සියලු ආකාරයේ උත්සව, වන්දනා සහ විනෝද චාරිකා, සැණකෙළි, පෙරහැර, රැස්විම ආදිය තවදුරටත් නැවත දැනුම් දෙන තෙක් තහනම් වනවා. එමෙන්ම ජනතාව එක් රැස්වන ආගමික කටයුතු ක්‍රියාත්මක කිරිම ද තවදුරටත් අත්හිටුවා තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ රට යථා තත්ත්වයට පත් කිරිම සඳහා තම සංගමය විසින් හඳුන්වා දුන් යෝජනා අනුව ක්‍රියාත්මක වන්නේ නම් කොවිඩ් – 19 වෛරසය […]
අද (19) පස්වරුවේ කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 15 දෙනකු හමුවුණා. ඒ අතරට ගැබිණි කාන්තාවක්ද අයත්. සෞඛ්‍ය අමාත්‍යාශය පවසන්නේ, සමස්ත රෝගීන් ගණන 269 දක්වා ඉහළ ගෙස් ඇති බවයි. කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් වාර්තා වූ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ කාන්තාව හා සෘජු සබඳතා පැවැත් වූ පුද්ගලයින් 56 දෙනෙකුගේ ජෛව සාම්පල පී.සී.ආර් පරීක්ෂණයට ඊයේ (18) දිනයේදී […]
ලොවපුරා මේ වන විට කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්‍ෂ 61221 ක් වාර්තා වන අතර ලොවපුරා කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව විසිතුන් ලක්‍ෂ 48953 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. අමෙරිකාවේ කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මියගිය සංඛ්‍යාව 40,000 කට ආසන්නයි. එම ගණන වන්නේ 39015 ක්. අමෙරිකාවේ වෛරසය ආසාධිත සංඛ්‍යාව හත්ලක්‍ෂ 38, 923 ක්. ස්පාඤ්ඤයේ ලක්‍ෂ දෙකකට ආසන්න පිරිසකට […]
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැළදී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාධිතයින් 05 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා. ඒ අනුව සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 96 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඇදිරි නිතීය බලපැවැත්වෙන දිස්ත්‍රික්ක වල අප්‍රේල් 22දක්වා පොදු ප්‍රවාහනයන් ධාවනය නොවන බව මහින්ද අමරවිර මහතා සදහන් කරනවා.
2019 පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු තවත් දෙවන ප්‍රහාර මාලාවක් ත්‍රාස්වාදීන් විසින් සැලසුම් කර තිබූ බව විමර්ශන වලින් අනාවරණය වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළා. අද (19) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදි ඔහු මේ බව අනාවරණය කළා. එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් 197 අත්අඩංගුවට ගෙන ඇති […]
ඇඳිරි නීතිය ලිහිල් කළ ද කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ කොවිඩ් නයින්ටීන් උවදුර මර්දනය කිරීම හා සමගාමීව රටේ ආර්ථිකය, රාජ්‍ය යාන්ත්‍රණය සහ පුද්ගල ආර්ථිකය නොකඩවා පවත්වාගෙන යාම යන කරුණු සලකා සති 4ක කාලයක සිය […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 269 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් නව ආසාධිතයින් 13 ක් හදුනාගැනීමත් සමගයි.
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 256 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ නව ආසාධිතයින් දෙදෙනෙකු හදුනාගැනීමත් සමගයි.
සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් ඩොලර් මිලියන 300 ක ලංසුවක් පිලිගැනීමෙන් පසු නිව්කාසල් යුනයිටඩ් නම් ලොව වඩාත්ම මිල අධික නිවස මිලදී ගැනීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසනවා. මින් පෙරද ලෝකයේ වඩාත්ම මිල අධික නිවස ලෙස හදුන්වන Chateau නිවස ඩොලර් මිලියන 230 කට සල්මාන් කුමරු විසින් මිලදී ගෙන ඇති අතර මෙවර ඔහු […]
ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල මත්පැන් අලෙවියට අවසර ලබා දි තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි සිල්ලරට මත්පැන් විකිණිම සදහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ඒ ඒ ප්‍රදේවල ඇඳිරි නීතිය ලිහිල් කරනු ලබන කාල සීමාවන්ට යටත්ව බලපත්‍ර විවෘත කිරිමට නියම්ත වේලාවන් තුලදි පමණක් නැවත විවෘත කිරිමට අවසර දී තිබේ මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශ […]
කොරෝනා වෛරසය වැළදී ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 05 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 91 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා. පුද්ගලයින් 156 දෙනෙකු මේ වන විට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රෝහල් වල පසුවනවා. කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිදු වූ මරණ සංඛ්‍යාව 07 […]