News Line| Off Air
Generic placeholder image

Nov
9

පසුගිය මාස 06 පුරා රන් භාණ්ඩ උකස් තබා මහජනයා ගත් ණය බිලියන 643ක්

Generic placeholder image

මෙම වසරේ පසුගිය මාස 06 පුරා මහ ජනතාව විසින් සිය ස්වර්ණාභරණ උකස් තබා වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවලින් ලබාගෙන තිබෙන සමස්ත ණය මුදල බිලියන 643ක් බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා සදහන් කරනවා. මිට සපෙක්ෂව රන් මිලද වෙළෙදපොලේ වටිනාකම ඉහල ගොස් තිබුණ හෙයින් රන් ණය සඳහා ලබාදෙන මුදල මෑත කාලීනව සැලකිය යුතු ලෙස ඉහළ ගියා […]


Nov
9

5000 ගන්න පෝළිමේ සිටි කාන්තාවක් මියයයි

Generic placeholder image

නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශවල ජනතාවට රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා ගැනීම සඳහා පෝළිමේ රැඳී සිටි කාන්තාවක් හදිසියේ මියගොස් තිබෙනවා. කටාන, කදිරාන ග්‍රාම නිලධාරී කාර්යාලය අසල පෝළිමේ සිටියදී ඇද වැටීමෙන් අදාළ කාන්තාව එලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අංශ අදාළ නිලධාරීන්ට දන්වා තිබෙනවා. […]


Nov
9

හැම තිස්සේම කොරෝනා ගැන කියවනවා – කොරෝනාවට බියේ බස් රථ රියදුරෙක් ගෙළ වැලලාගනී

Generic placeholder image

නාගොඩ රෝහල් කාර්ය මණ්ඩලය ප‍්‍රවාහනය සිදුකළ ලංගම බස් රථයේ රියදුරෙකු කොරෝනාවට බියෙන් නිවස ඉදිරිපිට මාර්ගය අසල රබර් ගසල ගෙළ වැලලාගෙන මියගොස් තිබෙන පුවතක් අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. අදාල මියගිය රියදුරාගේ බිරිද පවසන්නේ ඔහු වැඩ කරන ලද බස් රථයේ කොරෝනා අසාදිතයෙකු සිට ඇති බව පැවසු නිසා හැම තිස්සේම කොරෝනා ගැන කියවමින් වැඩට යෑමට බියේද පසු වූ […]


Nov
9

ජනපතිවරණයෙන් පැරදුනු ට්‍රම්ප්ව බිරිඳත් අතහැරයයිද?

Generic placeholder image

පසුගිය ඇමෙරිකානු ජනපතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරය හැර යාමෙන් පසු ඔහුගේ බිරිඳ එනම් මෙලනියා ට‍්‍රම්ප් ද සිය සැමියාගෙන් වෙන් වීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මීට පෙරද සිය සැමියා වන ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන් දික්කසාද වීමට මෙලනියා ට‍්‍රම්ප් තීරණය කර තිබුනද 2016 වර්ෂයේදී පැවති ජනාධිපතිවරණය ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගැනීමෙන් පසු […]


Nov
9

ට්‍රම්ප්ගේ බිරිය ඔහුගෙන් දික්කසාද වීමට සැරසෙයි

Generic placeholder image

ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරය හැරගිය පසු ඔහුගේ බිරිඳ වන මෙලනියා ට‍්‍රම්ප් සිය සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මින් පෙර ඇමරිකාවේ පැවති ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් ජයගැනීමත් සමග මෙලනියා ට්‍රම්ප් සිය මිතුරියකට පවසා තිබුණේ, සිය ස්වාමිපුරුෂයා ජනාධිපතිවරණය ජයගනු ඇති බවට තමන් කිසි විටෙක බලාපොරොත්තු නොවූ බවයි. […]


