කොරෝනා වෛරසය හේතුවෙන් පනවා ඇති ඇදිරි නිතිය හේතුවෙන් මේ වන විට බස්නාහිර පළාත තුළ සිරවී සිටින පිරිස් සඳහා වියළි සලාක බෙදාදීම ආරම්භ කර තිබෙනවා. ඊට අවශ්‍ය කටයුතු ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධන බලකාය මේ වන විට අවසන් කර තිබෙනවා. ඒ ඒ ග්‍රාම සේවා වසම්හි දැනට සිරවී සිටින පිරිස් පිළිබඳ ග්‍රාම නිලධාරීන් […]
සියලු හමුදා කඳවුරු නිරීක්ෂණය කිරීමට හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා පත් කළ ජනාධිපති විශේෂ කාර්යය සාධක බලකාය තීරණය කර තිබේ. එහි ප්‍රධානී බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා සඳහන් කළේ, කඳවුරුවල පවතින සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන බවයි. මීට අමතරව සමාජ දුරස්තභාවය ඇතුළු සෞඛ්‍යය උපදෙස් නිසි ලෙස […]
මෙරටින් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 600 ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ (28) දිනයේ හදුනාගත් නව ආසාදිතයින් 31දෙනා ද සමගින් මෙරටින් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 619ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. ඊයේ හඳුනාගත් ආසාදිතයින් 31 දෙනා අතරින් 21 දෙනෙකු නාවික හමුදා සාමජිකයින් වන අතර ඉන් සිව්දෙනෙකු යුද හමුදා සාමාජිකයින් බව […]
කොළඹ මහාධිකරණවල සහ කොළඹ දිසා අධිකරණයේ නඩු කටයුතු තවදුරටත් නොපැවැත්වෙන බව අධිකරණ සේවා කොමිසන් සභාව පවසයි. එම කොමිසන් සභාව සඳහන් කළේ, ලබන 04 වනදා සිට එම කටයුතු ආරම්භ කිරීමට දැනට සැලසුම් කර ඇති බවයි. මේ අතර අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත තවදුරටත් ඉදිරිපත් කෙරේ. අධිකරණ සේවා කොමිසන් සභාව […]
ජපන් යෙන් සහ අමෙරිකානු ඩොලරයෙහි අගය මාර්තු මස 20 වන දිනෙන් පසු අධික ලෙස වැඩ් විමත් සමගම සියලු වාහන වල ම්ල 10% ත් 15% ත් අතර ගණනකින් ඉහළගොස් තිබේ. මේ පිලිබද අදහස් දක්වම්න් ශ්‍රිලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා පැවසුවේ මෙලෙස විනිමය අනුපාතිකය වැඩ් විමත් සමගම මෙතෙක් කල් සුඛෝපභෝගී බද්ධට යටත් නොවු සාමාන්‍යයෙන් […]
ඌව, නැගෙනිහිර සහ උතුරු මැද පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. බස්නාහිර හා දකුණු පළාත්වලත් මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. පොළොන්නරුව, මාතලේ සහ මඩකලපුව […]
ඊයේ රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 619ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් කොරෝනා රෝගීන් 12 ක් වාර්තා වෙනවා. අද(28) රාත්‍රී 7.30 වන විට කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 611 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ සුවය ලැබු පිරිස සමඟ මේ වන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් ගණන 134 ක් දක්වා වැඩි විය. කෙසේ වෙතත් පුද්ගලයින් […]
ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පොලිසියෙන් ඉල්ලයි. වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පවසයි. ඇය සඳහන් කරන්නේ, මහජන ආරක්ෂාව සඳහා ඇඳිරිනීතිය පනවා ඇති අවස්තාවලදී පවා විශාල වශයෙන් පිරිස් මහා මාර්ගවල ගමන් කරනු […]
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍රතිචාර දැක්වෙන www.covid19.gov.lk වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීම කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ඊයේ (27) වැනි දින සිදු කෙරුණා. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) මඟින් මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක කරනු ලබනවා. මූලිකව කොවිඩ් 19 […]
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 596 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොවිඩ් – 19 වසන්ගතය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය මත ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පහත දැක්වෙන අනතුරු සංඥා ඇති ගර්භනී කාන්තාවන් වහාම රෝහල් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. උණ, ලේ ගැලීම, දරුණු හිසරදය, හුස්ම […]