හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයේ ස්වයං ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්ව ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ පැවසුවා. සන්ධානය පවත්වන ජන මහිම රැළියට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ” රනිල් බේරා ගැනිමට රතු අලි පැටියා කර ගහලා තිබෙනවා. වික්‍රමසිංහ පිළිකාව ගලවා ඉවත් කිරීමට තිබුණේ පනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණයි. එතුමා ඔක්තෝබර් 26 […]
දකුණු දිග බෙංගාල බොංක ආශ්‍රිතව නොවැ 05 වන දින අවපිඩන තත්වයක් ඇතිවිම නිසාවෙන් වැසි බලාපොරෝත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙින්තුව සදහන් කළ තිබෙනවා. එම අවපිඩන තත්වය 6-8 යන දිනවලදි බස්නාහිරට බරව නිරත දිග බෙංගාල බොක්ක හරහා මන්නාරම බොක්ක දිශාවට ගමන් කිරීමෙි හැකියාවක් පවතිනවා. මෙි නිසා දිවයිනේ බෝහෝ පුදේශවල ගිගුරුමි සහිත වැසි ඇතිවමෙි හැකියාවක් පවති […]
පාර්ලිමේන්තු වරප්‍රසාද පනත කඩකරමින් කථානානයක කරු ජයසූරිය මහතා කටයුතු කළ හොත් ඔහුට දැඩි දඬුවම් විදීමට සිදුවනු ඇති බව හිටපු කථානායක විජමු ලොකු බණ්ඩාර මහතා පවසයි. ජනමහිම ජන රැළියට පාර්ලිමේන්තු වටරවුමේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදි අදහස් දැක්වූ නව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාද සඳහන් කළේ කථානායක කරු ජයසූරිය මහතා ව්‍යවස්ථාව අභිබවමින් කටයුතු කරන බවයි. […]
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන අය ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයනියෝග කළා.ඒ මන්ත්‍රීවරුන් දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප මතයි.නීතිඥ අජිත් ප්‍රසන්නට පසුගිය නොවැම්බර් 01 වැනිදා කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට දී පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙනුයි අද දිනයේදී මන්ත්‍රීවරුන් දෙදෙනා කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ.
රට රකින ජන මහිමය ජන රැලියේ පෙර සුදානම් කටයුතු වල නිරතවෙමින් සිටියදි මාධ්‍යය වෙත අදහස් දැක්වූ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රී වරයා හිටපු අගමැති සැම විටම කුමන්ත්‍රරණ හරහා බලයට පත් වූ පුද්ගලයෙක් බවට චෝදනා කලා. මේ එහි සම්පූරණ හඩපටය..
ජනපති තුමන්ට සහ නව අගමැති තුමාට සහයෝගය පල කරමින් අද දවසේ පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන රට රකින ජන මහිමය ජන රැලිය මීට සුළු මොහොතකට පෙර ආරම්භකර තිබෙනවා. ඒ පවතින වර්ෂාවද නොතකමින්. මේ එහි අපට ලැබුණු ජායාරූප කිහිපයක්. මෙහි වැඩි විස්තර සියත 24 තුලින් බලාපොරොත්තුවන්න..
නව ආණ්ඩුව දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරයි නම් මෙම අර්බුදයෙන් ඇතිවන එකම හොඳ වන්නේ එය වනු ඇති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරනවා. දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් කටයුතු කරනු ඇති බවට වර්තාව වන තොරතුරු පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සිය […]
කොට්ටාව අධිවේගී පිවිසුම්මෙහි පිටවීම් මංතිරුවේ විශාල වාහන තදබදයක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ට කොට්ටාව පිටවීම මගහැර අතුරුගිරිය සහ කඩුවෙල පිටවීම් භාවිතාකරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
ලබන 14 වැනිදාට පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමෙන් පසු මීළඟ අර්බුදය හට ගන්නේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ බව, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කර සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අද පවත්වන රැළියෙන් පසු තම ආණ්ඩුවට තවත් මන්ත්‍රීවරුන් පස්දෙනෙකු එකතුවන බවයි.
කතානායක කරූ ජයසූරිය මහතා පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා චෝදනා කරනවා, ඔහු මේ බව සදහන් කලේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
විශ්‍රාමික මේජර් ජෙනරාල් අජිත් ප්‍රසන්නට පහරදීමේ සිද්ධියට සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම කොල්ලුපිටිය පොලිසියට භාර වී තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා. එලෙස භාරවීමෙන් පසු ඔවුන් දෙදෙනාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නිරෝෂා අතුකෝරළ යන මන්ත‍්‍රීවරුන් විපක්‍ෂයේ අසුන් ගැනීමත් සමග අද නොසන්සුන්තාවයක් හට ගත්තා. ඔවුන් දෙදෙනා ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් තේරීපත් වූවන්.එම මන්ත‍්‍රී දෙපළ විපක්‍ෂයේ අසුන්ගැනීමත් සමඟ සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර ඒ හේතුවෙන් සභාව විනාඩි 15කට කල්තැබීමට සභාපති සුනිල් විජේරත්න මහතා තීරණය කර තිබුණා.