දින 06 ක් පුරා සුවස් ඇළ මාර්ගයේ සිර වී තිබු එවර් ගිවන් නෞකාව මේ වන විට නියමිත ගමන් මාර්ගයට යොමු කිරීමට මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරත වූ කණ්ඩායම් වලට හැකිව තිබෙන බව වාර්තා වෙනවා. තවත් පැයක පමණ කාලයකින් පසු එම නෞකාව අදාල නියමිත ගමන් මාර්ගයට ප්‍රවිෂ්ට කිරීමට හැකියා ඇති බවයි වාර්තා වන්නේ.
වෙලේවතුගොඩ දිගනවෙල ඇල්ලේ දිය නාමින් සිටි 17 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. ඊයේ දහවල් මෙම අනතුර සිදුව ඇති අතර මේ වන විට දියේ ගිලුණු තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු හමුව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නගරය දින තුනක කාලයක් සඳහා සම්පුර්ණයෙන් වසා තැබීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. මේ අනුව අද පස්වරු 5.00 සිට බ්‍රිස්බෙන් නගරය මෙලෙස සම්පුර්ණයෙන් වසා දැමෙනු ඇති. ඒ කොරෝනා ආසාදිතයින් 07 දෙනකු එම නගරය තුල හමුවීම හේතුවෙන්.
වැලිගම මුහුදු වෙරළේ තිබී මියගිය කැස්බෑවන් දෙදෙනෙකුගේ සිරුරු හමුවී තිබෙන බව වාර්තා වෙනවා. බිත්තර දැමීමට පැමිණි කැස්බෑවුන් දෙදෙනෙකු මසුල් අල්ලන දැල්වල පැටලී මෙලෙස මිය ගොස් ඇති බවයි වන ජීවී නිලධාරීන් සදහන් කරන්නේ.
බස්නාහිර පළාත ඇතුළු සමස්ත දිවයිනේ සියලු පාසල් අද (29) ආරම්භ වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට යටත්ව මෙම ආරම්භ කිරීම සිදුවන අතර සියලු පාසල්වලට කොවිඩ්-19 වසංගතය හමුවේ ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අඳාළ උපදෙස් නිකුත් කර තිබේ. 2021 වර්ෂය සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත […]
ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරනවා. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 561ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වේවැල්දෙණිය මංසන්ධියේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.
සබරගමුව, දකුණු, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. උතුරු ,උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. ගිගුරුම් […]
ඊයේ රාත්‍රී 7.00 ට පමණ සිදුවූ අනතුරකින් අවිස්සාවේල්ල, වෙරලුපිටිය ප්‍රදේශයේදී මැණික් පතලක් තුළ සිර වී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. පැවැති වර්ෂාවත් සමග පතල තුළ විදුලිය විසන්ධි වී ඇති අතර ඒත් සමගම පතල තුළට ගොස් […]
ඊයේ ඉත්තිකුලම් වැවේ දිය නෑමට ගිය දරුවන් තිදෙනෙකු අතරින් එක් දරුවෙකු ව කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදහන් වී ඇති බවට වාර්තා වෙනවා.මේ වන විට අතුරුදහන් වූ දරුවා සොයා මෙහෙයුම් සිදුකරන බවයි දුරටත් වාර්තා වන්නේ.
මැදින් පුර පසළොස්වක පොහොය අදට යෙදී ඇත. මැදින් පුර පොහොය දිනය යෙදෙන අද දිනයේ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුව තිබේ. බුද්ධත්වයෙන් පසු පළමු වරට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උපන් බිම වූ කිඹුල්වත්පුරයට වැඩම කිරීම අද වැනි පොහෝ දිනයකදී සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි. කිඹුල්වත්පුර ගමනේදී නන්ද කුමරු සහ රාහුල කුමරු පැවිදි කිරීම ද […]
එළඹෙන 31 වැනිදා චීනයේ සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබීමට නියම්තව බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා.