News Line| Off Air
Generic placeholder image

Dec
13

පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු ගැන විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ලබන ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. මේ අතර සාමාන්‍ය පෙළ දරුවන් සිටින පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු මාස 3 කට අත්හිටුවා තිබේ.ඒ අනුව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ඇති පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු මාර්තු 15 වැනිදා දක්වා අත්හිටුවන බව පොලීසීය […]


Dec
13

අදත් වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

දිවයිනේබොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණ තත්ත්වයක් පවතී. කෙසේවෙතත්, සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත්කළුතර, ගාල්ල සහමාතරදිස්ත්‍රික්කවලත්ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.


Dec
12

තවත් කොරෝනා මරණ දෙකක්

Generic placeholder image

තවත් කොරෝනා මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කළා. එම මරණ වාර්තා වන්නේ කොළඹ 15 සහ ඉඹුල්ගොඩ යන ප්‍රදේශවලින් වන අතර 55 හැවිරිදි සහ 66 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ සහ පෙරේදා දිනවල එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 149 දක්වා ඉහළ […]


Dec
12

දේශීයව නිපදවූ තවත් කොරෝනා පැණියක් ගැන අනාවරණයක්

Generic placeholder image

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා පැණියක් තමන් ද නිපදවා ඇති බව රිටිගල සින්හක්කාර වෙද පරපුරේ දේවේන්ද්‍ර ගුරුන්නාන්සේ යැයි පවසන අයෙක් මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියා. ඔහු පැවසුවේ, වසර 9500ක් පමණ පැරණි පරම්පරාවකින් පැවත එන බව පැවසෙන සිය ගුරු පරම්පරාවේ වට්ටෝරුවකට අනුව සහ වසංගත තත්ත්වයන්හිදී භාවිත කරන ඖෂධ සම්බන්ධයෙන් ලියවුණ සන්නස්වලට අනුව මෙම පැණිය නිපදවා ඇති බවයි. […]


Dec
12

ලංකා ප්‍රිමියර් ලීග් පළමු අවසන් පූර්ව තරඟය හෙට

Generic placeholder image

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟය හෙට රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. රාත්‍රී 7ට එය පැවැත්වෙන්නේ කළම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි. දෙවැනි අවසන් පූර්ව තරඟය එළැඹෙන 14 වැනිදා දඹුල්ල වයිකින් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි අදියර ලබන වසරේ […]


Dec
12

දින 28ක් නිරෝධායනය වූ පුද්ගලයෙකු මියයයි – කොරෝනා වැළඳී ඇති බව පසුව හඳුනා ගනියි

Generic placeholder image

බලපිටිය අහුන්ගල්ල ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා. පසුව ඔහුගේ දේහය පිළිබඳ කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. අදාළ පුද්ගලයා නිරෝධායන මධ්‍යස්ථානයක දින 14ක් සහ නිවසේ දින 14ක් වශයෙන් නිරෝධායන වූ අයෙක් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. ඔහුගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු බලපිටිය, අහුන්ගල්ල ආදාහනාගාරයේදී ඊයේ සිදු කෙරුණා. මේ […]


Dec
12

වාණිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් නැවතත්

Generic placeholder image

වාණිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් යළි ආරම්භ කිරීමට තීරණයකර තිබෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ, ලබන 26 වැනිදා සිට එම මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට සූදානම් බව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා බලධාරීන්ට දන්වා ඇති බවයි. සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අදාළ වාණිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් සඳහා වන උපදෙස් මාලාවන් ඉදිරියේදී නිකුත් කරන බවයි.


Dec
12

අද දිනය තුළ ආසාදිතයින් 755 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

අද දිනයේ මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 755 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. අද පස්රුවේ ආසාදිතයින් 632 හඳුනාගත් අතර ඔවුන්ගෙන් 551 දෙනෙකු මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. බන්ධනාගාර රැඳවියන් ආශ්‍රිත පොකුරෙන් සෙසු 81 දෙනා හඳුනා ගැනුණා. එමෙන්ම රාත්‍රිය වනවිට තවත් 123 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් […]


Dec
12

15 හැවිරිදි දැරියකට පහර දී වධ හිංසා පැමිණ වූ 6 දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

15 හැවිරිදි දැරියක් කාමරයකට දමා පහර දී, ඇගේ කොණ්ඩය කපා වධ හිංසා කළ කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු 6 දෙනෙකු ඇහැළියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම දැරිය සමග ඇසුරක් පවත්වාගෙන ගිය තරුණයෙකු ඇයව ඔහුගේ නිවසට රැගෙන ගොස් කාමරයකට දමා දොරගුළු දමා තිබුණා. පසුව පැමිණි අදාළ තරුණයාගේ මව, සහෝදරිය සහ මිතුරියන් දෙදෙනෙකු එක්ව මෙලෙස එම දැරියට වධ හිංසා […]


Dec
12

ලොව පුරා කොරෝනා මරණ ගණන ලක්ෂ 16 පනියි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වී ලොව පුරා මිය ගිය පුද්ගලයින් ගණන ලක්ෂ 16 ඉක්මවා ගොස් තිබෙනවා. එම ගණන 1,601,469ක්. මේ වන විට හදුනාගෙන තිබෙන ගොලීය කොරෝනා ආසාදිතයින් 49,653,097ක්. ගතවූ පැය 24 දී අමෙරිකාවෙන් පමණක් නව ආසාදිතයන් 220,000 ඉක්මවූ අතර වාර්තා වූ මරණ ගණන 2,919 ක්.


Dec
12

තවත් 473ක් සුව අතට

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 473 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ සමග මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 23,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 23,304ක් ලෙසයි.


Dec
12

පාඨලී රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත් වෙයි

Generic placeholder image

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී ඇතැයි වාර්තා වනවා. ඒ අනුව ඔහු එම පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වීමට තීරණයකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post