News Line| Off Air
Generic placeholder image

Apr
21

කොළඹ ප්‍රදේශ කිහිපයක පිපිරීම්

Generic placeholder image

කොළඹ ප්‍රදේශ කිහිපයක අද උදෑසන ඇතිවූ පිපිරීම් කිහිපයකින්  මේ වන විට 200කට අධික පිරිසක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවට වාර්තා වනවා. කොච්චිකඩේ දේවස්ථානයේ පිපිරීමෙන් මේ වන විට 20 – 25 අතර මියගොස් ඇති බවට වාර්තා වෙනවා.  


Apr
21

දිවයිනේ දේවස්ථාන දෙකක පිපිරීමක් – Breaking

Generic placeholder image

අද පෙරවරුවේ දිවයිනේ දේවස්ථාන දෙකක පිපිරීම් සිදුව තිබෙනවා. කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයේ මෙන්ම, කටාන කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ මෙම පිපිරීම් සිදුව තිබෙනවා. කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයේ පිපිරීමෙන් තුවාල ලැබූ 80 දෙනෙකු පමණ මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා. කටාන කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ මෙම පිපිරීමේ ඡායාරූප පහතින්.


Apr
21

කොච්චිකඩේ දේවස්ථානයේ පිපිරීමක්

Generic placeholder image

මීට සුළු මොහොතකට පෙර කොච්චිකඩේ දේවස්ථානයේ පිපිරීමක් සිදු වී ඇති බවට වාර්තාවනවා. වැඩි විස්තර බලාපොරොත්තු වන්න.


Apr
21

ඉක්මනින් ජනපතිවරනයක් ඕනේ…

Generic placeholder image

පළාත් සභා හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමමේ අවස්ථාවේ ප්‍රායෝගික නොවන බවත් ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ජනතා කැමැත්ත තහවුරු කර ගැනීමට හැකියාව ඇති බවත් දෙමල ප්‍රගතිශීලී සන්ධානයේ අමාත්‍ය පලනි දිගම්බරම් මහතා කියා තිබෙනවා. තව ජනපතිවරණය කල් දැමීමට තම සන්ධානය විරුද්ද වන බවත් කඩිනමින් එම මැතිවරන පවත්වා ජනතාවගේ බහුතර කැමැත්ත කුමන පක්ෂයටද යන්නා සොයා බලන ලෙස ආණ්ඩුවට බල කරන බවද […]


Apr
21

බස් රථ ආනයනේදී මගී පහසුවට මුල් තැන

Generic placeholder image

මින් ඉදිරියට මෙරටට ආනයනය කරනු ලබන බස් රථ වල ප්‍රමිතිය නීතීගත කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා ඒ පාපුවරුව පහළින් පිහිටි හා පහසුකම් සහිත බස් රථ ය.මෙම වසර අවසානයට පෙර මෙම නිතී ක්‍රියාත්මක කරනු ලබන අතර මුල් පියවර වශයෙන් බස් රථ 500ක් ගෙන්වීමට ආයෝජකයන් සමඟ සාකච්චා කරනු ලබන බව ඇමතිවරයා කියා තිබෙනවා.


Apr
20

අපි මන්ත්‍රීවරුන්ට එක සමානව සැළකුවා

Generic placeholder image

නුවරඑළියේ පැවැති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව කුමන මැතිවරණයකට වුවද සාර්ථකව මුහුණදීමට සූදානම් බවත්, තම කාලයේදී සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකූ බවත් විපක්ෂානයක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග  එකඟතාවයකට පැමිණීමට තවම සාකච්ඡා කරමින් පවතිනවා. ජනාධිපති මැතිවරණයට කොයි අපේක්ෂකයා ඉදිරිපත් වුණත් ජනතාව බුද්ධිමත් තීරණයක් ගන්නවා. දැන් ජනතාවට හිතන්න කාලය ඇවිත් තියෙනවා. අපේ කාලයේ නුවරඑළිය […]


