News Line| Off Air
Generic placeholder image

Nov
4

මොණරාගල බන්ධනාගාර ගැටුමේ සුලමුල

Generic placeholder image

මොණරාගල බන්ධනාගාරයේ නිලධාරීන් හා සිරකරුවන් අතර ඊයේ ඇති වූ ගැටුම හේතුවෙන් සිරකරුවෙකු මියගොස් නියාමකවරයෙකු තුවාල ලැබීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ක්‍රියාත්මකයි. අදාළ සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි උලුපිටිය ගමගේ උපුල් නිලන්ත නොහොත් “මැක්කා” නැමැත්තා බවට කරුණු අනාවරණ වී තිබෙනවා. ඊයේ පෙරවරුවේ සිර කුටි විවෘත කිරීම ප්‍රමාද වීම ගැටුමට හේතුව බවයි බන්ධනාගාර […]


Nov
4

PCR වාර්තා ප්‍රමාද වීම තීරණ ගැනීමේදී විශාල ගැටළුවක් – GMOA

Generic placeholder image

කොරෝනා ආසාදිත බව තහවුරු කරන PCR පරීක්ෂණ වාර්තා ලැබීමට බොහෝ විට පැය 48 ක් එනම් දින දෙකක කාලයක් යෑම සැලකිය යුතු ප්‍රමාදයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා. මේ හේතුවෙන් කඩිනමින් කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සිදු කිරිමටත් PCR ප්‍රතිඵල අනුව නිවැරදි තීරණ ගැනීමට නොහැකි තත්වයක් ඇති ව තිබෙන බවයි එම සංගමය වැඩි දුරටත් සදහන් […]


Nov
4

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Generic placeholder image

දිවයිනේ ඇතැම් පළාත් සහ දිස්ත්‍රික්කවලට ඇතිවිය හැකි වැසි තත්වය පිළිබඳ සඳහන් නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඌව, උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් අම්පාර, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙනවා. එම ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්ම වූ වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා […]


Nov
4

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පතා ඉන්දියාවේ ආශිර්වාද පුජා

Generic placeholder image

මේ වන විට ඇමෙරිකා ජනපතිවරණයේ තීරණය අවසන් අදියරට පැමිණෙමින් තිබෙනවා. මේ අනුව ඉන්දියාවේ හින්දු පූජකයන් පිරිසක් එක්ව ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පූජා පවත්වන බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම මෙවර ඇමෙරිකා ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත මෙන්ම ඩිමොක්‍රැටික් පක්ෂ උපජනාධිපති අපේක්ෂිකාකමලා හැරිසන් ඉන්දීය සම්බවයක් සහිත කාන්තාවක් වීමද විශේෂත්වයකි.


Nov
4

කොරෝනා මරණ කාණ්ඩ දෙකකට වර්ග කෙරේ

Generic placeholder image

කොරෝනා මරණ ප්‍රධාන කාණ්ඩ දෙකක් මත පදනම්ව වාර්තා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෘජු කොවිඩ් ආශ්‍රිත මරණ සහ වක්‍ර කොවිඩ් ආශ්‍රිත මරණ ලෙස එම මරණ වෙන් කර දැක්විය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව රෝහලක ප්‍රතිකාර ලබමින් සිටීයදී මියයන කොරෝනා වෛරස් රෝගීන් අයත් වන්නේ […]


Nov
4

මොණරාගල බන්ධනාගාරයේ සිද්ධිය ගැන හොයන්න විමර්ශනයක්

Generic placeholder image

මොණරාගල බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාම සහ බන්ධනාගාර නිලධාරියෙකු තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල බන්ධනාගාර අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භකර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, ඊයේ ඇති වූ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරයෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. එම නියාමකවරයාට මියගිය රැඳවියා පහර දී ඇති බවට අනාවරණ වී ඇතැයි ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා. ඒ […]


Nov
4

සයිබීරියානු සත්වෝද්‍යාන සතුන් ඇමෙරිකා ජනපතිවරණ සටනේ ජයග්‍රාහකයා ගැන අනාවැකි කියයි

