ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු මේ වන විට සුළු වේලාවක් සඳහා කල්තබා තිබෙනවා. ඒ අනුව විනාඩි 15ක් සඳහා මෙලෙස එහි කටයුතු කල් තැබුණු බවයි වාර්තා වුණේ. ජනාධිපතිවරයා විසින් ඉකුත්දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණුු කෙරුණු පෙත්සම් අද (13) යළි විභාගය මෙහිදී සිදු වුණා.
යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විශ්වවිද්‍යාලයීය සිසු, සිසුවියන් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එක්ව එම ආයුර්වේද වෛද්‍ය විශ්වවිද්‍යාලයේ හා කැලණිය විශ්වවිද්‍යාලයේ අර්බුද ගණනාවක් මුල්කර ගනිමින් ඊයේ (12 දා දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බවට නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර ඇති බව වාර්තාවෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් සඳහා නීතිපතිවරයාගේ මතය ප්‍රකාශ කරමින් ඔහු මේ බව සඳහන් කර කළේය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විදුරුවා හැරීමට […]
අගමැති මහින්ද රාජපක්ස මහතා හා සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය අතර හමුවක් පවත්වා තිබේ. ඊයේ (12දා) මෙම හමුව පත්වා ඇති අතර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා හා මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාද මෙම හමුවට එක්ව තිබේ. මෙහිදී මුස්ලිම් ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්චා පැවැත්වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
ජනාධිපතිවරයා විසින් ඉකුත්දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණුු කෙරුණු පෙත්සම් අද (13) යළි දෙවන දින විභාගය ආරම්භ වී තිබෙනවා
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති ගත් තීරණයට සහය පළකරමින් මහාචාර්ය ජී එල් පීරිස්, ඇමති වාසුදේව ඇතුළු 5 දෙනෙකු අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ 29 වන ඉල්මහ විරු සමරුව අද කොළඹදී පැවැත්වෙනවා. මෙය පස්වරු 3.30 කොළඹ විහාර මහා දේවී එලිමහන් රංග පීඨයේදී එය ආරම්භ වීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂය ලබාදෙන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මාධ්‍ය අමතමිනුයි ඔහු මේ බව සඳහන් කළේය. ”අපේ ප්‍රාර්ථනාව සර්ව සාධාරණත්වයක් ඉටුවෙයි කියලා. නීත්‍යනුකූල නොවන මැතිවරණවලට අපි බයයි. නීත්‍යානුකූල මැතිවරණවලට අපි කිසිසේතම බය නෑ” මම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබපු දවසේ ඉදලා මම ඕනම දේකට ලෑස්තියි. […]
ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අනාවරණයක් සිදුකල දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට තීරණය කල බවට තොරතුරු වාර්තා වනවා.කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේදීම ඔහු තමන් මැතිවරණයේදී පොදුජන පෙරමුණට සහයෝගය දක්වන බවට ප්‍රකාශ නිකුත් කර තිබුණා.
පවතින තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීම පිළිබදව සාකච්ඡා කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමිනුයි හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
භේදයකින් තොරව කොමික් රසිකයන්ගේ ආදරය දිනාගත් කොමික් ලොව නොමැකෙන සටහනත් තැබූ සොඳුරු මිනිසා, ස්ටෑන් ලී ඊයේ (12) දිනයේදී වසර 95 ක ආයු කාලයක් විඳීමෙන් පසුව අභාවප්‍රාප්ත වී තිබෙනවා. Black Panther, Spider-Man, the X-Men, the Mighty Thor, Iron Man, the Fantastic Four, the Incredible Hulk, Daredevil and Ant-Man යන චරිත නිර්මාණය කරමින් ලොව පුරා ජනාදරයට පත්විය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණය අවට ප්‍රදේශයට මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බව වාර්තා වෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද දින (13) යළි සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12)දිනයේදී තීරණය කළා. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී […]