News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

ගුවන් මඟීන්ට කටුනායකින් විශේෂ නිවේදනයක්.

Generic placeholder image

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් අද ඉඳන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගන්නවා. ඒ නිසා ගුවන් තොටුපලේ ලොකු තදබදයක් ඇති වෙන්න පුළුවන්. මේ නිසා ඔබට වෙන ප්‍රමාදයන් වළක්වා ගන්න පිටත් වීමට තියෙන වෙලාවට වඩා පැය 3 ක් කලින් එන්න කියලා දැනුම් දෙනවා.


May
17

ගුවන් ගමන් ආරම්භයට පැය 3 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන්න – ශ‍්‍රී ලංකන් ගුවන් සේවය

Generic placeholder image

ගුවන් ගමන් ආරම්භයට පැය 3 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ‍්‍රී ලංකන් ගුවන් සේවය මගීන් වෙත දැනුම් දෙනවා. ආගමන හා විගමන නිලධාරී සංගමය විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතුවෙන් සිදුවිය හැකි ප‍්‍රමාදයන් වළක්වා ගැනීමේ අරමුණින් මෙලෙස කල් වේලා ඇතිව ගුවන් තොටුපොළට පැමිණෙන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රී ලංකන් ගුවන් සේවය […]


May
17

ගාල්ලේ ධීවරයින් විරෝධයක

Generic placeholder image

ගාල්ල නගරයේ ධීවරයින් ඊයේ රාත‍්‍රියේ විරෝධතාවයක නිරත වුණා. ඒ පැරණි මිලටම ඉන්ධන ලබා දෙන්නැයි රජයට බල කරමින්. කූපන් ක‍්‍රමය වෙනුවට පැරණි මිලට ඉන්ධන ලබා දිමට රජය කටයුතු කල යුතු බව ධීවරයින් සදහන් කලා. ගාල්ල නගර මධ්‍යයේදී ධීවරයින් මෙලෙස විරෝධතාවයේ නිරත වුනේ පන්දම් ද අතැතිවයි. ඉන්ධන මිල ඉහල යාමට විරෝධය පල කරමින් ඇතැම් වෘත්තය සමිති මුහුදු […]


May
17

දිවයිනට බලපා ඇති වැසි තත්වයේ වැඩි වීමක්

Generic placeholder image

දිවයිනට බලපා ඇති වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙලෙස වැසි වැඩි වන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ. ඒ අනුව ප‍්‍රදේශ රැුසකට අදත් මිලි මීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කෙරෙනවා. මධ්‍යම සබරගමුව දකුණ ඌව බස්නාහිර හා වයඹ පළාත්් වල මෙලෙස තද […]


May
16

ඉල්ලීම් ඉටුවේ. අද රෑ බස් වර්ජනය අවලංගු වේ. අවම ගාස්තුව 12ක් වෙද්දී අනිත් ගාස්තු වැඩි වෙන හැටි මෙන්න.

Generic placeholder image

අද මධ්‍යම රාත‍්‍රියේ සිට පැවැත්වීමට නියමිත තීබූ බස් වර්ජනය අත්හිටුවීමට බස් සංගම් තීරණය කර තිබෙනවා. ඒ බස් ගාස්තු 12.5% ඉහල දැමීමටත් අවම බස් ගාස්තුව රුපියල් 12ක් දක්වා ඉහල දැමීමටත් රජය විසින් තීරණය කිරීමත් සමගයි. බස් සංගම් ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග සිදු කල සාකච්ඡාවේදී එම තීරණය […]


May
16

2019 ඉඳන් සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වුනත් උසස්පෙළ කරන්න පුළුවන්

Generic placeholder image

රටේ කිසිඳු දරුවෙකුට සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත්වීම නිසා උසස් පෙළ හැදෑරීමට ඇති අයිතිය අහිමි කළ නොහැකි බව අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අධ්‍යාපන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවති විශේෂ හමුවකට එක්වෙමිනි. වසර 2019 සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලූ දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව සලසාදෙන බවත්,13 වසරක පාසල් අධ්‍යාපනය සහතික කිරීමත්, අනාගත […]


May
15

“තෙල් සහනාධාරය නොදුන්නොත් දෙවෙනි කිලෝමිටරයත් වැඩි කරනවා.’ – ත්‍රිරෝද රථ සංගම් කියයි.

