කොරෝනා වෛරසය හේතුවෙන් ගුවන්තොටුපොළ වසා දැමීමත් සමග මෙරටට පැමිණීමට නොහැකිව විදේශ රටවල සිර වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 115 දෙනෙකු විශේෂ ගුවන් යානකයකින් අද දිවයිනට ගෙන්වා ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. මෙලෙස ගෙන්වා ගැනීමට නියමිතව ඇත්තේ පකිස්ථානයේ සිර වී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක්ය. මිට අමතරව සිංගප්පුරුව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, රුසියාව වැනි රටවල් වලද සිර වී […]
ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 25න් ලක්ෂයකට ආසන්න වී තිබෙනවා. අද(21) උදෑසන වන විට ආසාදිතයින් 24 ලක්ෂ 80,165 දෙනෙකු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන් සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව හය ලක්ෂ 46,248ක් වන අතර කොරෝඅනා ආසාදිතයන් ලොව පුරා එක්ලක්ෂ 70,370 ක් මේ වන විට මියගොස් තිබෙනවා. මේ අතර ඊයේ දිනයේ ද අමෙරිකාවෙන් […]
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.100 වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව […]
කොවිඩ්-19 හෙවත් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලුම සංක්‍රමණ තාවකාලික අත්හිටුවීමේ විධායක නියෝගයකට තමා අත්සන් කරන බව අමෙරිකානු ජනපති නිවේදනය කරනවා.
දිවයින් පුරා සියලුම මත්පැන් අලෙවි සැල් යළි දැනුම්දෙන තුරු වසා තබන ලෙසට රජය නියෝග කර තිබෙනවා. මීට පෙර ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ වලට මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමට අවසර ලබා දී තිබුණා.
ජීවනෝපාය අහිමි වූ පවුල් ඒකක සඳහා ගෙවනු ලබන රුපියල් 5000ක දීමනාව ගෘහ මූලික ලැයිස්තුවේ ඇති පවුල් ඒකකයක සිටින අනු පවුල් සඳහා ද ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව පවුල් ඒකකයක් තුළ සිටින විශේෂයෙන් වෙන්කර හදුනාගත හැකි පවුල්, විදේශ රැකියා සදහා විදේශ ගත වු පුද්ගලයන් සිටින, ආර්ථික දුෂ්කරතා ඇති පවුල්, පුද්ගලික අංශයේ ඇගලුම් කාර්මාන්ත ශාලා […]
2019.04.21 හෙවත් පාස්කු ඉරුදින මෙරට මෙන්ම ලෝකයම කම්පා කරමින් කුරිරු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසරක් සපිරෙනවා. පසුගිය අප්‍රේල් 21 වැනිදා කතෝලික දේවස්ථාන 03 කට හා කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 03කට ඇතුළු ස්ථාන 08ක් ඉලක්ක කර ගනිමින් ත්රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කර අදට වසරයි. එදිනම දෙමටගොඩ නිවාස සංකීර්ණයක සහ දෙහිවල ආගන්තුක නිවාසයක […]
මහ මැතිවරණය ජූනි 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
කොවිඩ්-19 වෛරසය අසීමාන්තිකව සමාජ ගත වී නොමැති වුව ද ඉදිරි සති දෙකක කාලය තුළද ජනතාව වඩාත් ප්‍රවේශම්ව කටයුතු කළ යුතු බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් රෝග ලක්ෂණ නොමැති රෝගය පතුරුවන්නන්ගේ ගොදුරක් බවට පත්වීමේ ඉඩකඩ පවතින බව ඔහු පෙන්වා දුන්නා. අද පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර […]
ගතවු පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 1,553 දෙනෙක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ වාර්තා කළා. එක් දිනයක් තුල ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මෙය වන බව එරට සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසුවා. මේ වන විට එරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 543ක් වන අතර ආසාධිතයින් ගණන 17,265ක්. […]
අද(20) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මෙම ආසාදිතයින් 8 දෙනාද කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් බවට වාර්තා වෙයි ඒ අනුව ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 303 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද උදෑසන තවත් කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ […]
ලබන ජූනි මාසයට යෙදි තිබූ දකුණු අපි‍්‍රකා කි‍්‍රකට් කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරය කල් දමා තිබෙනවා. දැනට පවතින කොරෝනා වෛරසය මීට හේතු වූ බව සදහන්. දෙරටෙහි කි‍්‍රකට් ආයතනය විසින් මෙම ඒකාබද්ධ තීරණය ගෙන ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම මෙම තත්ත්වය සමථයකට පත් වූ පසු මෙම තරගාවලිය සැළසුම් කිරීමට නියමිතයි. එක්දින […]