කොරෝනා වෛසරය ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයින් භූමිදාන කිරීම සඳහා මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථානයක් තෝරා ගැනීමට යෝජනා වී ඇති බව සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය පවසනවා. එලෙස මියයන මුස්ලිම් ජාතිකයින් භූමිදාන කිරීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසූ බවයි සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුර් රාසික් මහතා පැවසුවේ. කැබිනට් රැස්වීමේ දී අමාත්‍යවරයා […]
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියකු හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් අද අලුයම මිය ගොස් ඇති බව අඟුණකොළපැලැස්ස පොලිසිය සදහන් කරනවා. මිය ගිය පුද්ගලයා 28 හැවිරිදි වියෙහි පසු වී අතර හදිසියේ ඇති වූ පපුවේ වේදනාවක් නිසා රෝහල වෙත රැගෙන යන විටත් අදාල පුද්ගලයා මිය ගොස් ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
ගම්පහ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. ඒ ඔහුට සිදු කරනු ලැබූ pcr පරීක්ෂණයෙන් අනතුරුවයි. මෙම නාගරික මන්ත්‍රීවරයා පෑළියගොඩ මත්ස්‍ය ව්‍යාපාරිකයෙක් ඇසුරු කරන ලද බව පැවසෙන අතර එහිදී මෙම වෛරසය අසාදනය වන්නට ඇති බවටයි සැක පළ කරන්නේ. ගම්පහ ප්‍රදේශයේ ජනතාවට රුපියල් පන්දහසේ දීමනාව ලබා දීමේ කටයුතු වලටද මෙම නාගරික […]
2019 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පැරණි හා නව නිර්දේශයන් යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාල සඳහා තෝරා ගත් ආකාරය පැහැදිලි කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම පැහැදිලි කිරීම පහතින් :
තියුණු ආයුධයකින් පහරදී කැපුම් කෙටුම් සහිත පිරිමි නිරුවත් මළ සිරුරක් දෙනියාය ප්‍රදේශයේ ලදු කැලෑවක තිබී හමුව තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 19 හැවිරිදි මතුගොබේ කොටස, එනසල් වත්ත, දෙනියාය ලිපිනයේ පදිංචි කුමාර් සුසන්ත නැමැති අවිවාහක තරුණයෙක් බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ. මෙලෙස මිය ගිය පුද්ගලයා අවසාන වශයෙන් කන්දිලිපාන මංසන්ධියේ අවන්හලකින් මත්පැන් බෝතලයක් රැගෙන ගොස් තිබෙන […]
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ කටයුතු යළි ආරම්භකර තිබෙනවා. කොන්සියුලර් අංශයේ ලේඛන සහතික කිරීමේ කටයුතු එලෙස ආරම්භ වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව දිනපතා උදෑසන 10 සිට පස්වරු 2 දක්වා කාලය අතරතුර සීමිත පිරිසකට පමණක් එම සේවා ක්‍රියාත්මක වනු ඇති. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ඒ […]
කොරෝනා වෛරසයට අදාළව බැහැර කෙරෙන මුව ආවරණ ඇතුළු සියලු සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට උපදෙස් මාලාවක් නිකුත්කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය මගින් එම උපදෙස් මාලාව නිකුත්කර ඇති අතර සියලු පළාත් පාලන ආයතන වෙත ද එය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව, හුදකලා කර ඇති ප්‍රදේශවල සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට වෙනත් වාහන හා සේවකයින් යෙදවෙනු […]
බණ්ඩාරගම ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයකට සහභාගි වූ පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනා ගැනීමත් සමග එම මනාල යුවළ ඇතුළු මංගල උත්සවයකට පැමිණි පිරිස නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ මනාලයාගේ සහෝදරයකුට වනවා.
කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ දෙසට ධාවනය කරමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් ඊයේ රාත්‍රී අනතුරට ලක්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ, බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන 25 වැනි කිලෝ මීටර කණුවේ ගැටී තිබූ බවයි. කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට පැමිණි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් තිබූ සූඛෝපභෝගී බස්රථයක් […]
හුදෙකලාකර ඇති කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජනතාවට හදිසි රෝගී තත්ත්වයක් ඇති වුවහොත් රෝහලට යෑම සඳහා විශේෂ ගිලන් රථ සේවාවක් හඳුන්වා දී තිබෙනවා. ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මතයි. කොරෝනා රෝගී තත්ත්වයක් හෝ එවැනි රෝගී තත්ත්වයක් නොවන අවස්ථාවක වුව ද මෙම ගිලන් රථ සේවය භාවිත කළ හැකි වනවා. ඒ අනුව කොළඹ ඇතුළු දිවයිනේ හුදෙකලාකර ඇති […]
පිටකොටුව මැනිං වෙළඳපොළ ලබන සඳුදා හෝ අඟහරුවාදා දින යලි විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කරනවා. මේ අතර මැනිං වෙළඳ පොළ තාවකාලිකව පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් භුමිප්‍රදේශයකට රැගෙන යෑමට තීරණය කර තිබෙන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ. ඉකුත් දා මැනිං වෙළෙඳපොළේ නටාමිවරුන් […]
ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 430 වාර්තා වුණා. ඒ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ වන්නේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් 251 බ්ලුමැන්ඩල් 04, බොරැල්ල 06, දෙමටගොඩ 17, ග්‍රෑන්ඩ්පාස් 32, කෙසෙල්වත්ත 25, කිරුලපොන 04, කොල්ලුපිටිය 55, වැල්ලම්පිටිය 01, මාළිගාවත්ත 20, දෙහිවල 01, කොටහේන 11, මරදාන 20, මට්ටක්කුලිය 08, මිරිහාන 01, කොළොන්නාව 07, මෝදර 04, ගල්කිස්ස 07ක් සහ කොටුව ප්‍රදේශයෙන් 28ක් ගම්පහ […]