News Line| Off Air
Generic placeholder image

Mar
11

කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා මෙරටින් හමුවීමත් සමග රජයෙන් සමස්ත ජනතාවට විශේෂ නිවේදනයක්‌

Generic placeholder image

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙලට සහය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරනවා. කොරෝනා වෛරසය මෙරට දී ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ පස්වරුවේ හඳුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා. ඒ 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නෙකු […]


Mar
10

සමඟි ජන බලවේගයේ ලකුණ තහවුරු කරයි

Generic placeholder image

සමඟි ජන බලවේගය එළඹෙන මහ මැතිවරණයට දුරකතනය ලකුණින් තරඟ වදින බව අද තහවුරු කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුජීව සේනසිංහ විසින් මේ බව තහවුරු කළා.


Mar
10

මහ මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂ නියෝජිතයින් හෙට මැතිවරණ කොමිසමට

Generic placeholder image

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් හෙට(11) පැවැත්වීමට නියමිතයි. මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම හමුවන පළමු අවස්ථාව මෙය වනවා. ඒ අනුව හෙට පස්වරු 03.30 ට රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති. මෙහිදී මහ මැතිවරණයට අදාල […]


Mar
10

ශ්‍රී ලංකා – ඉන්දීය ප්‍රවීණයින්ගේ සටන ඇරඹෙයි

Generic placeholder image

ඉන්දියාවේදී පැවැත්වෙන ප්‍රවීණයින්ගේ 20 යි 20 ක්‍රිකට් තරගමාලාවේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තරගයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ ඉන්දියාවට එරෙහිවයි. මෙම තරගයේදී තිලකරත්න දිල්ෂාන් විසින් ශ්‍රී ලංකා පිළ මෙහෙයවන අතර ඉන්දීය පිළ මෙහෙයන්නේ සචින් ටෙන්ඩුල්කාර් විසින්. පළමුවෙන් පන්දුවට පහරදෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු 2 ක් දැවී ලකුණු 55 […]


Mar
10

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කොරෝනා ආසාධිත ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් හඳුනාගනී

Generic placeholder image

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් හඳුනාගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කර තිබෙනවා. එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාද ඇතුලුව ආසාදිත බවට හදුනාගත් තවත් විදෙස් ජාතිකයින් 15දෙනෙක් මේ වන විට නිරෝධානය වැඩපිළිවෙලක් සඳහා යොමුකර ඇති බව රජයේ වාර්තා උපුටා දක්වන ගල්ෆ් නිවුස් පුවත් සේවය පවසනවා.


Mar
10

එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගයේ ශී‍්‍ර ලංකා සංචිතය මෙන්න

Generic placeholder image

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරග කරන ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතය නම්කර තිබෙනවා. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට කී‍්‍රඩකයින් 15 දෙනෙකු ඇතුලත්. ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ලබන 19 වනදා ගාල්ලේදී පැවැත්වෙනු ඇති. එම සංචිතය පහතින්.


Mar
10

පැරණි පාර්ලිමේන්තුව නැරඹීමට මහජනතාවට අවස්ථාවක්

Generic placeholder image

පැරණි පාර්ලිමේන්තුව හෙවත් වර්තමාන ජනාධිපති කාර්යාලය මාර්තු 14 සෙනසුරාදා සිට සෑම සති අන්තයකම පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා නැරඹීමට මහජනතාවට අවස්ථාව හිමිව තිබෙනවා. එහිදී නරඹන්නන් හට එහි ඡායාරූප ගැනීමටද හැකිවනු ඇති. මේ සදහා අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) නමට ලිපියක් 011-2441685 ෆැක්ස් අංකයට යොමු කිරීමෙන් හෝ අංක 011-2354354 ඇමතීමෙන් වේලාව වෙන්කර ගත හැකියි. පැරණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල […]


Mar
10

ඉරානයේ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව ඉහළ යයි

Generic placeholder image

දිනක් තුළ ඉරානයෙන් වැඩිම නව කොරෝනා වෛරස ආසාධිතයන් සංඛ්‍යාව අද සටහන් වී තිබෙනවා. ගතවූ පැය 24 තුළ එරටින් පුද්ගල මරණ 54 ක් වාර්තා වී ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව 291 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම කොරෝනා වෛරස ආසාධිතයන් සංඛ්‍යාව 8042 ක්. මේ අතර ඉතාලියේ සිට පැමිණෙන කිසිදු අයෙකුට තම රටට ඇතුලුවීමට ඉඩ නොදීමට යාබද රටක් […]


Mar
10

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ලේකම්ට යළි වරෙන්තු

Generic placeholder image

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල් වීරසිංහ මහත්මිය වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද දෙවන වරටත් වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඇය අත්අඩංගුවට ගන්නා ලෙස පළමුවරට වරෙන්තු නිකුත් කෙරුණේ මාර්තු 06 වනදායි. නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා ඇතුලු 8 දෙනෙකුට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් […]


Mar
10

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් කුඩා ළමුන් 9 ක් ජීවිතක්‍ෂයට

Generic placeholder image

ඇෆ්ගනිස්ථානයේ ලෝගාර් හිදී සිදුවූ බෝම්බ පිපිරීමකින් කුඩා ළමුන් 9 දෙනෙකු මියගොස් තිබෙනවා. පිපිරීමෙන් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ත කළා. කිසියම් ත්‍රස්ත සංවිධානයකට අයත් පිරිසක් මාර්ගය අසල අටවා තිබූ බෝම්බයක් මෙලෙස පුපුරායාමට ලක්ව ඇති බව සදහන්. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කිසිදු සංවිධානයක් මෙතෙක් වගකීම භාරගෙන නොමැති අතර තලෙයිබාන් සංවිධානය විසින් ප්‍රහාරය සිදුකරන්නට ඇති […]


Mar
10

මෙවරත් හෝලි සැණකෙළිය උත්සවාකාරයෙන්

Generic placeholder image

යහපත විසින් අයහපත පැරදවීම සමරනු ලබන හෝලි සැණකෙළි සමයේදී පැවැත්වෙන හෝලීකා ධහාන් උත්සවය පිළිබද විදෙස් මාධ්‍යවල අවධානය යොමුව තිබෙනවා. සුරයන් විසින් නපුර පැරදවීම සිහිපත්කිරීමේ හෝලි සැණකෙළිය ඉන්දියාව පුරා මහත් හරසරින් යුතුව සමරනු ලබනවා. දිවා කාලයේදී වර්ණවත් කුඩුවලින් එකිනෙකා වෙත දමාගසාගන්නා, හින්දු බැතිමතුන් අනතුරුව රාත්‍රී කාලයේදීත් හෝලි සමය උත්සවාකාරයෙන් සමරන්නේ සිය පවුල්වල සාමාජිකයින් සමඟින්. සැණකෙළිය අතරතුර […]


Mar
10

කුසල් ජනිත්ට වන්දියක්

Generic placeholder image

ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඇමරිකානු ඩොලර් ලක්ෂ 05 වන්දි මුදලක් ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය විසින් ගෙවීමට නියමිත බව වාර්තා වෙනවා. 2015 වසරේදි කුසල් ජනිත් පෙරේරාට තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ලවූ අතර වැරදි පරීක්ෂණ වාර්තා හේතුවෙන් ඔහුට වසර හතරක තරඟ තහනමක් පැනවීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේ. මෙම තීරණය හේතුවෙන් මොහුට සිදුවූ […]


News Articles
Latest Videos
Most Popular Post