පුත්තලම පොලිස් කොට්ඨාසයේ, හලාවත පොලිස් කොට්ඨාසයේ හා මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසමට තාවකාලිකව ඉවත් කරන ලද පොලිස් ඇඳිරි නීතිය දවහල් 12.00 ට ක්‍රියාත්මක කෙරෙන නව පොලිසිය සදහන් කරනවා.
ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සැලකිල්ලට ගෙන අදාල කාලසීමාවේදී විවාහ මංගල උත්සව පැවැත්වීම අත්හිටුවීමට පියවර නොගන්නේ නම් ඊට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. ඒ පොලීසිය ඇතුළු අදාළ පාර්ශ්වවලින්. වගකීම් සහිත පුරවැසියන් ලෙස මේ මොහොතේ වැඩි අවධානයක් දිය යුත්තේ පෞද්ගලික කාරණාවලටද පොදු අරමුණක් වෙනුවෙන් ද එක්ව තීරණයක් ගත […]
පුත්තලම පොලිස් කොට්ඨාසයේ, හලාවත පොලිස් කොට්ඨාසයේ හා මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසමට පැනවු පොලිස් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර තිබෙනවා.
පවතින තත්වය හමුවේ අද පස්වරු 06.00 සිට සදුදා පෙරවරු 06.00 දක්වා ඇදිරි නිතිය පැනවීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා අද සිට වැලිකන්ද හා මුල්ලේරියාව රෝහල් යොදා ගැනීමට තීරණය කර තිබෙනවා. වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ , මේ වන විට වැලිකන්ද මූලික රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරිමට පහසුකම් සලසා ඇති බවත් අද සිට ඊට රෝගීන් ඇතුළත් කර ගන්නා බවත්ය. ඒ […]
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව චීනයේ මියගිය සංඛ්‍යාව අභිබවා ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේ පමණක් ඉතාලියෙන් කොරොනා මරණ 427 ක් වාර්තා වීමත් සමගයි. ඒ අනුව ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් වාර්තාවූ කොරොනා මරණ සංඛ්‍යාවත් සමග මුළු ගණන 3405 දක්වා ඉහළ ගොස් තිබෙනවා. චීනයෙන් අද දිනය වන විය වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව […]
2012 වසරේදී ඉන්දියාවේ නිර්භයා වෛද්‍ය සිසුවිය සමූහ දූෂණය කිරීමේ සිද්ධියේ වරදකරුවන් හතර දෙනා එල්ලා මරා දමා තිබේ. ඒ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී එම වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක්කර කුරිරු වධහිංසා පමුණුවා මරණයට පත්කිරීම සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් කරමිනි. විදෙස් වාර්තා අනාවරණ කළේ, නවදිල්ලියේ පිහිටි තිහාර් බන්ධනාගාරයේදී ඔවුන් එල්ලා මරා දමා ඇති බවයි. එලෙස එල්ලා මරා දැමුණේ 32 […]
කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා අද(20) දිනයේ සිට මාර්තු 27 වන දින දක්වා පැවැත්වෙන නඩු කටයුතු සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරිමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.. වාණිජ මහාධිකරණය, සිවිල් අභියාචනාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය හා කම්කරු විනිශ්චය සභාවල පැවැත්වෙන නඩු කටයුතු සඳහා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කිසිදු […]
කොවිඩ් නයින්ටීන් ආසාදනයවිමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 10000 ඉක්මවා තිබෙනවා. වීදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයින් 10041 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බවයි. මේ වන විට ලොව පුරා පුද්ගලයින් දෙලක්ෂ 44,950 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති අතර පුද්ගලයින් 87,408 දෙනෙකු සුව වී තිබෙනවා. ඊයේ(19) දිනය තුළ ද වැඩිම මරණ සංඛ්යාතවක් ඉතාලියෙන් වාර්තා වන අතර […]
අද(19) රාත්‍රී 10.00 සිට ජාඇල, වත්තල යන පොලිස් වසම්වලට නැවත දැනුම දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලීසිය පවසයි.
අද(19) දහවල් 12.00 සිට නාම යෝජනා භාර ගැනීම අවසන් වීමෙන් පසු පස්වරු 01.30 දක්වා කාලය තුළ විරෝධතා ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබාදී තිබුණා. එම විරෝධතා සලකා බැලීමෙන් පසු විවිධ පක්ෂවලින් ඉදිරිපත් කළ නාමයෝජනා දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ අනුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ අපේ ජනබල පක්ෂය විසින් කොළඹ, කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් කළ නාමයෝජනා […]
සියලුම රාජ්‍ය සේවකයින්ගේ මාර්තු මස වැටුප ලබන 23 වනදා ලබාදීමට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතාට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා. ඒ අනුව සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළු සියලුම රජයේ සේවකයින් සඳහා මේ මස වැටුප ලබන 23 වනදා […]