වහම ක්‍රියාත්මක වන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ශැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදීනි ශාන්තා මායාදුන්නේ ජීවිතක්ශයට පත්ව ඇති අතර අද උදෑසන ඔවුන් ලබාගත් අවසන් ඡායාරූපය ඇය ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍යයේ පල කර තිබුණේ මේ ආකාරයටයි.
අගමැති රනිල් වික්‍රමසින්හ මහතා රටේ මේ වන විට සිදු වී තිබෙන සිදු වීම දැඩි ලෙස හෙළා දකින බව සිය ටුවිටර් ගිණුම වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව සිදු වී තිබෙන තත්ත්වය සාමකාමීව, එක්සත්ව, ශක්තිමත්ව කටයුතු කරන ලෙස එතුමා මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අද පෙරවරුවේ සිදු වූ කණගාටුදායක සිද්ධිය පිළිකුල් සහගතව හෙලා දකින බව පිපිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා. තවද මියගිය හා තුවාල ලැබූ පවුල් වල අයට තමාගේ කණගාටුව ප්‍රකාශ කළ කාදිනල් තුමන් ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් ඉල්ලිමක්ද සිදු කළා. ඒ හැකි පමණින් ලේ බැංකු වෙත රුධිර පරිත්‍යාගයන් සිදු කරන ලෙසත්, නීතිය අතට […]
රටේ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් රජය ජනතාව වෙත විශේෂ දැනුම්දීම් කිහිපයක් සිදු කර සිටිනවා. ඒ අනුව පොදු ප්‍රවාහන භාවිතා කිරීමේදී අවම වශයෙන් ඒවා භාවිතා කරන ලෙසත් ,සෙනඟ ගැවසෙන ස්ථාන වල ගැවසීමෙන් වලකින ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. තවද පිපිරීම් සිදු වූ ස්ථාන වල ගැවසීමෙන් වලකින ලෙසත් ජනතාවගෙන් රජය ඉල්ලා සිටිනවා.
දිවයින පුරා උද්ගතව ඇති තත්ත්වය හේතු කොට ගෙන හෙට (22) සහ අනිද්දා (23) දිවයින පුරා රජයේ පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
රටේ සිදු වී තිබෙන තත්ත්වය හේතුවෙන් බස් රථ වල පාර්සල් ගෙන යාම තාවකව නවතා තිබෙනවා. ජනතාවට කලබලයෙන් තොරව සන්සුන්ව මෙම තත්වයට මුහුණ දෙන ලෙස රජය සහ ආගමික නායකයින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ අද (21) පෙරවරු 10.00 සිට ආරක්ෂාව දැඩි කර තිබෙනවා ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ අද දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් සමගම මෙම පියවර ගත් බවයි. ගුවන් තොටුපළ වෙත පිවිසෙන මගීන් හැර වෙනත් කිසිවෙකු ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ඇතුළු කර නොගන්නා අතර, එසේ පැමිණෙන මගීන් සහ […]
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ පිපිරීම් හේතුවෙන් මේ වන විට මිය ගිය පිරිස 101 ක් වාර්තා වන අතර ජනාධිපති මාධ්‍ය අමතමින් ඊට කණගාටුව පල කරා. තවද මෙම සිදු වීම හේතුවෙන් ජනතාව එකා මෙන් සිට එකිනෙකාට උදව් කරන ලෙස ජනාධිපති ඉල්ලීමක් සිදු කළා.
දිවයිනේ ප්‍රදේශ රැසක පිපිරීම් හේතුවෙන් මීගමුව කටාන ප්‍රදේශයේ සිදු වූ පිපිරීමෙන් 50 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
දිවයිනේ සිදු වූ ස්ථාන කිහිපයක පිපිරීම් හේතුවෙ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසින්හ මහතා කඩිනමින් කොළඹ බලා ගමන් ගන්නවා. මේ සඳහා විශේෂ සාකච්චාවක් කඩිනමින් පවත්වන බව ආචාර්ය හර්ශ ද සිල්වා මහතා ප්‍රකාශ කරා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඇති වූ පිපිරීම් කිහිපය හේතුවෙන් 200 කට අධික ප්‍රමාණයක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබූ අතර මේ හේතුව නිසාවෙන් මේ වන විට 24 ක් මිය ගොස් තිබෙන බව කොළඹ ජාතික රෝහල වාර්තා කරනවා.