මෙම වසරේ පසුගිය මාස 06 පුරා මහ ජනතාව විසින් සිය ස්වර්ණාභරණ උකස් තබා වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවලින් ලබාගෙන තිබෙන සමස්ත ණය මුදල බිලියන 643ක් බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා සදහන් කරනවා. මිට සපෙක්ෂව රන් මිලද වෙළෙදපොලේ වටිනාකම ඉහල ගොස් තිබුණ හෙයින් රන් ණය සඳහා ලබාදෙන මුදල මෑත කාලීනව සැලකිය යුතු ලෙස ඉහළ ගියා […]
නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශවල ජනතාවට රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා ගැනීම සඳහා පෝළිමේ රැඳී සිටි කාන්තාවක් හදිසියේ මියගොස් තිබෙනවා. කටාන, කදිරාන ග්‍රාම නිලධාරී කාර්යාලය අසල පෝළිමේ සිටියදී ඇද වැටීමෙන් අදාළ කාන්තාව එලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අංශ අදාළ නිලධාරීන්ට දන්වා තිබෙනවා. […]
නාගොඩ රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රවාහනය සිදුකළ ලංගම බස් රථයේ රියදුරෙකු කොරෝනාවට බියෙන් නිවස ඉදිරිපිට මාර්ගය අසල රබර් ගසල ගෙළ වැලලාගෙන මියගොස් තිබෙන පුවතක් අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. අදාල මියගිය රියදුරාගේ බිරිද පවසන්නේ ඔහු වැඩ කරන ලද බස් රථයේ කොරෝනා අසාදිතයෙකු සිට ඇති බව පැවසු නිසා හැම තිස්සේම කොරෝනා ගැන කියවමින් වැඩට යෑමට බියේද පසු වූ […]
පසුගිය ඇමෙරිකානු ජනපතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිරය හැර යාමෙන් පසු ඔහුගේ බිරිඳ එනම් මෙලනියා ට්‍රම්ප් ද සිය සැමියාගෙන් වෙන් වීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මීට පෙරද සිය සැමියා වන ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් දික්කසාද වීමට මෙලනියා ට්‍රම්ප් තීරණය කර තිබුනද 2016 වර්ෂයේදී පැවති ජනාධිපතිවරණය ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගැනීමෙන් පසු […]
ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිරය හැරගිය පසු ඔහුගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් සිය සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මින් පෙර ඇමරිකාවේ පැවති ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් ජයගැනීමත් සමග මෙලනියා ට්‍රම්ප් සිය මිතුරියකට පවසා තිබුණේ, සිය ස්වාමිපුරුෂයා ජනාධිපතිවරණය ජයගනු ඇති බවට තමන් කිසි විටෙක බලාපොරොත්තු නොවූ බවයි. […]
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 14,000 සීමාවට ආසන්න වී තිබෙනවා. ගත වූ පැය 24 තුළ මෙරටින් ආසාදිතයින් 510 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදියින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,929ක් ලෙසයි. එමෙන්ම මෙරට 35 වැනි කොරෝනා මරණය වාර්තා කරමින් 78 හැවිරිදි පුද්ගලයෙකු මියගිය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා. අද උදෑසන වනෙවිට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා […]
අද පෙරවරු 5.00 සිට බස්නාහිරට පනවා තිබු ඇදිරි නිතිය ඉවත් කරනු ලැබුවා. එසේ වුවත් පොලිස් බල ප්‍රදේශ 25ක් තවදුරටත් හුදකලා කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව එම හුදකලා ප්‍රදේශ වල සිටින ජනතාවට එම ප්‍රදේශයෙන් පිටව යෑමට නොහැකි අතර තවත් අයෙකුට එම ප්‍රදේශයන්ට ඇතුළු වීමට අවසර හිමි නොවේ. අතවශ්‍ය සේවා පවත්වා ගෙන යෑම පිලිබදව කටයුතු කල […]
නිවසේ තනිව ස්වයං නිරෝධායනය ලක් වෙමින් සිටි කාන්තාවක් සිය දිවි නසා ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මෙම මහළු කාන්තාව නිවසේ තනිව සිට ඇති අතර ඇයගේ පවුලේ දියණියගේ ස්වාමිපුරුෂයා ට හා ඔහුගේ දියණියට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව තහවුරු වීම නිසා පවුලේ අනෙකුත් පිරිස නිරෝධායනයට යොමු කර තිබෙන අතර ඒ අනුව පවුලේ පිරිසක් නිරෝදායන මධ්‍යස්ථාන […]
තවත් නව ආසාදිතයින් 277 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 510ක්.
මෙරට 35 වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. 78 හැවිරිදි පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කරනවිට මියගොස් සිට ඇති අතර ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වීම සමග ඇති වූ හෘදයාබාධයක් මරණයට හේතුව ලෙස හඳුනාගෙන ඇති බව […]
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩලවල සේවකයින්ට සහ අත්‍යාවශ්‍යය සේවා සැපයෙන ආයතනවල සේවකයින්ට හුදෙකලා කර ඇති ප්‍රදේශ වෙත පිවිසීමටත් ඉන් පිට වීමටත් අවසර හිමි වන බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ, ඇඳිරි නීති බලපත්‍ර භාවිත කරමින් නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව එම ප්‍රදේශවලට ඇතුළු වීමට හා පිට වීමට අවසර හිමි වන බවයි.
හෙට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව හුදෙකලාකර ඇති ප්‍රදේශවල ජනතාව සිය නිවෙස්වලම රැඳී සිටිය යුතු අතර එම ප්‍රදේශවලට අදාළ කාල සීමාව තුළ ඇතුළු වීම හෝ පිටවීම හෝ ඒ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා. එමෙන්ම හුදෙකලාකර ඇති ප්‍රදේශ හරහා පොදු ප්‍රවාහන සේවා […]