Generic placeholder image

පහුගිය දා වැඩි වුන ඉන්ධන මිලත් එක්ක මුලින්ම වැඩි කරේ ත්‍රිරෝද රථ ගාස්තු. ඔවුන් පළවෙනි කිලෝමිටරයේ ගාස්තුව රුපියල් 10 කින් වැඩි කරා. හැබැයි ඒ ගානත් මදි කියලා ත්‍රිරෝද රථ සංගම් කියනවා. ඒ නිසා ඉන්ධන සහනාධාරයක් දෙන්න කියලා ත්‍රිරෝද රථ සම්මේලනය කියනවා. සහනාධාරය දුන්නේ නැති වුනොත් දෙවෙනි කිලෝමිටරයේ ඉඳලා රුපියල් 5 කින් වැඩි කරනවා කියලා ඔවුන් […]


May
15

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක්…

Generic placeholder image

හෙට මධ්‍යම රාත‍්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට අන්තර් පළාත් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අපේක්ෂා කල අන්දමින් බස් ගාස්තු සංශෝධනය නොලැබීම හේතුවෙන්. 6.56% කින් බස් ගාස්තු සංශෝධනය විය යුතු බවට අද රැස් වූ කැබිනටි මණ්ඩලයතීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මීට පෙර බස් සංගම් සියයට 15 ත් 20 ත් අතර […]


May
15

හෙට සිට බස් ගාස්තු ඉහළට.

Generic placeholder image

බස් ගාස්තු ඉහල නැංවීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. සියයට 06 යි දශම 56 කින් බස් ගාස්තු ඉහල නැංවීමටයි අනුමැතිය ලබා දී ඇති බවයි අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කලේ. හෙට සිට මෙම බස් ගාස්තු සංශෝධනය සිදු වනවා. කෙසේ වෙතත් අවම ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ. ඒ […]


May
15

බස් ගාස්තු 8% කින් ඉහළට. පාසල් බස් රථත් ගණන් උස්සයි.

Generic placeholder image

ඩීසල් මිලත් එක්ක අනිවාර්යෙන්ම ඉහල යන දෙයක් තමයි බස් ගාස්තු කියන්නේ. මේ වෙද්දීත් බස් ගාස්තු 20% වැඩි කරන්න කියලා බස් සංගම් ඉල්ලලා තියෙනවා. හැබැයි බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව වැඩි කරන්න පුළුවන් 10% කට අඩුවෙන්. ඒ නිසා බස් ගාස්තු 8% කින් වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. අවම ගාස්තුව රුපියලකින් වැඩි කරන්න රජය තීරණය කරලා තියෙනවා. මේ […]


May
14

“මිලිමීටර් 100 ට වැඩි මහ වැසි අදත්. මුහුදත් රළු වෙන්න පුළුවන්.” – කාලගුණය කියයි.

Generic placeholder image

ඊයේ දවසේ අදත් දෙගොඩතලා යන්න වහිනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියනවා. ගිගුරුම් සහිත වස් ඇති වෙන්න පුළුවන් කියලයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කරේ. රට වටේම ගොඩක් පළාත් වලට හවස 2.00 න් පස්සේ මේ වැසි ඇති වෙන්න පුළුවන්. හැබැයි බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වල උදේටත් මේ විදියට මහා වැසි ඇති වෙන්න පුළුවන්. මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර […]


May
13

අද හවසත් තද වැසි. කාලගුණය අනතුරු අඟවයි.

Generic placeholder image

අස උදේ ඉඳන් අද හාලෙන් මොර සූරන වැස්ස නිසා ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යට වුණා. විශේෂයෙන්ම ගාල දිස්ත්‍රික්කයේ දංගෙදර ප්‍රදේශයේ නිවාස කිහිපයක්ම මහා වැස්සට යට වුණා. අද හවසටත් මේ විදියටම වහින්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා. මධ්‍යම. දකුණ, සබරගමුව සහ ඌව පළාත්වලත් පිලොන්නරුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇති වෙන්න […]


News Articles
Latest Videos
Most Popular Post