කුකුලූ මස් සහ බිත්තර සඳහා පාලන මිලක් පැනවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ ඊයේ රැස්වූ ජීවන වියදම් කමිටුවේදී මේ පිළිබදව සාකච්ඡාවට ලක් වූ බවයි. මේ වනවිට වෙළදපොලේ බිත්තරයක් රුපියල් 19 ත් 20 ත් අතර මිලකට අලෙවි වනවා. කුකුලූ මස් කිලෝවක් රුපියල් 450 ත් 520 ත් අතර මිලක් දක්වා […]
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගන්නා ක‍්‍රියාමාර්ගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දැනුම් දීමට නියමිතයි. චෝදනා ආඥා කෙටුම්පත නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දුන්නේ පසුගිය 30 වනදායි. ඒ අදාළ නඩුව එදින අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදීයි. එහිදී නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව […]
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන රත්මලානේ මංජු නැමැත්තාගේ ප‍්‍රධාන ගෝලයෙකු හෙරොයින් සමග අත්අඩගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. සැකකරු තවත් කාන්තාවක් සමග යතුරුපැදියකින් හෙරොයින් ප‍්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 209 කට අධික ප‍්‍රමාණයක් භාරයට ගත් බවයි පොලිසිය සදහන් […]
ප‍්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව් පේ‍්‍රමරත්න මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද අලූයම අභාවප‍්‍රාප්ත වී ඇත්තේ කොළඹ ජාතික රෝහලේදීයි. මිය යනවිට ඩබ්ලිව් පේ‍්‍රමරත්න මහතා 75 වන වියේ පසු වුණා. අමකර කුරවි සරින් මිහිලියගේ තුනු සපුව පුරා ඈත චන්දන හිමේ ආදී ප‍්‍රකට ගීත රැසක් ඒ මහතා ගායනා කර තිබෙනවා. එමෙන්ම සිනමා නිර්මාණ 12 […]
නීතිවිරෝධී ලෙස ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍ර සකස් කළ පුද්ගලයෙකු තලංගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. සැකකරු තලංගම ප‍්‍රදේශයේ නිවසක සිට නීතිවිරෝධී ලෙස අන්සතු විදේශ ගමන් බලපත‍්‍ර ළග තබා ගනිමින් මෙම ව්‍යාජ ගමන් බලපත‍්‍ර සැකසීම සිදුකර තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී කොරියාව […]
ඉරානය සමග වෙළද ගනුදෙනු කරන කිසිදු පාර්ශවයක් ඇමෙරිකාවේ වෙළද හවුල්කරුවෙකු නොවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. ට‍්‍රම්ප් මේ බව ප‍්‍රකාශ කළේ ලබන නොවැම්බර් මාසයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ඉරානයට යළි පැනවූ සම්බාධක සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරමින්. තෙල් අපනයනය සම්බන්ධයෙන් මෙම සම්බාධක දැඩිව කි‍්‍රයාත්මක බව ට‍්‍රම්ප් අවධාරණය කර තිබෙනවා. තමන් ලෝක සාමය වෙනුවෙන් මෙම කි‍්‍රයාවන් […]
මොරගහකන්ද – කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව දූෂණ වංචා අක‍්‍රමිකතා ඉදිරිපත් කිරිම සදහා ජනාධිපතිතුමා විසින් විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. එවැනි අක‍්‍රමිකතා පිළිබද කිසියම් නිශ්චිත තොරතුරක් සාක්ෂි සහිතව ඇත්නම් එම ඒකකයට අදාළ තොරතුරු ඉදිරිපත් කළ හැකියි. 011-2034159 දුරකථන අංකය සහ 011-2879976 ෆැක්ස් අංකය ඔස්සේ ඒ පිලිබද තොරතුරු දැනුම් දිය හැකි වනවා. අධ්‍යක්ෂ විමර්ශන, […]
විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද පස්වරු 03:00 ට පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබෙනවා. කතානායක කරූ ජයසූරිය මහතා සදහන් කළේ විපක්ෂ නායක ධූරය පිළිබද ස්ථාවරය මේ සතිය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. එම ස්ථාවරය අද දින ප‍්‍රකාශ කරන බවට තමන් පොරොන්දු නොවූ බව ද කතානායකවරයා සදහන් කළා. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් […]
නීතිවිරෝධී ලෙස බෝට්ටුවක් මාර්ගයෙන් ප‍්‍රංශය බලා ගමන් කරමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ශී‍්‍ර ලාංකිකයින් 21 දෙනා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔවුන් අද කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප‍්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයින් 19 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙක්. ධීවර කටයුතුවල […]
හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරුවන් අද යළි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදීයි. සැකකරුවන් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත‍්‍රාත්වරයා නියෝග කලේ. 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම අතරතුර සිරකරුවන් 27 […]
විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වල සිදු වන නවක වද සිදුවීම් පිළිබදව දැනුම් දීම සදහා හදිසි දුරකතන අංකයක් හදුන්වා දී තිබෙනවා. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කලේ 011 21 23 700 යන දුරකථන අංකයට අදාළ සිදුවීම් පිළිබද තොරතුරු ලබා දිය හැකි බවයි. මෙම අංකය පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා විවෘතව පවතිනවා. නවක […]
පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු වූ අනතුරින් පසු අඩාල වු දුම්රිය ධාවන කටයුතු එක් මංතීරුවක් මගින් සිදු කරන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. මේ වන විට ප‍්‍රමාදයකින් තොරව දුම්රිය ධාවනය සිදු වන බවයි එහි ප‍්‍රකාශකයෙකු සදහන් කලේ. පොල්ගහවෙල පනලිය දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ පස්වරුවේ සිදුවු දුම්රිය අනතුර හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුනා. […]