පසුගිය පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලීසිය පවසනවා.අදාළ සැකරුවන් ඊයේ සවස කිලිනොචිචිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන්නේ. පොලිසිය පැවසුවේ යුධ හමුදා නිලධාරීන් වෙත ලද තොරතුරු මත කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේදී පුද්ගලයින් සිව්දෙනෙකු, කිලිනොච්චිය ලුම්බිණි විහාරය ආසන්න අතුරු මාර්ගයේ සිටි පුද්ගලයෙකු හා කිලිනොච්චිය කනකඅම්බිගෙයි ප්‍රදේශයේදී […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
මුල්ලේරියාව රණබිම මාවතේදී යතුරුපැදිවලින් පැමිණි තිදෙනෙකු විසින් එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් ව්‍යාපාරිකයෙකු මියගොස් තිබෙනවා.මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවයි වාර්තා වන්නේ.
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට ශ්‍රී ලංකාවෙන් සම්බන්ධවූවන් නැවත ලංකාවට පැමිණ සිටින බවට රජය දැනුවත් සිටි නමුත් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධවීම නීතියට පටහැනි නොවන බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගැනිමට නොහැකිවූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.එංගලන්තයේ ස්කයි පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. එසේම තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මේ දක්වා සළකා […]
අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ සමාජිකයෙකු අලූත්ගම දර්ගා නගරයේ දී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මතයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි තරුණයෙක්.පරිඝණක සම්බන්ධයෙන් දැනුමක් ඇති මෙම පුද්ගලයා අන්තර්ජාලය හරහා අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානය සමඟ සබදතා පවත්වා ඇති බවට අණාවරණය වී තිඛෙනවා
පසුගිය පාස්කු ඉරිදා දින ජාතික තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානය සිදුකල මරාගෙන මැරෙන ප්‍රහාරයට අදාලව පුද්ගලයින් රැසකගේ ඡායාරූප අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව විසින් ඊයේ මාධ්‍යයට නිකුත් කලා.ඒ අනුව මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක්, ෆාතිමා ලතීෆා, අබ්දුල් කාදර් ෆාතීමා කාදීයා, මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන්, මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල් හක්, පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සහරා යන පුද්ගලයින් මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට […]
පසුගිය පාස්කු ඉරිදා දින කොළඹ, මඩකළපුව ඇතුළු ස්ථාන 08 කදී එල්ලවූ බෝම්බ ප්රහාරයන් ගෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 253ක් විය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. මිට පෙර එම ප්‍රහාර හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 359 ක් ලෙසයි දැක්වුයේ. එම නිවේදනය පහතින් පසුගිය දිනයන් හි ඇති වූ ත්‍රස්තවාදී […]
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු සියත 24 වෙත පවසා සිටියා. ඒ අනුව පුරප්පාඩු වූ තනතුර සදහා හැකි ඉක්මනින් නව පත් කිරීමක් සිදු කරන බවයි වාර්තාවෙන්නේ.
පුපුරණ ද්‍රව්‍යා ඇති බවට සැක පල කරමින් රට පුරාම සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සෙවූ ලොරි රථය මීට සුළු මොහොතකට පෙර කොටහේන පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා. එම ලොරි රථයේ අංකය වනුයේ Wp DAF – 4197 අංකයයි. පොලිසිය පවසන ආකාරයට එම ලොරි රථය ලියාපදිංචි කර ඇත්තේ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල සහරා හෂ්මි නමටයි. […]
දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ලවූ ප්‍රහාර සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටින හය දෙනෙකුගේ ඡායාරූප මේවන විට මාධ්‍යයට නිකුත් වී තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට අද නිකුත්කළ ඡායාරූප පෙළ පහතින් දැක්වෙයි. ඔවුන්ගේ නම් වන්නේ මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක්,ෆාතිමා ලතීෆා,මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල් හක්,පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා,අබ්දුල් කාදර් ෆාතිමා කාදිය සහ මොහොමඩ් කාසීම් මොහොමඩ් රිල්වාන් නැමති අයයි. මොවුන් පිළිබඳ […]
අද දහවල් මෝදර පොලිස් වසමේ මුතුවැල්ල මාර්ගයේ දී සිදුකළ වැටලීමකින් වෑන් රථයක් සහ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇති අතර එහිදී සඟවා තිබූ මෙරට නිෂ්පාදිත අඩු බලයක් සහිත අත්බෝම්බ 21ක් සහ කඩු 6ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නාග විහාරය, ජයවර්ධන පුර කෝට්ටේ මහනගර සභාව සහ ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ මහ ලේකම් කාර්යාලයත් එක්ව සංවිධානය කරන වෙසක් කලාපය අත්හිටුවන බව කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති රාජකීය පන්ඩිත දර්ශනපති පුජ්‍ය වතුරුවිල සිරි සුජාත නාහිමියන් පවසා තිබෙනවා.උන්වහන්සේ සඳහන් කළ සිටියේ කෝට්ටේ මන්සංධියේ සිට ජුබිලි කණුව මන්සංධිය දක්වා පවත්නන වෙසක් කලාපයේ සියලුම […]