මෙවර යල කන්නයේ වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් පන්ලක්ෂ 38,399 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය කළින් සැලසුම් කළ පරිදි වගා කිරීමට යෝජිතව තිබුනේ කුඹුරු හෙක්ටෙයාර් ලක්ෂ 02 කට ආසන්න ප්‍රමාණයක්. එහෙත් වර්ෂාව හේතුවෙන් වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් පන්ලක්ෂය ඉක්මවා ඉහළ යාම නිසා මෙවර යළ කන්නයේ ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරෙනවා. […]
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි. වීරකැටිය ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිම සදහා රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියට අදාළව මෙම ප්‍රකාශය ලබාදීමට නියමිතයි. සිද්ධියට අදාළව පොදු දේපල පනත යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීම සහ අත්අඩංගුවට ගැනීම වළක්වාමින් අභියාචනාධිකරණය […]
කිලිනොච්චි, අම්බාල්කුලම් ගම්මානයට කඩා වැදුණු දිවියෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, වීඩියෝ පට හා ඡුායාරූප ඔස්සේ හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන් ඊයේ රාත්‍රී 9 ට පමණ අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 22, 23, 24 හා 26 යන වයස්වල පසුවන කිලිනොච්චි, ක්‍රිෂ්ණපුරම් හා පිරමන්දනාරු […]
ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ යානයක් තුළදී පාකිස්ථාන ජාතික කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙලෙස මිවගොස් ඇත්තේ සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන සේවයේ ඹඛ 306 ගුවන් යානයේ ගමන් කළ පාකිස්තාන ජාතික කාන්තාවක්. මියගොස් ඇත්තේ 86 හැවිරිදි නීසා ඇලිමුන් නම් කාන්තාවක් බවට හදුනාගෙන තිබෙනවා. ඇයගේ දේහය […]
මාතර රන් භාණ්ඩ අලෙවි සැල මංකොල්ලයට සම්බන්ධ පළාගිය සැකකරුවන් දෙදෙනෙකු සොයා තවදුරටත් පොලිස් මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොස්ගොඩ තාරකගේ මව ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුවන් පැමිණි යතුරුපැදියක ලියාපදිංචි හිමිකාරිය වීම හේතුවෙන්. අත්අඩංගුවට ගෙන ඇති කොස්ගොඩ තාරක ඇතුලූ අනෙක් සැකකරුවන් තුන්දෙනා […]
පොසොන් උත්සවය හේතුවෙන් අනුරාධපුරයේ පාසල් කිහිපයක් හෙට සිට ලබන 29 වනදා දක්වා දින හතරක් වසා දැමීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, සහිරා මුස්ලිම් මහා විද්‍යාලය, මහා බෝධිය විදුහල, මිහින්තලේ මහා විදුහල සහ තන්තිරිමලේ විමලඥාණ යන පාසල් එලෙස වසා දැමෙනු ඇති. පොසොන් උත්සවයේ රාජකාරි කටයුතු […]
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ කොදෙව් – ශ්‍රී ලංකා තෙවන ටෙස්ට් තරගයට පෙර නැවත ශ්‍රී ලංකාවට ඒවා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුමේ තිබූ විනය කරුණු කඩ කිරීම හේතුවෙන් ඔහු නැවත ශ්‍රී ලංකාවට එවූ බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වයේ දැනුම්දීම පරිදි, මෙම තීරණය ගත් […]
සිසුන් පිරිසකගෙන් පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හලාවත සවරාන මුස්ලිම් විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළ සිසුවා අද අලූයම මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම පාසලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්. ඔහු පසුගිය 15 වනදා දේවමෙහෙයකට සහභාගී වී ආපසු යමින් සිටියදී මෙම පහර කෑමට ලක් ඇති […]
මාතර රන් භාණ්ඩ අලෙවි සැල මංකොල්ලයේදී සිදු වූ වෙඩි තැබීමේදී අත්අඩංගුවට ගත් චාමර ඉන්ද්‍රජිත් නැමති සැකකරු පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ ඊයේ රාති‍්‍රයේ ඔහු මාතර කිරළකැලේ ප්‍රදේශයේ සගවා තිබූ බෑගයක් පෙන්වීමට යාමේදී එහි තිබූ අත්බෝම්බයක් රැගෙන පොලිසියට […]
ගල්කිස්ස ප්‍රදේශයේ දි ු තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ රාත්‍රී 10.00ට පමණ ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස, ධර්මපාල මාවතේ පදිංචිව සිටි 29 හැවිරිදි තරුණයෙක්. ආරවුලක් දුරදිගය යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය සිදුකළ මුලික […]
රත්‍රං බිස්කට් 60 ක තොගයක් සමඟ ආගමන විගමන නිලධාරියෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී 11.30ට පමණ කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පරිශ්‍රයේදි මෙම ආගමන විගමන නිලධාරියා අත්අඩංගුවට ගත්බවයි රේගුව පවසන්නේ. සැකකරු 50 හැවිරිදි ජ්‍යෙෂ්ඨ ආගමන විගමන නිලධාරියෙක්. ඔහු සතුව තිබී අත්අඩංගුවට ගත් රත්‍රං තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි හැට ලක්ෂයකට අධිකයි. විදෙස් රටක […]
තැපැල් බෙදා හැරීමේ කටයුතු සඳහා අවශ්‍ය වුවහොත් පොලිසියේ සහය ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව තැපැල් අමාත්‍ය එච් එම් හලීම් මහතා පවසනවා. අමාත්‍යවරයා සියත ප්රවෘත්තී වෙත කියා සිටියේ මේ වන විට පොලීසියේ ඒ සම්බන්ධයෙන් ඉලලීමක්ද සිදුකර ඇති බවයි. තැපැල් වර්ජනයක් සමග බෙදාහැරීමේ කටයුතු සියල්ල ඇණ හිටී ඇති බැවින් එම පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ […]