News Line| Off Air
Generic placeholder image

Apr
12

බස්නාහිර පළාතේ සිදු කල විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 900කට අධික පිරිසක් අල්ලයි

Generic placeholder image

බස්නාහිර පළාතේ සිදු කල විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 900කට අධික පිරිසක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.ඊයේ (11) උදෑසන 10.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ සිදු කල විශේෂ මෙහෙයුමකින් මෙම පිරිස අත් අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කරන්නේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත මෙම විශේෂ මෙහෙයුම සිදු […]


Apr
12

තම බිරිදව වෙනත් පුද්ගලයෙකුට මිතුරු කර දීමට වශී ගුරුකමක් කලැයි කට්ටඩියෙකුව ඝාතනය කෙරේ

Generic placeholder image

තම බිරිදව වෙනත් පුද්ගලයෙකුට මිතුරු කර දීමට වශී ගුරුකමක් කලැයි පුද්ගලයෙක් විසින් 43 හැවිරිදි කට්ටඩියෙකුව ඝාතනය කර තිබෙනවා. අදාල වශී ගුරුකම සිදු කල කට්ටඩියා සන්නස්ගම පාළුගම්පොළ ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර එම ඝාතනය වී ඇත්තේ කට්ටඩියා පදිංචි නිවසේ දීය. ඝාතනය කල සැකකරු මේ වන විට පැල්මඩුල්ල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිලිබදව […]


Apr
12

සියලුම බැංකු අද විවෘතයි

Generic placeholder image

අද රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණද එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර සිටිනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ “10,11 සෙනසුරාදා නිවාඩුවක් තිබුණේ ඒ වාගේම 13, 14 අවුරුද්දට නිවාඩු තියෙන නිසා සඳුදා විතරයි මැද දවසක් වශයෙන් රජයේ කාර්යාල වැඩකරන දිනයක් විදිහට […]


Apr
12

හෙට සහ අනිද්දා කාර්යාල දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වෙයි

Generic placeholder image

අලුත් අවුරුදු උත්සව සමය තුළ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 30 කට ආසන්න දුම්රිය ගමන් වාර සංඛ්‍යාවක් මෙලෙස අවලංගු වෙනු ඇති. එසේ වුවද උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවා එලෙසම ක්‍රියාත්මක වන බවද එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.


Apr
12

නොසැලකිලිමත් ලෙස අධිවේගයේ ගමන් ගිය මෝටර් රථයේ හිමිකරු හදුනාගැනේ

Generic placeholder image

කඩවත සිට මාතර දක්වා දිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරනු ලැබූ මෝටර් රථයක ගමන් කළ තරුණයින් පිරිසකගේ නොසැලකිලිමත් හැසිරීමක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙමින් පවතිනවා. මෝටර් රථයක ගමන් කළ තරුණයින් පිරිසක් එම වාහනයේ දොර කවුළු මත හිඳගෙන එලෙස අනාරක්ෂිත ලෙස ගමන්කරන අයුරු එම විඩියෝවේ දැක්වෙනවා. තර්‍රුණයන් පිරිසක් ගමන් කල මෙම රථයේ මුල් […]


Apr
12

ජා ඇල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අල්ලයි

Generic placeholder image

ජා ඇල, නිවන්දම ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 13ක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ දිනයේ සිදු කල වැටලීමකදී මෙලෙස මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබෙනවා.


Apr
12

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග […]


Apr
11

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් ගණන වාර්තාගත ලෙස ඉහළට

Generic placeholder image

ඉන්දියාව තුල තුල තවදුරටත් කොරෝනා වෛරයේ ව්‍යාප්තිය හේතු කොටගෙන එරටින් හමුවන ආසාදිතයින් ගණන වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුල නව ආසාදිතයින් 145,384 දෙනෙකු හදුනාගෙන තිබෙන අතර වාර්තා වී ඇති මරණ ගණන 794 ක් ද සිදුව තිබෙනවා.


Apr
11

මෝටර් රථයක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

Generic placeholder image

මෝටර් රථයක් තුළ රියැදුරු අසුනේ මියගොස් සිටින පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද උදෑසන හමුවී ඇති බව වාද්දූව පොලීසිය සදහන් කරනවා. අදාල පුද්ගලයා ඊයේ රාත්‍රියේ නිවසට පැමිණෙමින් සිට ඇති බවයි පවුලේ පිරිස දැනුම් දෙන්නේ. කෙසේ වෙතත් මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය පිලිබදව පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


Apr
11

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 58හැවිරිදි වියෙහි පසුවූවා.


Apr
11

පන්දහසේ දීමනාව ගැන නව චක්‍ර ලේඛනයක්

Generic placeholder image

අඩු ආදායම්ලාභී සහ සමෘද්ධිලාභී පවුල් වෙත උත්සව සමය වෙනුවෙන් රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට තීරණයකර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කල අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මෙම දීමනාව ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒම දීමනාවට අදාලව ප්‍රතිලාභී පවුල් නිර්වචනය කෙරෙන චක්‍ර ලේඛනයක් නිකුත් කර තිබෙනවා. මුදල් […]


Apr
11

රජයේ නිවාඩු දිනයක් වුවද හෙට සියලු බැංකු විවෘතයි

Generic placeholder image

හෙට රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණද එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවා. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා, සදහන් කලේ “10,11 සෙනසුරාදා නිවාඩුවක් තිබුණේ ඒ වාගේම 13, 14 අවුරුද්දට නිවාඩු තියෙන නිසා සඳුදා විතරයි මැද […]


News Articles
Latest Videos
Most Popular Post