කම්කරු දෙපාර්තමේන්තුවේ කළුතර සහකාර කොමසාරිස් කාර්යාලයේ ඇතැම් සේවකයින් මහජනතාව පීඩාවට පත්වන පරිදි කටයුතු කරන බවට තොරතුරු වාර්තා වුණා. එලෙස පැමිණිලි කළ කිහිපදෙනෙකුම කියා සිටියේ යම් යම් තොරතුරු දැන ගැනීම සඳහා එම කාර්යාලයට දුරකථනයෙන් ඇමතූ විට සේවකයින් ඊට ප්‍රතිචාර දැක්වූයේ නොසැලකිල්ලකින් බවයි. ඇතැම් සේවකයින් සැර පරුෂ ලෙස කතා කළ බවද තම අවශ්‍යතා ඉටු කර නොදුන් බවද […]
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ මූලික කටයුතු ඉටු කිරීම මැතිවරණ කොමිසම විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල් චන්ද්‍රවංශ පෙරේරාට පවරා තිබෙනවා. මැතිවරණය සංවිධාන කිරීම, මැතිවරණ නිලධාරීන්ට උපදෙස් ලබා දීම සහ අවශ්‍ය මුදල් ලබා දීම වැනි කටයුතු මීට ඇතුළත්. මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ ඒ දිස්ති‍්‍රක්කයෙන් තෝරා පත් කර ගැනීමට නියමිත මන්තී‍්‍රවරුන් ගණන දැක්වෙන අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් […]
කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදිවන අවසන් මහවැලි යෝජනා ක්‍රමය වන මොරගහකන්ද කළු ගඟ වාරි ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ ජල පිරවුම් කටයුතු මේ වන විට ප්රශස්ත මට්ටමක පවතින බව මහවැලි අධිකාරියේ නිලධාරිහු පෙන්වා දෙනවා. ජලාශයේ ජල පිරවුම් කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ ඉකුත් ජූලි මාසයේ දීයි. පවතින වැසි සමයත් සමග එළඹෙන […]
බස් ගාස්තුව පසුගිය 08 වැනිදා සිට 02% කින් අඩු කළ බවට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළද බොහෝ බස් රථ කොන්දොස්තරවරුන් පෙර ගාස්තුවම ලබාගන්නා බව මගී ජනතාව සඳහන් කරනවා. ගාස්තු අඩුවීමේදී හෝ වැඩි වීමේදී ඒ පිළිබඳ බස් රථය තුළ ප්‍රදර්ශනය කළ යුතු වුවද, මෙතෙක් එම කටයුත්ත හෝ සිදුකර නොමැති බවද මගී ජනතාව පෙන්වා දෙනවා. […]
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙනු ඇතැයි කි‍්‍රකට් ආරංචි මාර්ග පවසනවා. කි‍්‍රකට් නිලවරණයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා තුන් දෙනෙකුගෙන් යුත් නිලවරණ කමිටුවක්ද කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් ඊයේ (12) පත් කරනු ලැබුවා. හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක, හිටපු මහාධිකරණ විනිසුරු අයි. එම්. අබේරත්න සහ අධ්‍යාපන අමාතාංශයේ හිටපු ලේකම්වරයෙකු වන සුනිල් සිරිසේන මෙම නිලවරණ […]
පුළුල් පෙරමුණකින් සහ නව ලකුණක් යටතේ ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එකගතාවකට පැමිණ තිබෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) රාති‍්‍රයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවති සාකච්ඡාවකදියි. ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ මෙවර මහ […]
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනු කළ පෙත්සම් විභාග කිරීම අද දවසෙදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිද්ද උනා. දේශපාලන පක්ෂ ඇතුළුව පෙත්සම් 11 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව අද දිනයේදී ඉදිරිපත් කර තිබුණා. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වූ මේ නඩුව හෙට උදෑසන 10 දක්වා කල්දමා ඇති බවයි සියත 24 අධිකරණ වාර්තාකරුවන් වාර්තාකර සිටියේ.
https://youtu.be/O92f0A1AHw0
ප්රජාතන්ත්රවාදය හා රටේ නීතිය මේ වනවිට දැඩි අස්ථාවරතත්වයට පත්වී ඇතැයි පවසමින් විරෝධතාවයක් අද (11) ලිබර්ටි වටරවුමේ දී පැවැත්විණි. “ලක්බිමේ දියණියෝ” කාන්තා සංවිධානයක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කෙරිණි.
මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රාගාමී දුම්රියේ ගැටීමෙන් තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබේ. අද පෙරවරුවේදී පේරාදෙණිය හංදියට ආසන්නයේදී තරුණිය දුම්රියට පැන දිවි නසාගැනිමට කටයුතු කළාය. මෘත ශරීරය එම දුම්රියෙන්ම පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයට රැගෙන ඒමට කටයුතු කළේය.
මධ්‍යම පළාතේ කුඩා මැස්සෙකුගෙන් පැතිරියන සමේ රොගයක් පවතින බවත් සමේ සුව නොවන තුවාලයක් පැවතුනහොත් සුදුසුකම් ලත්වෛද්ය වරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගන්නා ලෙස මධ්‍යම පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය ජනතාව වෙත පවසයි. ලිෂ්මානියස් නමින් හදුන්වන මෙම රෝගය කුඩා මැස්සෙකුගෙන් බෝවන අතර මෙම මැස්සා දෂ්ට කල පසු සමේ රතුපාට පැල්ලමක් මතුවි එම ස්ථානය කැසිමට ලක් […]
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනු කළ පෙත්සම් විභාග කිරීම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වී තිබේ. දේශපාලන පක්ෂ ඇතුළුව පෙත්සම් 11 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව අද දිනයේදී ඉදිරිපත් කෙරිණි. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම් විභාග කිරිම අාරම්භ වී තිබේ.