Nov
9

ගත වූ දිනයේ කොරෝනා තත්ත්වය ගැන පැහැදිලි කිරීම

Generic placeholder image

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 14,000 සීමාවට ආසන්න වී තිබෙනවා. ගත වූ පැය 24 තුළ මෙරටින් ආසාදිතයින් 510 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදියින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,929ක් ලෙසයි. එමෙන්ම මෙරට 35 වැනි කොරෝනා මරණය වාර්තා කරමින් 78 හැවිරිදි පුද්ගලයෙකු මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා. අද උදෑසන වනෙවිට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා […]


Nov
9

ඇදිරි නීතිය අවසන් – පොලිස් බල ප්‍රදේශ 25ක් තවදුරටත් හුදකලා කෙරේ

Generic placeholder image

අද පෙරවරු 5.00 සිට බස්නාහිරට පනවා තිබු ඇදිරි නිතිය ඉවත් කරනු ලැබුවා. එසේ වුවත් පොලිස් බල ප්‍රදේශ 25ක් තවදුරටත් හුදකලා කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව එම හුදකලා ප්‍රදේශ වල සිටින ජනතාවට එම ප්‍රදේශයෙන් පිටව යෑමට නොහැකි අතර තවත් අයෙකුට එම ප්‍රදේශයන්ට ඇතුළු වීමට අවසර හිමි නොවේ. අතවශ්‍ය සේවා පවත්වා ගෙන යෑම පිලිබදව කටයුතු කල […]


Nov
9

නිවසේ තනිව ස්වයං නිරෝධායනය ලක් වෙමින් සිටි කාන්තාවක් සිය දිවි නසා ගනී

Generic placeholder image

නිවසේ තනිව ස්වයං නිරෝධායනය ලක් වෙමින් සිටි කාන්තාවක් සිය දිවි නසා ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මෙම මහළු කාන්තාව නිවසේ තනිව සිට ඇති අතර ඇයගේ පවුලේ දියණියගේ ස්වාමිපුරුෂයා ට හා ඔහුගේ දියණියට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව තහවුරු වීම නිසා පවුලේ අනෙකුත් පිරිස නිරෝධායනයට යොමු කර තිබෙන අතර ඒ අනුව පවුලේ පිරිසක් නිරෝදායන මධ්‍යස්ථාන […]


Nov
8

තවත් ආසාදිතයින් 227ක්

Generic placeholder image

තවත් නව ආසාදිතයින් 277 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 510ක්.


Nov
8

35 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

Generic placeholder image

මෙරට 35 වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. 78 හැවිරිදි පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කරනවිට මියගොස් සිට ඇති අතර ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වීම සමග ඇති වූ හෘදයාබාධයක් මරණයට හේතුව ලෙස හඳුනාගෙන ඇති බව […]


Nov
8

අත්‍යාවශ්‍යය සේවා සැපයෙන ආයතනවල සේවකයින්ට හුදෙකලා ප්‍රදේශ වෙත පිවිසීමට අවසර

Generic placeholder image

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩලවල සේවකයින්ට සහ අත්‍යාවශ්‍යය සේවා සැපයෙන ආයතනවල සේවකයින්ට හුදෙකලා කර ඇති ප්‍රදේශ වෙත පිවිසීමටත් ඉන් පිට වීමටත් අවසර හිමි වන බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ, ඇඳිරි නීති බලපත්‍ර භාවිත කරමින් නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව එම ප්‍රදේශවලට ඇතුළු වීමට හා පිට වීමට අවසර හිමි වන බවයි.


Nov
8

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ක්‍රියා කළ යුත්තේ කෙසේ ද?

Generic placeholder image

හෙට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව හුදෙකලාකර ඇති ප්‍රදේශවල ජනතාව සිය නිවෙස්වලම රැඳී සිටිය යුතු අතර එම ප්‍රදේශවලට අදාළ කාල සීමාව තුළ ඇතුළු වීම හෝ පිටවීම හෝ ඒ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා. එමෙන්ම හුදෙකලාකර ඇති ප්‍රදේශ හරහා පොදු ප්‍රවාහන සේවා […]


News Articles
Latest Videos
Most Popular Post