යස්ථාන, කොණ්ඩා කැපීම් සහ සැකසුම් ස්ථාන, රූපලාවන්‍යාගාර, වාහන අලුත්වැඩියා සිදුකරන ස්ථාන, ඇඳුම් පිරිසිදු කරන ස්ථාන සහ විවිධ සේවා සපයන ස්ථාන හදිසි පරික්ෂාවකට ලක් කෙරුණ


May
6

දුම්රිය ගමන්වාර සංඛ්‍යාව ඉදිරියේදී ඉහළ දැමීමට පියවර

Generic placeholder image

මේ වනවිට දෛනිකව ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව දක්වා අඩු කර තිබෙන අතර එපවතින කොරෝනා වෛරස තත්වය හමුවේ මගී ජනතාව අඩු වීම හේතුවෙන්. එහෙත් දෛනිකව ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව ඉදිරියේදී 60 ත් 65 ත් දක්වා වැඩි කිරීමට අවධානය යොමු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව ලබන සඳුදා සිට දුම්රිය 03 ක් ධාවනයට […]


May
6

ස්පුට්නික් එන්නත්කරණය අද සිට

Generic placeholder image

ස්පුට්නික් එන්නත ලබා දීම අද සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා. ඒ අනුව රෝගීන් වැඩි වශයෙන් හමුවන කොලොන්නාව, ගොතටුව යන ප්‍රදේශයේ ජනතාවට පළමුව මෙම එන්නත ලබාදීමට කටයුතු කරන බවයි ඒ අමාත්‍යවරිය වැඩි දුරටත් සදහන් කලේ.


May
6

ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම්

Generic placeholder image

ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම, වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරනවා. ඒ සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් මතයි.


May
6

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 14ක් වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 734කි.


May
6

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

තවත් දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කල බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව , නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයට අයත්ආනන්දකුලම් ග්‍රාම නිලධාරී වසමේ පිහිටි සුභත්‍රා ලංකා මාවත ප්‍රදේශය


May
5

අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 1259ක් වාර්තා වෙයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,259 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට මේ වන විට හදුනාගෙන ගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 116,849ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


May
5

ගුරු විද්‍යාල අවසන් විභාගය දින නියමයක් නොමැතිව කල් යයි

Generic placeholder image

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය – 2020 (2021) දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා. අදාල විභාගය 2021.05.10 දින සිට 2021.05.21 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබුණ අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, දිවයිනේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත විභාගය කල් දැමීමට තීරණය කළ බවයි.


May
5

බැඳුම්කර නඩුව ජුනි මස 07 වනදා කැඳවන ලෙසට නියෝග

Generic placeholder image

2015 වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688කට අධික බැදූම්කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුනි මස 07 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියෝග කර තිබේ. මෙම නඩුව […]


May
5

නීතිපති සිය ධූර කාලය තුළ අපරාධ නඩු 27,206ක කටයුතු අවසන් කරයි

Generic placeholder image

නීතිපතිවරයා විසින් පසුගිය දෙවසර තුළ අපරාධ නඩු 27,206ක් සම්බන්ධයෙන් කටයුතු නිමකළ බව නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කරනවා.2019 මැයි මාසයේ සිට 2021 මැයි මාසය දක්වා නීතිපතිවරයාගේ ධූර කාලය තුළ එම කටයුතු නිමකර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සදහන් කලේ.


May
5

ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් හා මරණ වාර්තාගත ලෙස ඉහළට

Generic placeholder image

ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් හා මරණ වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය පැය 24 තුළ ආසාදිතයින් 382,691 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,786ක්. මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන දෙකෝටි 65 ලක්ෂ 8234ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 226,169කි.


News Articles
Latest Videos
Most Popular Post