කොරෝනා වෛරසය ආසාදනය වීම වැළැක්විය හැකි එන්නතක් ජාත්‍යන්තර සමාගම් දෙකක් එක්ව සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ, අදාළ එන්නත මගින් ජනතාවගෙන් සියයට 90කට වෛසරය ආසාදනය වීම වැළැක්විය හැකි බවයි.
අඟුලාන පොලිස් වසමට අයත් අඟුලාන උතුර හා අඟුලාන දකුණ යන ග්‍රාම සේවා වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 14,000 ඉක්මවා ගියා. ඒ, තවත් ආසාදිතයින් 172දෙදෙනෙකු වාර්තා වීමත් සමගයි. කොඩිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, එලෙස හඳුනාගත් සියලු ආසාදිතයින් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන 14,101ක් දක්වා ඉහළ ගියා.
බස්නාහිර පළාතේ සහ හුදෙලකලා කර ඇති ප්‍රදේශවල ගර්භණී පොලිස් නිලධාරිනියන්ට සහ වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින පොලිස් නිලධාරිනියන්ට රාජකාරියෙන් තොරව නිවෙස්වල රැඳී සිටීමට අවසර හිමිව තිබෙනවා. රට තුළ පැතිර යන වසංගත තත්ත්වය හේතුකොට ගනිමින් මෙම අවසරය දී ඇත්තේ, වැඩබලන පොලිස්පතිවරයා විසින්.
බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, අද පස්වරුව වනවිට වැලිකඩ බන්ධනාගාරය, බෝගම්බර පැරණි බන්ධනාගාරය සහ මාතර බන්ධනාගාරය යන බන්ධනාගාරවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 109ක් බවයි.
කුරුණෑගල සහ කුලියාපිටියේ පොලිස් වසම් කිහිපයක් හැර සෙසු සියලු ප්‍රදේශ හුදෙකලා තත්ත්වයෙන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව කුරුණෑගල මහනගර සීමා බල ප්‍රදේශයේ ඉලිප්පුගෙදර සහ කඩවීදිය යන ග්‍රාම නිලධාරී වසම් හැර අනෙක් සියලු ප්‍රදේශ හුදෙකලා තත්ත්වයෙන් මුදා හැර තිබෙනවා. එමෙන්ම කුලියාපිටිය පොලිස්බල ප්‍රදේශයේ ගලගෙදර, හම්මලව සහ ඉහළ කළුගොමුව […]
චීනයේ ෂැන්හයි ප්‍රදේශයේ පිහිටි පෞරාණික ගොඩනැගිල්ලක් ඇවිදින ආකාරයක අත් දැකීමක් පසුගියදා එම ප්‍රදේශයේ ජනතාවට දකින්නට හැකි වුණා.මෙම ගොඩනැගිල්ල නවීන රොබෝ තාක්ෂනය යොදා ගෙන තිබෙන ස්ථානයේ සිට වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම සදහා මෙලෙස ක්‍රියා කර තිබෙනවා. මේ සදහා ගොඩනැගිල්ලේ යට අඩිතාලම රොබෝ තාක්ෂණයෙන් එහා මෙහා කළ හැකි පාද 200ක් පමණ පිහිටුවා අදාල ගොඩනැගිල්ල ඔසවා ගෙන ගොස් […]
ප්‍රවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුවා . මා ළඟටම තව ලංවෙලා, මහ වැස්සට පෙර, තිසර තුඩට, හිත නාඳුන්න කිරිල්ලි යන ගීත රැසක් ඔහු ගායනයෙන් හැඩ කල ගීත අතර වෙනවා.
කොළඹ වරායේ පෞද්ගලික සමාගමක සේවය කල තරුණයෙකු විසින් තමාට කොරෝනා ආසාදිත බව දැන දැනම සිය පෙම්වතියගේ නිවසට ගොස් ඇති පුවතක් ආනමඩුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙම පුද්ගලයා දින තුනකට පෙර කොළඹ දී pcr පරීක්ෂණයක් සිදු කර නැවත නිවස බලා පැමිණ තිබෙනවා. එහිදී එහි වාර්තාව අනුව ඔහු කොරෝනා ආසාදිත බව දැන ගැනීමත් සමග කොරෝනා බව දැන දැනම […]
කොහිලවත්තේ පදිංචි කාන්තාවක් පසුගිය දා කොළඹ ජාතික රෝහලේ දී හෘද රෝගයක් හේතුවෙන් මිය ගොස් තිබෙන අතර පසුව මියගිය කාන්තාව පී.සී.ආර්. පරික්‍ෂණයට ලක්කිරීමේ දී ඇයට කොරෝනා ආසාදිත බව හදුනාගෙන තිබෙනවා. ඉන් අනතුරුව අදාල මිය ගිය කාන්තාව පදිංචි නිවසේ පිරිසද pcr පරීක්ෂණ සිදු කර තිබෙන අතර එයින් නිවසේ 07 දෙනකුට ම කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව […]
කඨින පිංකම් සමයේ මහජනතාව අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් ඇතුළත් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා භික්ෂූන් වහන්සේ මෙන්ම සියලු දායක දායිකාවන්ගේ විශේෂ මැදිහත් වීම අත්‍යාවශ්‍යය බවයි. එම උපදෙස් ඇතුළත් නිවේදනය පහතින් :
රජයේ සහ අනුමත පාසල් මේ මස 23 වැනි දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා. සෑම පාසලකම ධාරිතාවෙන් හරි අඩක් පමණක් ගෙන්වා ගනිමින් නිසි සෞඛ්‍ය ක්‍රමවේද යටතේ පාසල් පද්ධතිය යලි ආරම්භ කිරීමට පියවර ගත යුතු බව අදාල බලධාරීන්ට අධ්‍යපන අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබෙනවා.