කල්මුණේ චවලකඩේ සමන්තුරේ යන ප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මකවන පරිදි දැන් සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නිතිය පැනවීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
පවතින ආරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලූ පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කිරීම ලබන මැයි 6 වනදා දක්වා කල් දමා තිබෙනවා.ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ අද රැස්වූ ආරක්ෂක කවුන්සිලයේදී මෙම තීරණය ගෙන ඇති බවයි.
කල්මුනේ සායිදුමරදු ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමග යම් කණ්ඩායමක් වෙඩි අතර හුවමාරුවක් සිදුව තිබෙනවා. මේ සම්බන්දයෙන් පොලීසිය වැඩි දුරටත් සදහන් කලේ මරාගෙන මැරෙන ඇදුම් නිෂ්පාදනය කරන ස්ථානයක් පිළිබදව ලැබුනු තොරතුරක් මත එය සෝදිසි කිරීමට යාමේදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි. වැඩි විස්තර බලාපොරොත්තුවන්න..
රට පුරා කරන සෝදිසි මෙහෙයුම් වලදී දිවයිනේ සියලුම නිවාස පරික්ෂාවට ලක් කෙරෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළා. ජනාධිපති මාධ්‍ය අංශය හරහා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් එතුමා සඳහන් කළේ නිවාස වල ස්ථීර පදිංචිකරුවන්ගේ ලැයිස්තුවක් සකස් කිරීමට ද කටයුතු කරන බවයි. නාඳුනන පුද්ගලයින් කිසිඳු ස්ථානයක ජීවත්විය නොහැකි බව තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබෙන […]
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා යුද හමුදා විසින් බාරයට ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය වෙත බාර දී තිබෙනවා.පසුගිය දා සිදු වු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව ඔහු හමුදා නිළධාරීන් කණ්ඩායමක් විසින් සිය බාරයට ගත් බව යුධ හමුදාව පවසා සිටියේ. කෙසේ නමුත් ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පොලීසිය විසින් ඔහුව මුදා හැර තිබෙනවා.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ලබන 28 වනදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව ආපදා කළමනකාරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා සිටියා. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය, මේ වන විට පීඩන අවපාතයක් දක්වා […]
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක තිබී කඩු 46ක් සොයා ගෙන තිබෙනවා. තවද ඒ සමග යුද හමුදා නිළ ඇදුමට සමාන ඇදුම් කිහිපයක්ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මෙම ආයුධ සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමටද පොලීසිය සමත්ව තිබේ.
තංගල්ල නගරයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් සමඟ එහි ගමන් කළ සිවුදෙනෙකු අත් අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසා සිටිනවා. 25වන දා සවස කතරගම දෙස සිට පැමිණි වෑන් රථය නැවැත්වීම සඳහා රථවාහන පොලිස් නිලධාරියෙකු අණ කර ඇත. මෙහිදී වෑන් රථයේ රියදුරු අණ නොතකා පලා ගොස් ඇති අතර පසුව වෑන් රථය ලුහුබැද ගිය […]
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටින්නේ රටේ පවතින තත්වය හේතුවෙන් සමාජ ජාලා වෙත පිවිසීමට රජය විසින් අවහිරතාවය අද ඉවත කිරීමට බලාපොරොත්තු වන බවයි. නමුත් ඊයේ සමාජ ජාලා හරහා අසත්‍ය තොරතුරු පැතිර ගොස් තිබෙනවා. මේ තත්වය පාලනය කර ගත නොහැකි වුවහොත් සම්පූර්නයෙන්ම එම සමාජ ජාලා අවහිර කරන බව පවසා තිබෙනවා.
ඉකුත් පාස්කු ඉරිදා දිනයේදී කොළඹ සිනමන්ඞ් ග‍්‍රෑන්ඩ් හෝටලයේ පිපිරවීම සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ්කරුගේ ඥාතියෙකු මහනුවර ගලහ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුනා. මෙම පුද්ගලයා සිනමන්ඞ් ග‍්‍රෑන්ඩ් හෝටලයේ ආරක්ෂක අංශයේ සේවය කරන්නෙකු බවද පැවසෙනවා. ඔහු ළග තිබී ජංගම දුරකතන 150ක්ද, සොයා ගෙන ඇත.
අන්තවාදීන් 130ක් පමණ සිටින බවත් ඔවුන් සියලුදෙනා අත්අඩංගුවට ගෙන ඓS සම්පුර්ණයෙන්ම රට තුළින් ඉවත්කරන බවත් ජනපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ කොටුව ජනාධිපති මන්දිරයේ දැන් පැවැත්වෙන සාකච්ඡාවකට එක්වෙමින්. මේ අතර පාස්කු ඉරිදා සිදුවූ ඛේදවාචකයයේ වගකීම මෙන්ම බුද්ධි අංශ අඩපණ කිරීමේ වගකීම රජය භාරගත යුතු බව ජනපති පවසනවා.එසේම සමස්ත මුස්ලිම් […]
ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලින් අනතුරුව මලයාසියාව ද එරට ආරක්ෂක කටයුතු තර කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.විශේෂයෙන් තානාපති කාර්යාල සහ දේවස්ථානවලට විශේෂ ආරක්ෂක විධි විධාන යොදා ඇති බවයි එරට නියෝජ්‍ය පොලිස්පති අබ්දුල් හමීඞ් බදූර් ප්‍රකාශ කර ඇත්තේ.