පකිස්ථානය එක්ක තියෙන ටෙස්ට් තරඟාවලියට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අද නම් කරා. පලවෙනි ටෙස්ට් තරඟයට අන්ලජෝ මැතිව්ස් සෙල්ලම් කරන්නෙ නෑ කියලා තමයි ක්‍රිකට් ආයතනය කියන්නෙ. දිනේෂ් චාන්දිමල්ට තමයි නායකත්වය දීලා තියෙන්නේ. තරඟාවලිය සැප්තැම්බර් 28 වෙනිදාට අබුඩාභි නුවරදී ආරම්භ වෙනවා. දිනේෂ් චන්දිමාල් – නායක ළහිරු තිරිමාන්න – උප නායක දිමුත් කරුණාරත්න කෞෂාල් සිල්වා කුසල් […]
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හැටියට නම් උසස් පෙළ කරන්න නම් සාමාන්‍ය පෙළ සමත් වෙන්නම ඕන. මේ හින්දා සාමාන්‍ය පෙළ විභාගය ලියන ගොඩක් අයට උසස් පෙළ අහිමි වෙනවා.හැබැයි ඒ අය අතරෙත් ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා.ලෝකය දිනපු හැමෝම විභාග සමත් වුන අය නෙවෙයි. ඒ නිසා සාමන්‍ය පෙළ අසමත් වුනත් උසස් පෙළ විභාගය ලියන්න අවස්තාවක් දෙන්නයි රජය හදන්නෙ. මේ […]
ලබන අවුරුද්දේ ජනවාරි වල පුංචි ජන්දය තියන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙනවා කියල මැතිවරණ කොමසාරිස් කියනවා. ඉතින් මේ පුංචි ජන්දෙට සුපිරි චරිත ඉදිරිපත් කරන්න ගොඩක් දේශපාලන පක්ෂ මේ දවස්වල ලක ලෑස්ති වෙනවා. මේ තියෙන්නේ ඊළඟ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියල ප්‍රසිද්ධ වුන ප්‍රසිද්ධ අයගේ නම් ලැයිස්තුව. මේ අය තරඟ කරන්න ලෑස්ති වෙන්නේ උතුරුමැද, සබරගමුව, නැගෙනහිර […]
දෙහිවල සත්තු වෙත්තේ විශේෂ කලාපයක් රෑට බලන්න එන අයට සතියකට දවස් තුනක් විවෘත කරලා තියන්න තීරණය කරලා තියනවා. ඒ දවස් තුන වෙන්නෙ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා. සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය කිව්වෙ සැප්තැම්බර් 22 වෙනිදා ඉඳලා රෑ 7.30 සිට 10.00 වෙනකන් මේ විශේෂ කලාපය විවෘත කරලා තියනවා කියලා. දවල් කාලයට සත්තු වත්තෙ විවෘත කරලා තියෙන කලාප […]
දැනට ජීවත්වෙලා ඉන්න භයානකම උරග ජීවීන් අතරෙන් එක්කෙනෙක් තමයි කිඹුලා කියන්නෙ. වාර්තා වෙලා තියෙන විදිහට ලංකාවේ ගොඩාක් ගංගා ආශ්‍රිතව ගොඩාක් දරුණු විදිහට මේ කිඹුල් උවදුර පැතිරිලා තියෙනවා. පහුගිය කාලේ ඇති වුන ගං වතුර තත්වයත් එක්ක මේ කිඹුල්ලු ජනගත ප්‍රදේශවලටත් ආවා. මේ වගේ ආපු තවත් කිඹුලන් කිහිපදෙනෙක් දියවන්නා වැවට ඇවිත් කියලා දියවන්නාව පැත්තෙන් ආරංචි වෙනවා. ඉතින් […]
ඕනෑම තැනක නාහෙට අහන්නෙ නැති එකෙක් ඉන්නවා. කොයි වෙලෙත් රණ්ඩුවටමයි එන්නෙ. අහක යන නයෙක්ට හරි ගලක් ගහල අවුස්සා ගන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ. උතුරු කොරියාව කියන්නෙත් අන්න ඒ වගේ රටක්. උතුරු කොරියාව ආයෙත් නිදාගෙන ඉන්න සිංහයෙක්ව කොනිත්තලා. ඒ තමයි අයෙත් සැරයක් ජපානයේ හොකයිඩෝ දූපතට උඩින් මිසයිලයක් ගහලා. මේ බැලස්ටික් මිසයිලයත් ජපානයට උඩින් කිලෝමීටර […]
