ඉන්දීය ගුවන් නියමුවා හෙට නිදහස් කරන බව අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කරනවා. වැඩිදුර තොරතුරු බලාපොරොත්තුව වන්න. UPDATE පකිස්ථාන අගමැති ඉම්රාන් ඔවුන් සතුව සිටින ගුවන් නියමුවා නිදහස් කරන බව ප්‍රකාශ කරනවා. එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ පකිස්ථාන පාර්ලිමේන්තුව අමතමින්ය. එහිදී අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර සිටියේ , ”මම ඊයෙ මෝඩිව දුර සම්බන්ධ කරගන්න උත්සහ කරා, […]
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර වියට්නාමයේ දී පැවති දෙවන සාකච්ඡුා වටය ද එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ නායකයින් දෙපළ දෙදිනක් පුරා සාකච්ඡා පැවැත්වුවද උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණය කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට දෙපාර්ශවයම අපොහොසත් වී ඇති බවයි. එහෙත් සාකච්ඡා සාර්ථකව පැවති බවයි දෙරටම නිවේදනය කළේ. ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් […]
16 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගැණුනු දකුණු පළාත් සභා මන්තී‍්‍ර කි‍්‍රෂාන්ත පුෂ්ප කුමාර ඇප මත මුදාහැර තිබේ ඒ, සැකකාර මන්තී‍්‍රවරයා ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අද පෙරවරුවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් සැකකාර මන්තී‍්‍රවරයා අක්මීමණ පොලීසියට භාර වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගැණුනා. අදාළ දැරිය අපයෝජනයට ලක්ව ඇත්තේ මන්තී‍්‍රවරයාට අයත් දේවාලයක් තුළදීයි.
පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් ඉතාම අඩු අදායම් ලබන අය බවත් ඔවුන් පිළිබඳව තමන්ට කනගාටුවක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන වාහන දීමනාව ඇතැම් මන්ත්‍රිවරන්ට ඉන්ධන ලබාගැනීමටවත් ප්‍රමාණවත් නොමැති බව ඔහු සඳහන් කළේය. මන්ත්‍රීවරුන්ට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් ලබාදෙන තීරුබදු රහිත […]
සත්කාරක ඉන්දීය කණ්ඩායම හා පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන්ද කඩුලු 7ක ජයක් වාර්තා කරමින් ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ පළමු විස්සයි 20 තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ (27දා) සමත්විය. චච පිටියේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 4ට ලකුණු 190ක් රැස්කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩලු 3ක් දැවී ඉලක්කය […]
ජෝන් අමරතුංග මහතාගේ චරිත දෙකක් මම දකිනවා. එකක් තමයි දේශපාලනඥයෙක් විදියට දකින එතුමාගේ චරිතය. දේශපාලනඥයෙක් කියන චරිතය ඉවත් කරලා ජෝන් අමරතුංග කියන චරිතය ගත්විට ඒ චරිතය මිත‍්‍රශීලී, සුහදශීලී හා සමාජශීලී චරිතයක් විදියටයි මම දකින්නේ. බොහෝ අවස්ථාවල යම් යම් දේශපාලන ගැටුම් ප‍්‍රශ්න ඇතිවන වෙලාවල් තියෙනවා. මම දන්නවා එතුමා සරලව, නිවුන විදියට, සිනහමුසු මුහුණින් ඒ ප‍්‍රශ්නවලට මුහුණ […]
එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත්සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.වයස අවුරුදු 16 ක දැරියකට බරපතළ ලිංගික අපයෝජනය කළ බවට වන චෝදනාවක් මත සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ. අක්මීමන පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.. ඔහු විසින් මෙම අපයෝජනය සිදුකර ඇත්තේ දේවල භූමියක් තුළදියි.
වංචාව, දුෂණය සහ හොරකම මුල් බැසගෙන තිබෙන මේ රට ගොඩනැගීමට නම් විගණන සේවය ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (27) බත්තරමුල්ල විගණන දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති ශ‍්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වන වාර්ෂික මහා සභා රැස්විම අමතමිනි. එහිදි ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මේ රටේ රාජ්‍ය […]
ශ්රී ලංකාව පළමු වරට පසුගියදා නිෂ්පාදනය කරන ලද මල්ටි බැරල් රොකට් විදිනයේ හා මිසයිලයේ අනුරුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා. අතීත යුද අත්දැකීම් ද ඇසුරු කර ගනිමින් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නිර්මාණය කළ මෙරට මුල්ම මල්ටි බැරල් රොකට් විදිනය සහ මිසයිලය පසුගිය […]
සංයමයෙන් යුතුව කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්ටෝනියෝ ගුටරෙස් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ, ඉන්දියාව සිය දේශසීමාව ආසන්නයේ පිහිටි පකිස්ථානයේ ජයීෂ් ඒ මොහොමඩ් ත්‍රස්ත සංවිධානයේ විශාලතම පුහුණු කඳවුරට ඊයේ ගුවනින් බෝම්බ හෙළීමෙන් පසු දෙරට අතර උත්සන්න වූ ගැටුම්කාරී තත්ත්වය හමුවේයි. ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද එක්සත් […]
පාතාල නායකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාගේ සමීපතමයෙකු වන 41 හැවිරිදි පුද්ගලයෙකු ආදුරුප්පුවීදියේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ද සොයාගෙන ඇති බවයි.
රටවල් දෙක අතර දේශ සිමාවේ පවතින තත්ත්වය උත්සන්න වුවහොත් එය මාගේ හෝ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගේ පාලනයෙන් තොරවනු ඇති බවත්, ඒ හේතුවෙන් තමා සිය අසල්වැසි රට වන ඉන්දියාවට මේ පිළිබදව සාකච්ජා කිරීම සඳහා ඇරයුම් කරන බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මිට සුළු මොහොතකට පෙර ජාතිය අමතා නිවේදනය කර සිටියා. “ ඉතිහාසය අපට බොහෝ දේ කියා දීලා […]