News Line| Off Air
Generic placeholder image

Oct
31

ගත වූ පැය 24 තුළ ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක

Generic placeholder image

ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා ගත වූ පැය 24 තුළ දිස්ත්‍රික්ක 14කින් නව ආසාදිතයින් 633 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 264ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 162කු හඳුනා ගැනුණා. කළුතරින් නව ආසාදිතයින් 18 දෙනෙකු වාර්තා වී ඇති අතර මහනුවරි දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය ප්‍රදේශයෙන් […]


Oct
31

බස්නාහිරෙන් පැනපු කවුරුත් නෑ – ජනතාවගේ ආරක්ෂාව පිණිසයි එහෙම කිව්වේ

Generic placeholder image

ඉකුත් දා බස්නාහිර පළාතට ඇදිරි නීතිය පැනවීමට නියමිතව තිබු බ්‍රහස්පතින්දා දිනයේ බස්නාහිර පළාතෙන් පැන යෑමට පිරිසක් උත්සහ කල බව පැවසෙන වාර්තා ප්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කරනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙහෙයුමක් ක්‍රියාත්මක වුවත් එය සාර්ථක නොවූ බවත් හෝටල් හා ලැගුම්හල් පරික්ෂාවකට ලක් කරමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව කියූ කතාව […]


Oct
31

දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ඇමරිකාවෙන්

Generic placeholder image

පැය 24ක් තුළ හඳුනාගත් වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 101,461ක්. ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9,316,297ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම ඊයේ දිනය තුළ පමණක් ඇමරිකාවෙන් කොරෝනා මරණ 988ක් වාර්තා වූ අතර එරට සමස්ත මරණ ගණන දැක්වෙන්නේ 235,159ක් ලෙසයි.


Oct
31

නිරෝධායන නීති කඩකළ 39ක් අත්අඩංගුවට – කාදිනල් හිමියන්ගෙනුත් ඉල්ලීමක්

Generic placeholder image

නිරෝධායන නීති උල්ලංඝණය කළ 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, මුහුණු ආවරණ නොමැති, සමාජ දුරස්ථභාවය පවත්වා නොගත් පුද්ගලයින් 39 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. මේ අතර නිරෝධායන නීති පිළිපදිමින් කොරෝනා වසංගතය මැඩලීමට සෞඛ්‍ය අංශවලට සහය දක්වන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. සමාජය, රට, ලෝකය වෙනුවෙන් තමන්ට හිමි වගකීම […]


Oct
31

20 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

Generic placeholder image

මෙරට 20 වැනි කොරෝනා මරණය වාර්තා කරමින් 54 හැවිරිදි කාන්තාවක් ඊයේ මියගියා. එම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණේ, වමනය සහ දියවැඩියාව යන රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහායි. කෙසේ වෙතත් ඇයව පී.සී.ආර් පරීක්ෂණයකට ද යොමු කර තිබූ අතර එහි වාර්තාව ලැබී තිබුණේ, අද පෙරවරුවේයි. එම වාර්තාවට අනුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට […]


Oct
30

තවත් ආසාදිතයින් 319ක්

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 319 දෙනෙකු හඳුනාගනෙ තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවලින් 83 දෙනෙකු සහ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 236 දෙනෙකු එලෙස හඳුනා ගැනුණා. අද දවසේ මේ දක්වා හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 633ක්. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10, 424ක් දක්වා ඉහළ ගියා.


Oct
30

තවත් ආසාදිතයින් 314ක් – සමස්තය 10,000 ඉක්මවයි

Generic placeholder image

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දස දහසේ සීමාව ඉක්මවමින් තවත් ආසාදිතයින් 314 දෙනෙකු අද පස්වරුවේ වාර්තා වුණා. ඉන් 55 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් පුද්ගලයින් වන අතර ඉතිරි 259 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,105ක් දක්වා ඉහළ ගියා.


Oct
30

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනය විශ්වවිද්‍යාලයක් ලෙස ගැසට් කෙරේ

Generic placeholder image

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත අනුව එම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ, අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතායි. ඒ අනුව ලබන වසරේ මාර්තු මස පළමුවැනිදා සිට ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය ලෙසට වෙනස් වනු ඇති.


Oct
30

පී.සී.ආර්. කරන මුවාවෙන් නිවසක් කොල්ල කාලා

Generic placeholder image

පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යැයි පැවසූ පිරිසක් නිවසක් කොල්ල කෑ සිද්ධියක් මහව, කැත්තපහුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. තිදෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම තමන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බවත්, පී.සී.ආර් පරීක්ෂණ කිරීමට පැමිණි බවත් අදාළ නිවැසියන්ට පවසා ඔවුන්ට යම්කිසි ද්‍රවයක් පානය කිරීමට දී තිබුණා. ඉන් නිවැසියන් සිහි විසඥ වී තිබූ අතර කොල්ලකරුවන් නිවසේ තිබූ රන් භාණ්ඩ […]


Oct
30

වැල්ලම්පිටියෙන් ආසාදිතයෙක් – පී.සී.ආර්. ප්‍රතිඵල එන්න කලින් ගැබිනි භාර්යාව සමග කාසල් රෝහලටත් ගිහින්

Generic placeholder image

වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන ඇතැයි වාර්තා වනවා. අදාළ පුද්ගලයා ඇතුළු ඔහුගේ රැකියා ස්ථානයේ පිරිසක් පසුගිය දා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමට පෙර අදාළ පුද්ගලයා ප්‍රදේශ කිහිපයක ගොස් තිබෙනවා. ඔහු ප්‍රථමයෙන් ගොස් ඇත්තේ කාසල් රෝහලේ ගැබිනි මාතෘ සායනය වෙතයි. ඒ සිය ගැබිනි භාර්යාව සමඟින්. පසුව මීගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවස […]


Oct
30

ඇදිරි නීතිය අස්සේ කොළඹ හෝටලයක පැවති විවාහ උත්සවයක් පොලිසිය නවතයි

Generic placeholder image

මේ වන විට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැත්වෙමින් තිබු විවාහ මංගල්‍ය උත්සවයක් පොලිසිය විසින් නතර කිරීමට කටයුතු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කරනවා. මෙම විවාහ මංගල්‍ය උත්සවය 50 කගේ පමණ පිරිසක් සහභාගි වී තිබෙන බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් මෙලෙස ඇදිරි නිතිය පනවා තිබෙන මොහොතක […]


Oct
30

ඇදිරි නිතිය පනවා තිබෙන බස්නාහිර පළාතේ තෝරාගත් ඉන්ධන අලෙවි සැල් 157ක් ඇරෙයි

Generic placeholder image

මේ වන විට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබෙන බස්නාහිර පළාතේ තෝරාගත් ඉන්ධන අලෙවි සැල් 157 ක් අතවශ්‍ය සේවා හාවිතා කරන පිරිසගේ ප්‍රවාහන කටයුතු සිදු කිරීමේදී ඉන්ධන සපයා ගැනීම සදහා විවෘතව තැබීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන අලවිසැල් 62 ක් ද ,ගම්පහ දිස්ත්‍රික්කයේ 68ක් ද කළුතර දිස්ත්‍රික්කයේ ඉන්ධන […]


News Articles
Latest Videos
Most Popular Post