පහුගිය දවස් කිහිපයේම ලංකාවේ තැන් තැන් වලට ලොකු වැස්සක් වැස්සා. ඒ නිසා සමහර ප්‍රදේශ වලට සුළු ගංවතුර තත්වයකුත් ඇති වුණා. කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ඉදිරි පැය 24 ඇතුලෙදි ලංකාවේ කාලගුණය මොන වගේ වෙයිද කියලා තියෙනවා. ඔවුන් කියන විදියට හෙට ඉදන් ලංකාව වටේ මුහුදු තීරයේ සුළගේ වේගය වැඩි වෙන්න පුළුවන්. පුත්තලම ඉදන් කොළඹට වෙනකන් සහ ගාල්ලේ ඉදන් […]
හෙටයි අනිද්දයි නිවාඩු නිසා කොළඹ වැඩ කරන පිට පළාත් වල ගොඩක් අය අද හවස ගමේ යනවා. ඒ හින්දා සාමාන්‍යයෙන් සිකුරාදා හවසට කොළඹ ලොකු වාහන තදබදයක් තියෙනවා. හැබැයි ඉතිං අද නම් ඊටත් වඩා Traffic එක වැඩි වෙයි. ඒ හින්දා ඔබට ලේසියෙන් කොළඹින් එලියට යන්න වෙන්නෙ නෑ. මොකද සයිටම් විරෝධී වාහන පෙළපාලි 5 ක් අද කොළඹට එනවා. […]
මේ වෙද්දී කොළඹ නගරයටත් ලංකාවේ බොහෝ ප්‍රදේශ වලටත් වැස්සක් ඇද වැටෙනවා. අද දවල් ඉඳලා සැරින් සැරේ වැහැපු මේ වැස්ස, සමහරු Office එකේ ඉඳලා Photo අරන් FB දාලා තිබුනා. මේ තියෙන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට වැස්ස අස්සේ කොළඹ පෙනුණු හැටි…. රටටම වැස්සට මේ වෙලාවේ යාපනේට දේදුන්නක් පායලා… මේ ගාල්ලේ තත්වය… මේ අනුරාධපුරයේ තත්වය… එහෙට නම් […]
අත්තා, මුත්තා කාලේවත් අහපු නැති දේවල් තමයි දැන් වෙන්නෙ. “ලංකාවේ කාන්තාර ඇති වෙන්න යනවා”, අපිට ලැබුන අලුත්ම ආරංචිය තමයි මේ. පුදුම වෙන්න දෙයක් නෑ. කතාව ඇත්ත. ලෝක කාලගුණ විපර්යාස වලින් ලංකාවට වෙන හානිය බලන්න පත් කරපු කාලගුණ විද්‍යා විශේෂඥය කණ්ඩායම තමයි මෙහෙම කියන්නෙ. ඔවුන් කියන විදියට ඉස්සරහට දිස්ත්‍රික්ක 4 ක මාස 2 ක විතර කාලයක් […]
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අරුන්දික ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) වගන්තිය යටතේ ජනාධිපතිතුමාට පැවරී බලතල අනුව මෙම ඉවත් කිරීම සිදු කර තිබෙනවා. එය අද සිට බලපැවැත්වෙනවා.
රජය මඟින් රැකියා දස ලක්ෂය සදහා සුදුස්සන් දැනුමෙන් සන්නද්ධ කිරීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර සැප්තැම්බර් 09 සෙනසුරාදා පටන්ගන්නවා. මේ වැඩසටහන නම E For Tomorrow . විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සහ ශිෂ්‍ය පෙරමුණේ සභාපති වසන්ත සේනානායක මහත්මයා මෙහි ප්‍රධානත්වය දරනවා. මෙම වැඩසටහනේ මූලික අරමුණ වෙලා තියෙන්නේ රැකියා දසලක්ෂයක් සඳහා සුදුස්සන් තෝරාගෙන ඔවුන්ට රැකියා සඳහා පුහුණුව ලබා දීම. […]