සූරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේ දී දේපල අහිමි වූවන් අද බලහත්කාරයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කඩා වැදුනා. ඒ අඩි 100 මාර්ගය සකස් කිරීමේ දී අහිමි වූ සිය ඉඩම් සදහා තවමත් වන්දි මුදල් ලබා දි නොමැති බව පවසමින්. ඒ අනුව දේපල අහිමිවූවන් අද හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල කාර්යාලය අසල […]
විදේශීය රටවලින් ආනයනය කළ ඇතැම් ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරිමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ අද කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්. දේශීය නව නිෂ්පාදන රැසක් වෙළෙදපොලට නිකුත් කර ඇති බවත් එමගින් වැඩි ආදායමක් ලබාගෙන ඇති බවත් අමාත්‍යවරයා සදහන් කලා. SIYATHA FM MAIN NEWS | 06:30 PM […]
තම ජන්ම දින සැමරුමේදී අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් සිදු කල ප්‍රකාශය පිලිබදව විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරන ලද්දේ එම අනුශාසනය නිසි පරිදි අවබෝධකර නොගත් පිරිස් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සදහන් කලේ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි අවස්ථාවේදී […]
වර්ජනයේ නිරත ගාල්ල කොළඹ හා මාතර කොළඹ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වල ගමන් බලපත්‍ර අහෝසි කිරිමට පියවර ගන්නා බව ජාතික ගමනා ගමන කොමිශන් සභාව පවසනවා. එහි සභාපති එම් ඒ ජී හේමචන්ද්‍ර මහතා සදහන් කලේ දුර පළාත් බස් රථ රියදුරන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සාධාරණ නොවන බවයි. ගාල්ල කොළඹ හා මාතර කොළඹ සාමාන්‍ය සේවා […]
ගල්කිස්ස රත්මලාන, චකින්දාරාම ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබිම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්්‍යාලය සදහන් කලේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි. ගල්කිස්ස රත්මලාන, චකින්දාරාම ප්‍රදේශයේදී අද පෙරවරු 07 20 ට පමණ සිදුවූ එම වෙඩි තැබීමෙන් යුධ හමුදා කෝප්රල්වරයෙකු තුවාල ලැබුවා. චකින්දාරාම මාවතේ පිහිටි […]
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා පිලිබදව මේ දින වල දැඩි කතාබහක් මතුව තිබෙනවා. ආණ්ඩු පාර්ශවය පවසන්නේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඒකාබදධ විපක්ෂය තුල අර්බුදයක් හටගෙන ඇති බවයි. ඒ අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සදහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සිවු දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උයද ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කලා. ඔහු සදහන් […]
මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා හයක සභාපතිවරුන් හා ප්‍රදේශීය සභා දෙකක උප සභාපතිවරු දෙදෙනෙකු අද පැවති මොනරාගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම වර්ජනය කරමින් ඉන් පිටව ගියා. ඒ ආසන පැනවීමේ ගැටලූවක් මුල්කර ගනිමින්. මොනරාගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී අද රැස් වුණා. එහිදී ආසන පැනවීම සම්භන්ධයෙන් මතුවූ ගැටලූවක් මුල් කර ගනිමින් පිටව ගියේ […]
පරාක්‍රම සමුද්‍රය අවට පවතින කැළිකසළ ගැටලූව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ පරාක්‍රම සමුද්‍රය අවට පරිශ්‍රයේ අද උදෑසන ශාරිරික සුවතාවල යෙදෙන අතරතුර දීයි. එහිදී සිදුව ඇති පරිසර විනාශය දුටු ජනාධිපතිතුමා එම ස්ථානයට සියලූ නිලධාරින් කැඳවනු ලැබුවා. එම ස්ථානයට සුදුසු පරිදි කසළ බඳුන් සවි කිරීමට සහ […]
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර නගරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරින් 2 598 දෙනෙකු යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශ අවරණය වන පරිදි ලබන 29 වනදා දක්වා අදාළ පොලිස් නිළධාරීන් රාජකාරියේ යොදා ඇති බවයි. සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිළධාරීන් ද ඒ අතර වනවා […]
කිලිනොච්චි, අම්බාල්කුලම් ගම්මානයට කඩා වැදුණු දිවියෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ සැකකරුවන් අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ, අවුරුදු 22, 23, 24 හා 26 යන වයස්වල පසුවන කිලිනොච්චි, ක්‍රිෂ්ණපුරම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් […]
මෝදර, රන්දිය උයන ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් දීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ,මීට පෙර අත්අඩංගුවට ගත් කාන්තාවකට නඩු පැවරීමෙන් වලක්වා මුදාහරින ලෙස ඉල්ලා ඇයගේ හිතවතෙකු විසින් පොලිස් නිලධාරියාට එම අල්ලස් මුදල ලබාදීමට උත්සාහ කර ඇති බවයි. එම ප්‍රදේශයේ කළ වැටලීමකදී 50 වන වියේ පසුවන අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ […]
වර්ජනයේ නිරත තැපැල් සේවකයින් කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ හේතුවෙන් විජේවර්ධන මාවත මරදාන සිට කොටුව දක්වා මාර්ගයෙන් අවහිර වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. මේ වනවිට ඒ අවට දැඩි රථවාහන තදබදයක් පවතින බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ. දීප ව්‍යාප්ත අඛණ්ඩ තැපැල් වර්ජනය සදහා අද සිට තැපැල් දෙපාර්තමේන්තුවෙන් […]