News Line| Off Air
Generic placeholder image

Apr
20

දෙවන පාසල් පටන් ගන්නා දිනය දැනුම් දෙයි

Generic placeholder image

දෙවන පාසල් වාරය සඳහා රජයේ දෙමළ හා සිංහල මාධ්‍ය පාසල් ලබන 22 වැනි දා විවෘත කිරීමට නියමිතයි. සියලු පාසල් පරිශ්‍රවල අද සහ හෙට ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, පාසල් පරිශ්‍ර ඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාපයක් බවට පත් කිරීම මෙහි අරමුණ […]


Apr
20

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ගැන ඉඟි

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත්ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා සුදුසු අවස්ථාවේ ඉදිරිපත්කරන බව අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා. අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඊයෙ අනුරාධපුර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ බදුල්ලේදී මාධ්‍ය වෙත අදහස් […]


Apr
20

මුදල් කොල්ලකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

මුදල් කොල්ලකට සම්භන්ධ පුද්ගලයින් දෙදෙනෙකු බම්බලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ රුපියල් 20 000 ක මුදලක් කොල්ලකා ඇති බවට ලද පැමිනිල්ලක් අනුව සිදු කල මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුට ගන්නා අවස්ථාවේ සැකකරුවන් ෂතුව තිබී හෙරොයින් ද තිබී සොයා ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හා 27 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.


Apr
18

පන්නිපිටියේ මුද්‍රණාලයක ගින්නක්

Generic placeholder image

පන්නිපිටිය අඹගහහන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මුද්‍රණාලයක ගින්නක් හටගෙන තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය සමග පොලිසිය කටයුතු කර තිබුණා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.


Apr
18

නොත්‍ර දාම් දෙව්මැදුර වසර 5කින් ප්‍රතිසංස්කරණයට

Generic placeholder image

ලොවම කම්පා කරමින් හදිසියේ ගින්නකට අසු වූ නොත්‍ර දාම් දේවස්ථානය පැවතියාටත් වඩා ඉතා ආකර්ෂණීය ලෙස වසර 5ක් තුළ ප්‍රතිසංස්කරණය කරන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ප්‍රකාශ කරනවා. මෙම ගොඩනැගිල්ල වසර 850 ක් පමණ පැරණියි. ඉන් ඊට විශාල ලෙස හානි සිදු වුණා.


Apr
18

මාලිංග පිටියෙන් සමුගනීද ? පලවන පුවත්වල ඇත්ත නැත්ත

Generic placeholder image

දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලැබීමත් සමඟ ශ්‍රි ලංකා සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග පිටියෙන් සමුගැනීමට නියමිතව තිබෙන බවට වූ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන පුවත අසත්‍ය බව ලසිත් මාලිංග ප්‍රකාශ කරනවා.


Apr
18

ICC නිල ෆේස්බුක් පිටුව දිමුත්ගේ කවරෙන් සැරසෙයි

Generic placeholder image

ICC නිල ෆේස්බුක් පිටුව දිමුත්ගේ කවරෙන් සැරසී තිබෙන අයුරු දැකගන්නට හැකි වුණා.


Apr
18

අවුරුදු සමයේදී පුද්ගලයින් 15ක් ඝාතනය වෙයි

Generic placeholder image

මෙවර අලුත් අවුරුදු සමයේදී සිද්ධි 13කදී පුද්ගල ඝාතන 15ක් ගැන වාර්තා වන බව පොලිසිය සඳහන් කරනවා.


Apr
18

සත්කාරක එංගලන්තය උප නායකයෙක් නොමැති ලෝක කුසලාන කණ්ඩායම නම් කරයි

Generic placeholder image

2019 ලෝක කුසලාන එක්දින තරඟාවලියට සහභාගී වන එංගලන්ත සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කර තිබුණා. එම සංචිතයට මේ දිනවල ඓඵ්ළ් පිටියේ සුපිරි දක්ෂතා දක්වන බාබඩෝස් ජන්ම ලාභියෙක් වී එංගලන්ත පුරවැසියෙක් බවට පත් වූ ජෝෆ්රා ආර්චර් නම් කර නොමැති වීම පිළිබදව කාගේත් අවධානය යොමුව තිබෙනවා. ඉයන් මෝර්ගන්ගේ නායකත්වයෙන් ලෝක කුසලානයට පිවිසෙන 15 දෙනෙක් සමන්විත එංගලන්ත සංචිතයට උප […]


Apr
18

අධිවේගයෙන් වාර්තාගත ආදායමක්

Generic placeholder image

උත්සව සමයේ ගත වූ දින 12 ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 320 ක ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, එය පසුගිය වසරට සාපේක්ෂව 8% ක වැඩිවීමක් බවයි. එම කාලසීමාව තුළ වාහන ලක්ෂ 12 කට අධික ප්‍රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් […]


Apr
18

ලංකාවෙන් රාවණා වන් අභ්‍යවකාශයේ

Generic placeholder image

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකීය සිසුන් දෙදෙනකු ජපානයේදී නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව ශ්‍රී ලංකා වේලාවෙන් අද(18) අළුයම ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටි නාසා අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයෙන් ගුවන් ගතකර තිබෙනවා. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවරුන් වන තරිඳු දයාරත්න සිසුවා සහ දුලානි චාමිකා විතානගේ සිසුවිය මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර තිබෙනවා. එය නිපදවා ඇත්තේ ජපානයේ ක්යූෂු තාක්ෂණික අධ්‍යයන […]


Apr
18

දෝනි නැති චෙන්නායි පිලට පරාජයක්

Generic placeholder image

IPL තරගාවලිය යටතේ ඊයේ පැවති තරගයෙන් චෙන්නායි කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුළු 06ක ජයක් ලැබීමට සන්රයිසස් කණ්ඩායම සමත් උනා. මෙහිදී පළමුවෙන් පන්දුවට පහර දෙමින් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුලදී කඩුළු 05ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 132ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 5ක් තුලදී නියමිත ඉලක්කය පසුකරයමින් තරගයේ ජයග්‍රාහණය තමන් […]


News Articles
Latest Videos
Most Popular Post