News Line| Off Air
Generic placeholder image

Mar
19

නඩු කටයුතු සිදුවන ආකාරය ගැන අධිකරණ කොමිසමෙන් විශේෂ චක්‍රලේඛයක්

Generic placeholder image

හදිසි සහ අත්‍යවශ්‍ය යැයි විනිසුරුවරයා විසින් තීරණය කරනු ලබන නඩු හැර වෙනත් කිසිදු නඩුවක් විවෘත අධිකරණයේ නොකැඳවන ලෙසට චක්‍රලේඛයක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් හෙට සිට ලබන 27 වනදා දක්වා පැවැත්වෙන නඩු කටයුතු ඉලක්ක කර ගනිමින් මෙම චක්‍ර ලේඛය නිකුත් කළ බව සදහන්. වාණිජ මහාධිකරණ, […]


Mar
19

ඡන්ද ප‍්‍රතිඵල අහන්න වගේ ගෙවල් දෙක තුනකට එකතු වෙන්න එපා

Generic placeholder image

ඊයේ දිනයේ පුත්තලම ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය කි‍්‍රයාත්මක කළ අතර එහිදී මහජනතාව පාරට නොපැමිණියද නිවෙස් කිහිපයක අය එක නිවෙසකට පැමිණ සාද පවත්වන බව එම ප‍්‍රදේශ වල පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් දැනගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ. ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වන්නේ කොරෝනා වෛරසය වැළැක්වීමේ අරමුණෙන් වන අතර එහිදී මිනිසුන් එක්ව කටයුතු කිරීමට නොව හුදෙකලා […]


Mar
19

සිංගප්පූරුවේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යයි

Generic placeholder image

සිංගප්පූරුව තුළ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. ගතවූ පැය 24 ක කාලය තුළ එරටින් නව ආසාදිතයින් 47 දෙනෙකු හදුනාගෙන ඇති අතර එක් දිනක් තුළ සිංගප්පූරුවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ආසාදිතයින්ගෙන් 33 දෙනෙකුම යුරෝපා, උතුරු අමෙරිකා සහ ගිනිකොන දිග ආසියානු කලාපීය රටවලින් පැමිණි […]


Mar
19

කොරෝනා වෛරසයෙන් ලොවපුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9000 ඉක්මවයි

Generic placeholder image

නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9000 ඉක්මවූ බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් වෛද්‍ය විද්‍යාතනය සඳහන් කරනවා. ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 9,115ක් වන අතර වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 222,643ක්. ගතවූ පැය 24 තුලදී වාර්තා වන මරණ සංඛ්‍යාව 1108ක් වන අතර වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 21,000 කට අධිකයි. […]


Mar
19

සුදු හමක් දුටු පමණින් කලබල නොවන ලෙස නියෝජ්‍ය පොලිස්පති කියයි

Generic placeholder image

ශ්‍රී ලංකාවට පැමිණ මේ මොහොතේ රට තුළ රැඳී සිටින විදේශික ජනතාවට හිරිහැර කිරිමෙන් වළකින්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අද(19) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක‍‍්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඍජු දායකත්වයක් විදේශිකයින් විසින් ලංකාවේ ආර්ථිකයට දක්වන බවත් නි‍යෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී සඳහන් වැඩිදුරටත් පැවසුවා.


Mar
19

මැතිවරණ කොමිසමට කැෆේ සංවිධානයෙන් ප්‍රශංසා

Generic placeholder image

මැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණ කොමිසම ගත් තීන්දුව ප්‍රශංසනීය බව කැෆේ සංවිධානය අවධාරණය කරනවා. රටේ පවතින අයහපත් සෞඛ්‍යමය වාතාවරණය මැනවින් වටහා ගැනීම පිළිබඳව මැතිවරණ කොමිසමට ස්තුතිය පළ කළ යුතු බව එහි විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දුන්නා. පවතින වාතාවරණය මත ජනතාව එක් රැස් වීම නිවෙස්වලින් පිටතට යාම අනතුරුදායක තත්ත්වයක් බවද සඳහන් කරන ඒ […]


Mar
19

කොරොනා ආසාදිතයින් සංඛාව 59 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරට කොරොනා වෛරසය ආසාදිතයින් සංඛාව 59ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Mar
19

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 56 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් 56 දක්වා ඉහළ ගොස් ඇති බව මේ වන විට කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සෞඛ්‍ය අධ්‍යක්ෂක විශේෂඥ අනිල් ජාසිංහ මහතා තහවුරු කළා.


Mar
19

කොරෝනා වෛරසයට ලොව පුරා මිය ගිය ගණන 8,969ක් දක්වා ඉහලට

Generic placeholder image

නව කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයෙන් මියගිය පිරිස 8,969ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ලෝකය පුරා ආසාදිතයන් දෙලක්ෂ විසිදහසකට ආසන්න පිරිසක් හඳුනා ගෙන ඇති පසුබිමකයි. මේ අතර එක් දිනක් තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ ඉතාලියෙන් වාර්තා වූණා. චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වුණු නව කොරෝනා වෛරස ආසාදනය අද වන විට ලෝකයේ රටවල් සහ කලාප 170කට […]


Mar
19

රාජ්‍ය සේවක වැටුප් ලබන 23 වැනිදා ගෙවන්නැයි අගමැතිගෙන් උපදෙස්

Generic placeholder image

සියලුම රජයේ සේවකයින් සඳහා (සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළුව එළැඹෙන සඳුදා (23) දින වැටුප් ගෙවන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.


Mar
19

හෙට සිට 27 දක්වා නිවසේ සිට රාජකාරි සිදු කිරීමට අදාල චක්‍රලේකය නිකුත් කෙරේ

Generic placeholder image

මාර්තු 20, එනම් හෙට සිට 27 දින දක්වා සතියක කාලයක් රජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින් සේවා ස්ථානවලට වාර්තා කිරීම අවම කිරීම සඳහා දුරස්ථ ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිය කාර්යාලයේ රාජකාරි ඉටු කිරිමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කර තිබෙනවා.


Mar
19

මෙරට කොරෝනා රෝගීන් ගණන 52 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරටින් වාර්තා වන කො‍රෝනා වෛරසය ආසාදිත වු රෝගීන් ගණන අද(19) දිනයේ 52 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post