මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් හෙට(11) පැවැත්විමට නියමිතව තිබේ. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එහි නිලධාරින් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි. මේ අතර සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් ලබන අගහරුවාදා මැතිවරණ කොමිසමට කැදවා තිබේ. එහි දි මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
හෙට සිට තවත් සති දෙකක් යන තෙක් සාමාන්‍ය මගීන් ප්‍රවාහනයට පොදු ප්‍රවාහනය යොදා නොගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මගි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ලංගම හා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය හා බස්රථවලින් ප්‍රවාහන පහසුකම් සපයන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යවශ සේවා සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, ඌව, මධ්‍යම, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයන්ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සහ දකුණු පලාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි […]
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය තිබියදි ජන ජිවිතය හා ආයතනික ක්‍රියාකාරිත්වය හෙට(11) සිට යථාතත්වයට පත් කිරීමට නියමිතව තිබේ. එම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවා හෙට සිට විවෘත කර පවත්වා ගෙන යායුතු බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය. රාජකාරි සඳහා යළි සක්‍රීය වන ආයතන පවත්වාගෙන යාමේදී කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා […]
ඇදිරි නීතිය හේතුවෙන් ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ පති‍්‍රකා ගෙවීමට තවත් සහන කාලයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. අතිරේක දඩ මුදලකින් තොරව මෙම දඩ පති‍්‍රකා ගෙවීම සදහා පොලිස්පතිවරයාගේ එකගතාවයෙන් මුදල් අමාත්‍යංශ ලේඛම්වරයාගේ අනුමැතිය යටතේ මෙම සහන කාලය ලබා දීමට සැළසුම් කර ඇති බව සදහන්. ඒ අනුව ලබන 11 වනදා සිට 29 වනදා දක්වා මෙම සහන කාලය […]
හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් මහතා කොවිඩ් 19 වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ කොවිඩ් 19 වෛරසයෙන් මිය යන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු අඛණ්ඩව ආදාහනය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි. එම නිසා කොවිඩ් වෛරසයෙන් මිය […]
මැයි 11 වනදා සිට ජනජීවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළට අදාළව පොදු ස්ථාන හා රාජ්‍ය ආයතන විෂබීජහරණය මෙන්ම ඒවා සේවා සඳහා සූදානම් කිරීම මේ දිනවල සිදු කෙරෙනවා. ඒ අනුව අද(09) දිනයේ දී කොටුව දුම්රිය ස්ථානය පවිත්‍ර කිරීම හා විෂබීජහරණය සිදුකෙරුණා. කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණෙන ජනතාවගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම සඳහා වන […]
කොවිඩ් 19 මර්දන වැඩසටහනට අදාලව නව ජීවන රටාවක් පවත්වාගැනීම සදහා සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය විසින් පොදු ප‍්‍රවාහන භාවිතයේදී කළ යුතු දේ සහ නොකළ යුතු දේත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා සාප්පු යන විට කළයුතු දේ සහ නොකළ යුතු දේ පිලිබද දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා. එය පහත පරිදි වේ.
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 847 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 03 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.
ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 844 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අද දිනයේ නව ආසාධිතයින් 09 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. මේ වන විට මෙරටින් හමු වී ඇති ආසාධිතයින්ගෙන් 580 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගිය සංඛ්‍යාව 255 ක්. එමෙන්ම කොරෝනා ආසාධිතව මිය ගිය සංඛ්‍යාව 09 ක්.
කොටස් වෙළඳපොළ එළඹෙන 11 වන සඳුදා සිට විවෘත කිරීමට නියමිතව ඇති බව කොළඹ කොටස් වෙළඳපොළ නිවේදනය කරයි. කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කටයුතු මැයි 11 දින සිට යළි ආරම්භ කිරීමට ගෙන ඇති රජයේ තීරණයට අනුව කොටස් වෙළඳපොළ ද මෙලෙස විවෘත කිරීමට තීරණය කර තිබේ. මේ පිළිබඳව නිවේදනය කරමින් කොළඹ කොටස් […]
ඇදිරි නීතිය ලිහිල් කළ ද රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් ලංගම බස් රථ යෙදවීමට මේ වන විට තීරණය කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එළඹෙන 11 වැනිදා සිට බස්නාහිර පළාත තුළ ද ඇදිරි නීතිය පැවතුණත් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ කටයුතු ආරම්භ කිරීමට මේ වන විට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රවාහන […]