Generic placeholder image

මේ මොහොත වන විට ලොව ප්‍රබලම රට වන ඇමෙරිකාවේ අනාගත නායකයා සෙවීමේ ඇමෙරිකා ජනපතිවරණයේ නිල ජන්ද ගණන් කිරීමේ අවසන් අදියරෙ පසුවෙනවා. ලොවම බලා සිටින එවන් මොහොතක සයිබීරියානු සත්වෝද්‍යාන සතුන් යොදා ගනිමින් ජයග්‍රාහකයා කවුරුන්ද යන්න අනාවැකි පළ කර තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව සත්වෝද්‍යානයේ සිටින වලසෙකු සහ ව්‍යාඝ්‍රයන් දෙදෙනකු මේ සඳහා යොදාගෙන රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් […]


Nov
4

නිරෝධායනය වන ජනතාවට සහන සැලසීමට ඔක්තෝබරයේ පමණක් රුපියල් බිලියන 7කට අධික මුදලක්

Generic placeholder image

නිරෝධායනය වෙමින් සිටින ජනතාවට සහන සැළසීමට රජයෙන් රුපියල් බිලියන 7.3කට අධික අරමුදලක් (මිලියන 7355.53) වෙන්කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය යළිත් වාර්තා වීමත් සමග මේ දක්වා කාලය තුළදී අදාළ මුදල් ප්‍රමාණය වෙන් කර තිබෙනවා. එමෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු පාර්ශවයන්ගේ ඉල්ලීම මත තවදුරටත් අවශ්‍ය මුදල් වෙන් කිරීමට අපේක්ෂා කරන බව මහාභාණ්ඩාගාරය නිවේදනය […]


Nov
4

පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීමට ගිය තවත් මාධ්‍යවේදීයෙකුට කොරෝනා

Generic placeholder image

පාර්ලිමේන්තු කටයුතු වාර්තාකරණයට සහභාගීවූ තවත් මාධ්‍යවේදියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. ඒ අනුවපාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් 04 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව මේ වන විට තහවුරු කරගෙන තිබෙනවා. මේ අතර මට්ටක්කුලිය මුවදොර උයන නිවාස සංකීර්ණයේ පුද්ගලයින් 14 දෙනෙකුට කොරෝනා රෝගීන් ලෙස අද හදුනා ගැනුණා.


Nov
4

ගොඩ ගැසී තිබූ මාළු කිලෝ 80,000ක් ධීවර සංස්ථාවෙන් මිලට ගනියි

Generic placeholder image

ධීවර වරායවල ගොඩ ගැසී තිබූ මාළු කිලෝ ග්‍රෑම් 80,000ක් මේ වනවිට මිල දී ගෙන ඇති බව ධීවර සංස්ථාව පවසනවා. බලයා කිලෝවක් රුපියල් 200කටත්, ලින්නා කිලෝවක් රුපියල් 150කටත්, කෙලවල්ලා කිලෝග්‍රෑමයක් රුපියල් 350කටත් මිල දී ගන්නා අතර තලපත් කිලෝවක් රුපියල් 550කටත් කොප්පරා කිලෝවක් රුපියල් 600ක මිලකටත් ගැනීමට කටයුතු යොදා ඇති බව ධීවර සංස්ථාව පැවසුවා. එලෙස මිලට ගන්නා […]


Nov
4

මැතිවරණය වංචාවක්! ඡන්ද ගණනය නවතන්නැයි ඉල්ලා අධිකරණයට යන බව ට්‍රම්ප් කියයි

Generic placeholder image

ජනාධිපතිවරණය වංචාවක් බවත් ඡන්ද ගණනය නවතැන්නැයි ඉල්ලා තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවත් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. කෙසේ වෙතත් ජෝ බයිඩ්න් සිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.


Nov
4

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවයි

Generic placeholder image

බස්නාහිර පළාත තුළ මේ වනවිටත් තාවකාලිකව අත්හිටුවා ඇති වාහන බලපත්‍ර නිකුත් කිරීම නැවත දැනුම් දෙනතුරු තවදුරටත් අත්හිටුවන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් සහ ගණන් දීමේ නිලධාරීන් පවසනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට ගන්නා පියවරක් ලෙස එම ක්‍රියාමාර්ගය ගත් බවයි අදාළ නිලධාරීන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් www.motortraffic.wp.gov.lk වෙත පිවිසීමෙන් ඔන්ලයින් ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබා ගත හැකි බව […]


News Articles
Latest Videos
Most Popular Post