කොවිඩ් -19 වෛරසය හේතුවෙන් මියගිය 7 වන පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකර තිබෙනවා. අද(09) පෙරවරු 11.30 ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී ජාත්‍යන්තර නිරෝධායන නීතින්ට අනුකූලව දේහය ආදාහනය කළා. එම අවස්ථාවට මියගිය පුද්ගලයාගේ ඥාතීන් කිහිපදෙනකු ද සහභාගී වී තිබෙනවා. 44 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු වන මෙම පුද්ගලයා අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රී මියගියා. […]
නව කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගතව සිටි තවත් පුද්ගලයින් 03 දෙනෙක් සුවය ලබා ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කොරෝනා ආසදිතව සුවය ලැබූ පිරිස 47 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
කොවිඩ් නයින්ටීන් නිසා පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ටත් රු.5000 දීමනාව ලබා දීමට ජනාධිපතිවරයා එකගත්වය පළ කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය නිසා තම ආදායම් මාර්ග නොමැතිව මේ වනවිට අසරණභාවයට පත්ව සිටින පුද්ගලික බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන්ට රජය විසින් දැනට ස්ථිර ආදායම් මාර්ග නොමැතිව සිටින පුද්ගලයින්හට ලබා දෙන රු. […]
විවිධ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (09) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.
පෙබරවාරි මාසය සඳහා විදුලි බිල්පත් ගෙවීමට පාරිභෝගිකයින්ට අප්‍රේල් මස 30 වන දින දක්වා සහන කාලයක් ලබා දී තිබේ. එමෙන්ම විදුලි බිල ගෙවීමට නොහැකිව සිටිය ද කිසිදු අයුරකින් නිවාසවලට සපයා ඇති විදුලිය විසන්ධි කිරීමක් නොකරන ලෙස විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී තිබේ. පසුගිය 7 වන […]
අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බලකායේ විශේෂ රැස්වීමක් එහි ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 07 වනදා සෞඛ්‍ය අමාත්‍යවරියගේ ද සහභාගීත්වයෙන් පැවැත්විය.එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පහත සඳහන් තීරණ ගෙන තිබේ. ඒ අනුව දිවයින පුරා සියලු ඖෂධ අලෙවිසැල් අද (09) උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා විවෘත කර තැබිය යුතු බවට එහිදී තීරණය වී තිබේ. […]
අද(09) වන විට ලොව කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ලොව පුරා 88,450කට අධික පිරිසක් එම වෛරසය ආසාදනය වී මිය ගොස් තිබේ. කොවිඩ් 19 වෛරසය හේතුවෙන් අමෙරිකාවෙන් මරණ 14,600ට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ. මේ වන විට එරටින් වාර්තා වන කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 429,000 කට අධිකයි. ඒ අතරින් රෝගීන් 149,316,කට වැඩි […]
ස්ථානීය රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල හරහා ගෙවීමේ දි සහන කාලයක් ලබා දීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. පොලිසිය විසින් පසුගිය මාර්තු මස පළමුවැනි දින හෝ ඊට පසුව නිකුත් කර ඇති රථ වාහන දඩ පත්‍රිකා දින 14 ඉක්මවීම සම්බන්ධයෙන් කිසිදු අතිරේක දඩ මුදලක් අය නොකරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය. සාමාන්‍ය රාජකාරි […]
කොවිඩ් 19 ආසාදනය වීමෙන් දින 10ක පමණ කාලයක් ස්වයං නිරෝධායනයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සදුදා (06) දින රෝහල්ගත කෙරුණි. ඒ අනුව බ්‍රිතාන්‍ය අගමැති තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි. කෙසේ වෙතත් පසුගියදා අගමැතිවරයාගේ තත්ත්වය අසාධ්‍යවීමෙන් ඔහු ලන්ඩන් හි ශාන්ත තෝමස් රෝහලේ, […]
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු හා උතුරු මැද පළාත්වල මන්නාරම, වව්නියාව සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි. ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් හා […]
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ. කොළඹ 09 හා කොළඹ 14 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළඔ 13 සහ කොළඹ 15 ප්‍රදේශවලට අඩු පීඩන තත්ත්වයන් යටතේ ජල සැපයුම ලබාදීමට නියමිතයි. අ(09)ද පස්වරු 1.00 සිට හෙට උදෑසන 7 දක්වා කාලය තුළ ජල සැපයුම […]
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර , යාපනය දිස්ත්‍රික්කවල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියලු දිස්ත්‍රික්කවල අද(09) උදේ 06.00 ට ඇඳිරි නීතිය ලිහිල් වු අතර, එදිනම සවස 04.00 ට […]