ප්‍රබල අකුණු සහ තද වැසි ඇති වීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව හා උතුරු මැද පළාත්වලත් යාපනය, මන්නාරම, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථාවලට මිලිමීටර 100 කට වැඩි […]
නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ආරක්ෂක නිලධාරිනියක් ආහාර ලබාගන්නා නිවසක තැනැත්තන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති බව සදහන්. එම ආසාදිතයින් සමඟ අදාළ ආරක්ෂක නිලධාරිනිය සෘජු සබඳතා පවත්වා ඇති බැවින් විෂබීජහරණය සඳහා නීතිපති දෙපාර්තමේන්තුව මෙලෙස තාවකාලිකව වසා දමා තිබෙනවා.
රන්ජන් රාමනායකට ඇප ලබා දි තිබෙනවා. ඇඳිරි නීති කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පසුගිය(13) පස්වරුවේ මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පිළියන්දල ප්‍රදේශයේ සිට කැබ් රථයකින් පැමිණි පුද්ගලයෙකු ඊයේ දහවල් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හමුවීමට අවශ්‍ය බව එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක රාජකාරියේ […]
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.75 පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් […]
කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කර තිබේ. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා […]
මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය බලධාරින් හා මැතිවරණ කොමිසම අතර විශේෂ හමුවක් අද(20) පැවැත්වෙයි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1.00ට රාජගිරිය මැතිවරණ මහාලේකම් කාර්යාලයේදි මෙම සාකච්ඡාව පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ඉදිරි මහා මැතිවරණය පැවැත්වීම සහ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිලිබද මෙහිදි වැඩි අවධානයක් […]
අද (20) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුුව මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 295ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ වාර්තා වු සියලුම රෝගීන් හමු වී ඇත්තේ කොළඹ 12, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසකි. මේ අතර පුද්ගලයින් 96 […]
දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාව සිට හම්බන්තොට දක්වා උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එය අද(20) සිට ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුටත් සඳහන් කළේය. මේ අතර අධිවේගී මාර්ගය ලබන බදාදා(22) සිට කටුනායක සිට හම්බන්තොට දක්වා විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසීය.
අද(20) සිට ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවල පමණක් පොදු ප්‍රවහන සේවාවන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව මගී ප්‍රවහන කළමණාකරණ අමාත්‍යංශය පවසයි. කෙසේවෙතත් ලබන 22 වැනිදා දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන කොළඹ , ගම්පහ , කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල දුම්රිය හෝ බස්රථ ධාවනය නොකෙරෙන බව එම අමාත්‍යාංශය සඳහන් කළේ. අද දිනයේ ඇඳිරි නීතිය ලිහිල් කළ […]
ජන ජීවිතය යථාවත් කිරීමේ අරමුණින් දැනට පනවා ඇති ඇඳිරි නීතිය අද(20) සිට අදියර කිහිපයක් යටතේ ලිහිල් කිරිමට රජය තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල, අම්පාර යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක 18තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද පෙරවරු 05.00ට ඉවත් කොට රාත්‍රී 08.00ට යළි පැනවිමට නියමිතයි. ඉන් අනතුරුව එම දිස්ත්‍රික්කවලට යළි […]
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් අමෙරිකාවේ සිදුවු මරණ සංඛ්‍යාව 40,000 ඉක්මවා ගොස් තිබේ. ගතවු පැය 24 තුළ මරණ 1537ක් සිදු වීමත් සමඟ එරට සමස්ථ මරණ සංඛ්‍යාව 40,548ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. එම මරණ සංඛ්‍යාවෙන් අඩක්ම නිව්යොර්ක් ප්‍රාන්තයෙන් වාර්තාවීම විශේෂත්වයකි. අමෙරිකාවේ ගතවු පැය 24 තුළ නව ආසාදිතයින් 25,511 දෙනෙකු හදුනාගැනීම සමඟ එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව […]
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 271 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් දෙදෙනෙකු හමුවීමත් සමගයි.