News Line| Off Air
Generic placeholder image

Nov
10

ඇමෙරිකානුවන් සියලු දෙනා මුඛ ආවරණ පළඳින්නැයි එරට නව ජනපතිගෙන් අවවාදයක්

Generic placeholder image

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් නව ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන් සිය අමෙරිකානු ජනතාවට සදහන් කරන්නේ සියලු දෙනා මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය බවයි. ජෝ බයිඩන් විසින් කොරෝනා මර්දන කාර්ය සාධක බලකායක් නම් කිරීමට නියමිතව තිබෙන අතර තමාගේ පලමු කාර්ය වන්නේ කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යප්තියට එරෙහිව කටයුතු කිරීම බවයි පැවසෙන්නේ.


Nov
10

12 හැවිරිදි පාසල් සිසුවියකටත් කොරෝනා

Generic placeholder image

12 හැවිරිදි පාසල් සිසුවියකට කොරෝනා ආසාදිත බව ඊයේ හදුනාගෙන තිබෙනවා. මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි එම දැරියට කොරෝනා ආසාදිත බව හදුනාගෙන ඇත්තේ අහඹු ලෙස ගත් පුද්ගලයින් 163කට සිදුකළ PCR පරික්ෂනයකදීය. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලේ ආසාදිතයෙකුගෙන් නිවසේ පැවැති දානමය පිංකමකට මෙම දැරිය සම්බන්ධ වී තිබෙන අතර එහිදී ඇයට මෙම වෛරසය ආසාදන වන්නට ඇති බවයි වාර්තා වන්නේ.


Nov
10

ළමා රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනකුටත් කොරෝනා

Generic placeholder image

ළමා රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනකුට හා හෙදියන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. මේ වන විට එම පිරිස ප්‍රතිකාර සදහා යොමු කර තිබෙන අතර ඔවුන්ගේ අශ්‍රිතයින් නිරෝධායනයට යොමු කර තිබෙනවා.


Nov
10

ගම්පහ හුදකලා කර ඇති ප්‍රදේශවලට අද විශ්‍රාම වැටුප ගන්න විශේෂ අවසරයක්

Generic placeholder image

හුදකලා කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස්බල ප්‍රදේශවල පදිංචි විශ්‍රාමික ජනතාවට සිය නොවැම්බර් මස විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා යාමට විශ්‍රාමික හැදුනුම්පත හෝ ජාතික හැදැනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසර දෙන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පොලීසියට දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම මස විශ්‍රාම වැටුප් දිනය යෙදෙන අද දිනයේ මෙන්ම […]


Nov
10

කොරෝනා නිසා මගී බස්රථ හිමියන්ට ලැබෙන සහනය මෙන්න

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන අරමුණු කර ගනිමින් බස් ධාවකයින්ට සහන ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2020 මාර්තු මාසයේ සිට පහත සදහන් ගාස්තු වලින් බස් ධාවකයින් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු , ලොග් පත්‍ර ගාස්තු , […]


Nov
10

ඇඳිරි නීතියයි හුදකලා නීතියයි අතර වෙනස ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

Generic placeholder image

මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබුවද තවදුරටත් පොලිස් බලප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගනු ලැබුවා. ඇදිරි නීතිය සහ ප්‍රදේශ හුදකලා කිරීම පිලිබදව ජනතාවට නිවැරදි පැහැදිලි කිරීමක් සිදු කිරීමට ඒ පිලිබදව ඇතුලත් විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. එම නිවේදනය පහතින්,


Nov
10

ඊයේ දිවයිනේ දිස්ත්‍රික්ක 12කින් ආසාදිතයින් වාර්තා වෙයි – වැඩිම කොළඹින්

Generic placeholder image

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 356 දෙනකු වාර්තා වූ අතර එයින් වැඩිම ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 193 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 99 ක් , කළුතරින් ආසාදිතයින් 28 ක්, රත්නපුරින් ආසාදිතයින් 8 , මහනුවරින් ආසාදිතයින් 7 ,මඩකලපුවෙන් ආසාදිතයින් 6 , කුරුණෑගලින් ආසාදිතයින් 04, මාතරින් ආසාදිතයින් 03 ගාල්ලෙන් ආසාදිතයින් 02 , අනුරාධපුර […]


Nov
10

ට්‍රම්ප් විසින් ආරක්ෂක ලේකම් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් නෙරපයි

Generic placeholder image

ඩොනල්ර්ඩ් ට්‍රම්ප් සිය ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල මාර්ක් එස්පර් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් නෙරපා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ වෙනුවට එම ධුරයේ වැඩබලන ආරක්ෂක ලේකම් ලෙස ක්‍රිස්ටෝපර් මිලර් පත් කර තිබෙනවා. මේ පිලිබදව අදහස් පල කරමින් ට්‍රම්ප් ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ” ඉහළ ගෞරවාදරයට පාත්‍ර වූ ක්‍රිස්ටෝපර් […]


Nov
10

ගම්පහ නිවසේදී මියගිය කාන්තාවටත් කොරෝනා

Generic placeholder image

ගම්පහ, දොරණාගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඉකුත් දා සිය නිවසේදී ම මිය ගිය පුවතක් වාර්තා වුණා. කාන්තාව හෘදරෝග තත්ත්වයකින් පෙළී ඇති බව අනාවරණය වී තිබෙන අතර කෙසේ වෙතත් ඇයගේ මෙම හදිසි මරණය පිලිබදව සිදු කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ ඇයද කොරෝනා ආසාදිත කාන්තාවක් බවයි. 63 වියෙහි පසු වූ මෙම මිය ගිය කාන්තාවගේ මරණය පිලිබදව […]


Nov
10

දිස්ත්‍රික්ක කිහිපියකට ඉතා තද වැසි – කාලගුණයෙන් රතු නිවේදන

Generic placeholder image

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, උතුර, උතුරුමැද, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි. ඒ අනුව උතුර, උතුරුමැද පළාත්වලට සහ ත්‍රිකුණාමලයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 300ට වැඩි ඉතා තද වැසි ද වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 […]


Nov
9

36 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

Generic placeholder image

මෙරට 36 වැනි කොරෝනා මරණය වාර්තා කරමින් 84 හැවිරිදි කාන්තාවක් අද මියගියා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, අදාළ කාන්තාව පෞද්ගලික රෝහලක සිට අයි.ඩීඑච්. රෝහල වෙත මාරුකර එවා ඇති අතර එහිදී ඇය මරණයට පත්ව ඇති බවයි. දීර්ඝ කාලයක් රෝගාතුරව සිට ඇති එම කාන්තාවගේ මරණයට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා නියුමෝනියා තත්ත්වයයි. ඒ අනුව එම මරණය […]


Nov
9

මෙරට ජනගහනයෙන් සියයට 20කට කොරෝනා එන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟත්වය පළ කරයි

Generic placeholder image

ශ්‍රී ලංකාව තුළ ජනගහනයෙන් සියයට 20කට කොරෝනා වෛසරය සඳහා වන එන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟත්වය පළකර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, එන්නත ලබා දීමට අදාළ කරුණු සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම, එන්නත ලබාදෙන පිරිස තීරණය කිරීම, ඊට අදාළ භෞතික සම්පත් කළමනාකරණය, තොරතුරු ලබා ගැනීම, […]


News Articles
Latest Videos
Most Popular Post