Apr
20

ලෝක කුසලාන තේරීම් ගැන ඇමති හරීන් පැහැදිලි කරයි

Generic placeholder image

ලෝක කුසලාන තරගාවලියේ තේරිම් කටයුතු පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැහැදිලි කිරීම්ක් කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයාගේ සටහන වේල්සයේ සහ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා කරන ක්‍රිකට් කණ්ඩායම් තේරීම පිළිබඳව කරුණු කිහිපයක් නිරවුල් කිරීමට අදහස් කරමි. පළමුව සඳහන් කළ යුත්තේ ක්‍රිකට් කණ්ඩායම තේරීම සඳහා අමාත්‍යවරයා කිසිදු අයුරකින් මැදිහත්වීමක් නොකරන බවයි. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් […]


Apr
20

හෙරොයින් පාර්සලයක් සමග දිව ගිය සැකකරු අත්අඩංගුවට

Generic placeholder image

වත්තල පොලීසියට ලැබුණ තොරතුරක් අනුව ත්තල, දික්ඕවිට ප්‍රදේශයේදී හෙරොයින් පාර්සලයක් සමග දිව යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.වත්තල, දික්ඕවිට ප්‍රදේශයේම පදිංචි අවුරුදු 35ක් වන සුරංග සුජීව අල්විස් නැමැති පුද්ගලයෙක් හෙරොයින් කිලෝ 1.037ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Apr
20

කිම් ජොං අන් හා පුටින් අතර හමුවක්

Generic placeholder image

උතුරු කොරියා නායක කිම් ජොංග් අන් සහ රුසියා ජනාධිපති වැලැදිමීර් පුටින් අතර හමුවක් මෙම මාසයේදී සිදුවීමට නියමිත බව රුසියා රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. 2002 වසරෙන් පසුව රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් උතුරු කොරියානු නායකයෙක් මුණ ගැසෙන පළමු අවස්ථාව මෙයයි. මිට පෙර වත්මන් උතුරු කොරියානු නායකයාගේ පියා සහ රුසියානු ජනපතිවරයා අතර හමුවක් සිදුවූ බව විදෙස් මාධ්‍ය […]


Apr
20

රාවණා 1 අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙයි

Generic placeholder image

‘ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව රැගත් සිග්නස් අභ්‍යාවකාශ යානය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වී තිබෙනවා. ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත රාවණා වන් ගමන් ආරම්භ කළේ. රාවණා – වන් චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට දායකත්වය ලබා දි ඇත්තේ ශ්‍රි ලංකික ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා යන දෙදෙනායි. චන්ද්‍රිකාව ඝණ සෙන්ටිමීටර් දහසක ප්‍රමාණයකින් සහ කිලෝග්‍රැම් 1.05 බරින් […]


Apr
20

ආසියානු මළල ක්‍රීඩා තරඟාවලිය හෙට

Generic placeholder image

ආසියානු මළල ක්‍රීඩා තරඟාවලිය හෙට දෝහා කටාර් වලදී ආරම්භ වනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා ක්‍රිඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. කණ්ඩායමේ නායකත්වය දරන්නේ නිමාලි ලියනආරච්චි විසින්. 1973 වසරේ ආරම්භ වූ ආසියා මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 19 ක් රිදී පදක්කම් 14 ක් සය ලෝකඩ පදක්කම් 19 ක් දිනා ගෙන තිබෙනවා.


Apr
20

සියත කෝකිල වසන්තය අද

Generic placeholder image

සියත කෝකිල වසන්තය – 2019 අද හිගුරක්ගොඩ ගම්උදාව ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා. අද පෙරවරු 08 00 සිට සියත ටීවී ඔස්සේ සජීවීව සියත කෝකිල වසන්තය නැරඹිය හැකියි. හෙළ ජන ක්‍රිඩා සහ තවත් ආකර්ෂණීය ක්‍රිඩා රැසක් මේ වෙනුවෙන් සංවිධානය කර තිබෙනවා. කාන්තා පිරිමි පාපැදි සවාරිය අවුරුදු කුමරා සහ කුමරිය ගම හරහා දිවීම කොට්ටා පොර ආදී තරග රාශියක් අවුරුදු උළෙල […]


News Articles
Latest Videos
Most Popular Post