මේ වන විට බොරැල්ල පොලිසියේ තවත් පොලිස් නිලධාරීන් 41 දෙනකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ කරන ලද pcr පරීක්ෂණ ප්‍රතිපල මතයි. මිට පෙර ද බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 18 දෙනකු කොරෝනා රෝගීන් ලෙස හදුනා ගත් අතර මේ වන විට එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 59 කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඇඳිරි නීති බලපත්‍ර තුනක් අලෙවි කළ පුද්ගලයෙකු බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, කුලී රථ සේවා සපයන පෞද්ගලික ආයතනයක් සදහා නිකුත් කර තිබූ ඇදිරිනීති බලපත්‍ර, අදාළ පුද්ගලයා වෙනත් පිරිසකට මෙලෙස අලෙවි කර ඇති බවයි. සැකකරු රුපියල් දොලොස්දහසක මුදලකට එම බලපත්‍ර අලෙවි කර ඇති බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.
නිව්යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවිය නිකුත් කර තිබූ ඇමරිකානු ජනාධිපතිවරණයේ ආසන්නතම ඡන්ද ප්‍රතිඵල සටහන පහතින් :
පානදුර කේතුමතී කාන්තා රෝහලේදී මිය ගිය බිලිදියකගේ සහ බිලිඳකුගේ මළ සිරුරු දෙකක් මාරු වී යාමේ පුවතක් වාර්තා වෙනවා. ඒ ඉපදී පැය කිහිපයක දී මියගිය බිලිඳියකගේ මළ සිරුරක් හා උපතේදීම මියගිය තවත් බිලිඳකුගේ මළ සිරුරක්. මේ අනුව උපතේදීම මියගිය බිලිදාගේ මළ සිරුර පිලිබදව පශ්චාත් මරණ පරික්ෂණයක් අවශ්‍ය නොවන බව එම දෙමවුපියන් පැවසීම නිසා ඔවුන් සිය බිලිදාගේ […]
මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ pcr පරීක්ෂණ සිදු කර සිටින සියලු දෙනා එහි ප්‍රතිපල ලබෙන තෙක් නිවෙස් වලටම වී රැදී සිටින ලෙසට විශේෂ ඉල්ලීමක් බලධාරීන් විසින් සිදු කරනු ලබනවා. එසේ නොවුනහොත් ඉදිරිය භායනක බවද පවසන අතර විශේෂයෙන්ම මෙලෙස pcr සිදු කරනු ලැබූ පුද්ගලයින් සිවුදෙනකු පමණ ප්‍රතිපල ලැබෙන තෙක් නොසිට නැවත ධිවර වාරයන්වලට ගොස් තිබෙන බවයි […]
ඇමරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නිල ෆේස්බුක් ගිණුමේ දැවැන්ත ජයග්‍රහණයක් පිළිබඳ සටහනක් තබා තිබෙනවා. එමනේම අද රාත්‍රී ප්‍රකාශයක් කරන බව ද එම පණිවිඩයේ සඳහන් කර තිබුණා.
හොරණ මාස් බොඩිලයින් ආයතනයේ තවත් සේවකයන් 23 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ එම ආයතනයේ සේවකයින් 450 කට සිදු කරනු ලැබූ pcr පරීක්ෂණ ප්‍රතිපල මතයි. මිට පෙරද එම ආයතනයෙන් කොරෝනා ආසාදිතයින් 34 දෙනකු වාර්තා වී තිබුණු අතර ඒ අනුව එම ආයතනයේ මේ වන විට හමු වී තිබෙන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන […]
නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවර මෙට්‍රෝ දුම්රිය ස්ථානයක ගමන් කරමින් තිබු දුම්රියක් එම ධාවන පථ කඩාගෙන ගොස් ඒ අසල තිබුණු විශාල තල්මස්මුර්තියක් අසල ගැටී දුම්රිය නතර වී තිබෙනවා. එම තල්මස් මුර්තිය නිසා සිදු වීමට ගිය විශාල දුම්රිය අනතුර වැලකි තිබෙන බව වාර්තා වෙනවා. එසේ නොවුනානන් දුම්රිය පහල ජලාශයකට වැටිමට ඉඩ තිබෙන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.
තොග වෙළඳාම් කටයුතු සඳහා කොළඹ ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් අද යළි විවෘත කෙරුණා. එලෙස විවෘත කෙරුණේ, බෝකුන්දර, රත්මලාන, මීගොඩ ,වේයන්ගොඩ සහ නාරාහේන්පිට යන ආර්ථික මධ්‍යස්ථානයි. කෙසේ වෙතත් එම ආර්ථික මධ්‍යස්ථානවල සිල්ලර වෙළඳාම් කටයුතු සිදු නොවන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. අදාළ ආර්ථික මධ්‍යස්ථාන මේ වනවිට විෂබීජහරණය කර ඇති අතර සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදිමින් ආර්ථික මධ්‍යස්ථාන වෙත […]
පී.සී.ආර් පරීක්ෂණ සිදු වීමේ ප්‍රමාදයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ, එම ප්‍රමාදය කඩිනමින් නිවැරදි කර නොගතහොත් රට තවදුරටත් අවදානම් සහගත විය හැකි බවයි. පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු පිළිබඳ සොයා බලා ඒවා වැඩිදියුණු කිරීමට කඩිනම් පියවර ගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවමින් පෙන්වා […]
ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරඟ වදින ජෝ බයිඩ්න් පෙරමුණේ පසුවන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරනවා. මේ වනවිට ප්‍රාන්ත 50න් 31ක ප්‍රතිඵල නිකුත් වී අවසන් වන අතර කොට්ඨාස 192ක ජය හිමි කර ගැනීමට ජෝ බයිඩ්න් සමත්ව සිටිනවා. එමෙන්ම රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගෙන […]
පන්නල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන 24 හැවිරිදි තරුණියක් හදිස්සියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් දඹදෙණිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මිය ගිය පුවතක් ඉකුත් දා වාර්තා වුණා. එහිදී ඇයගේ හදිසි මරණය කොරෝනා මරණයක් ද යන්න අනාවරණය කර ගැනීම සදහා pcr පරීක්ෂනයක් ද සිදු කෙරුණා. කෙසේ වෙතත් එහි වාර්තා අනුව මිය ගිය මෙම තරුණියට කොරෝනා වෛරසය […]