ඩුබායි රටින් පිටුවහල් නොකරන ලෙස මාකඳුරේ මදූෂ් විසින් ගොනුකල පෙත්සමේ නඩු තීන්දුව අද ලබාදීමට නියමිතයි. මේ අනුව මධූෂ් ඉදිරියේදී මෙරටට පිටුවහල් කරනවාද , නැද්ද යන වග තීරණය කෙරෙනවා.
ඩුබායි අත්අඩංගුවේ පසු වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අද මෙරටට පිටුවහල් කර තිබෙනවා. පියල් පුෂ්ප කුමාර සහ මොහොමඩ් අෆ්රිඩී මොහොමඩ් ඉන්හාම් නැමැති පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස දිවයිනට පැමිණි බවයි පොලීසිය සඳහන් කළේ. එම පුද්ගලයින් දෙදෙනා ප්‍රශ්න කිරීම සඳහා මේ වන විට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා. ඊයේ තවත් පුද්ගලයින් 06 දෙනෙකු ඩුබායි සිට මෙරටට පිටුවහල් කෙරුණා. […]
ඉන්දියාවේ ටික් ටොක් තහනම් කර තිබෙනවා. ඒ එමගින් අසැබි වීඩියෝ නිර්මාණය වන බවට වූ අධිකරණ පැමිණිල්ලත් සමඟයි.ඒ අනුව ගූගල් සහ ඇපල් යන සමාගම් වෙතද මේ සම්බන්ධයෙන් ඉන්දීය රජය දැනුම් දී තිබෙනවා. ඒ අතර බන්ගලාදේශයේද ටික් ටොක් තහනම් කර තිබෙනවා. ඒ කුඩා ලමුන් ඒ වෙනුවෙන් යොදා ගැනීම නිසායි. ටික් ටොක් පරිභෝජකයින්ගේ ගණන මිලියන 500 කට අධිකයි.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට අද (17) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් පතිත වුණි. බගවන්තලාව, නොර්වුඩ් , මස්කෙලිය සහ හැටන් යන ප්‍රදේශවලට අද පස්වරු 1 සිට පස්වරු 2.30 පමණ වන තෙක් ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් වැසි ජලයෙන් යට විම නිසා එම මාර්ගයේ ගමනා […]
ගෘහ සේවය සඳහා ගොස් සිටියදී කුවේට් රටේ හාම්පුතුන් වෙතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ කාන්තාවන් 26 දෙනෙකු අද (17දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා. එම නිවෙස් වලින් මෙසේ හිරිහැර, කරදර සිදුවීමෙන් පසු ,ඔවුන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ තිබූ අතර, ඉන්පසු එහි ” සුරක්ෂා” රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි ශ්‍රී ලාංකික […]
දිඹුල-පතන පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් තේ වතුයායේ තේ ගස් අතර තිබී අඩි දෙකක් පමණ උස අඩි 04 ක් පමණ දිග විශාල දිවියෙකුගේ මළ සිරුරක් අද (17) පෙ.ව. 08.00 ට පමණ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් විසින් සොයාගෙන ඇත. මෙම දිවි මළ සිරුරු අසල තිබී හිස හා කකුළක් පමණක් ඉතිරිව ඇති සුනඛයෙකුලේ මළ සිරුරක්ද හමු […]
ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද කියා තීරණය කරන්නේ පක්ෂයේ සියලු දෙනාගේ කැමැත්ත අනුව බ්ව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.තවද, නියත වශයෙන්ම ජයග්‍රාහණය කරනු ලබන අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවද එතුමා වැඩිදුරටත් සඳහන් කරා. බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය ඉටු කිරීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අප්‍රේල් මන්ත්‍රී වැටුප මහරගම අපෙක්ෂා රෝහල වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා. ෆයිට් කැන්සර් ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරන අපේක්ෂා රෝහල වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ ව්‍යාපෘතිය සඳහා ඔහු මෙසේ සිය වැටුප පරිත්‍යාග කර තිබේ.මේ සඳහා අවශ්‍ය මුදල රුපියල් බිලියනය ඉක්මවයි.
මහියංගනය ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.අද අලූයම 01.30ට පමණ පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුරින් වෑන් රථයේ ගමන් ගත් 10 දෙනෙකු මහියංගනය රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර කාන්තාවන් තිදෙනෙක් සහ කුඩා දරුවන් තිදෙනෙක් මියගිය පිරිසට අයත්. […]
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගය රාජස්ථාන් රෝයල් සහ කිංගස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම් අතර ඊයේ චන්දිගාර් හීිදී පැවැත්වුණු තරගයෙන් පන්ජාබ් කණ්ඩායම ලකුණු 12 ක ජයඝ්‍රහණයක් වාර්තා කළා. තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම පන්දුු වාර 20 අවසානයේ කඩුල් 06 ක් දැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 182 ක්. ලෝකේෂ් රාහුල් පන්දු 47 කදී ලකුණු […]
ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි මධ්‍යකාලීන යුගයට අයත් නොට්රඩාම් දේවස්ථානය යළි පිළිසකර කිරීම සදහා ලොව නන් දෙසින් ආධාර ලැබෙමින් පවතිනවා. යුනෙස්කෝ සංවිධානය ද සදහන් කලේ මෙම කරතව්‍ය සදහා ප්‍රංශය සමග අත්වැල් බැද ගන්නා බවයි. ප්‍රතිසංස්කරණ කටයුතු සදහා යුරෝ මිලියන 300 බැගින් ලබා දීමට දානපතියන් දෙදෙනෙකු ද ඉදිරිපත් වී සිටිනවා. කතෝලික ජනතාව සිය හදවත ලෙස සලකන නොට්රඩාම් […]
බීමතින් කලහාකාරීව හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ පසුගිය දින වල දී එවැනි සිදුවීම් රැසක් වාර්තා වීම ඊට හේතුව බවයි. මේ අතර පසුගිය 11 වනදා සිට සිදු කල මෙහෙයුම් වලදී බීමත් රියදුරන් 1 270 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලබා ගෙන ඇති […]