කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සහායක කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඔහුගේ ආශ්‍රිතයින් ද මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කර ඇති බවයි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ. එම සටහන පහතින් :
සිංයලුම සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අද සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව වනජීවි සංරක්ණ දෙපාර්තමේන්තුව පවසනවා. රට තුළ පැතිර යන වසංගත තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එම ස්ථානවල සංචාරක පහසුකම් වෙන්කර ගත් සංචාරකයින්ට විකල්ප දින වෙන් කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බව ද […]
පසුගිය මස 17 න් පසු කාලයේදී හොරණ ඇතුළු ප්‍රදේශයන් හි මාළු වෙළෙඳුන්ගෙන් මාළු මිලදී ගත් පාරිභෝගිකයන් නොපමාව ඉදිරිපත් වන්නැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරනවා. ඒ හොරණ මාළු වෙලදාම් කරන පුද්ගලයින් සැලකිය යුතු පිරිසක් කොරෝනා රෝගීන් ලෙස වාර්තා වීමයි.
ත්‍රිකුණාමාලය රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. අදාළ වෛද්‍යවරයාට හදිසියේ මතු වූ රෝග ලක්ෂණ හේතුවෙන් ඔහු පසුගිය දා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු වි ඇති අතර එහිදී ඔහු ආසාදිතයෙකු බවට හඳුනා ගැනුණා. ඒ අනුව ඔහු සමග සේවය කළ තවත් වෛද්‍යවරුන් තිදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ අතර […]
කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 104 දෙනෙකු වාර්තා වී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේක්ම් මහින්ද වීරසූරිය මහතා පවසනවා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වන අතර එම සංඛ්‍යාව 26ක්. එමෙන්ම බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 14 දෙනෙකුත්, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 15 දෙනෙක් හා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 12දෙනෙකු වශයෙන් ද ආසාදිතයින් වාර්තා […]
කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව අද 5000 ඉක්මවා ගියා. ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 344 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මේ වනවිට මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 5249ක්. සමස්ත ආසාදිතයින් ගණන 11,060ක් වන අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,789ක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එමෙන්ම මෙරටින් වාර්තා වන කොරෝනා […]
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමේ රජයේ වැඩපිළිවෙළ අද සිට ආරම්භ කෙරුණා. ඊට අමතරව එම ජනතාවට සුපිරි වෙළඳසැල්වලින් ද භාණ්ඩ ලබාගත හැකි අතර ඒ සඳහා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කිරීමේ හැකියාව පවතින බව සුපිරි වෙළඳසැල් ජාල පවසනවා. එම සුපිරි වෙළඳසැල් පෙන්වා දෙන්නේ මින් පෙර කොරෝනා […]
පිටකොටුවේ තොග වෙළඳසැල් හෙට විවෘතව පවතින බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය පවසනවා. හෙට උදෑසන 5 සිට තොග වෙළඳසැල් විවෘතව පවතින බවත් ඇඳිරි නීති බලපත්‍ර සහිතව පැමිණෙන තොග වෙළඳුන්ට භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවත් එම සංගමය ප්‍රකාශ කළා. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද හෙට දිනය තුළ තොග වෙළඳසැල් විවෘත කිරීමට […]
මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11060ක්. ඉන් 5,700කට අධික පිරිසක් දිවයින පුරා රෝහල් 36ක සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 9ක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දැනට රෝගීන් වැඩිම ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන්නේ පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වන අතර එම සංඛ්‍යාව 659ක්. මේ අතර මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ 496ක්, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 453ක්, […]
ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලා කිහිපයකින් ඊයේ වනවිට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 524 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ පිහිටි කර්මාන්ත ශාලා 25කින් සේවකයින් 420ක් ද, බියගම නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා 4කින් ආසාදිත සේවකයින් 12 දෙනෙකු ද, තවත් කර්මාන්ත ශාලා 11කින් ආසාදිත සේවකයින් 92දෙනෙකු ද එලෙස හඳුනා ගැනුණා. ඔවුන් සියලු දෙනා […]
ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 3137 දෙනෙකු හඳුනාගෙන ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පවසනවා. එම ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 47,258ක්. ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේ, ඊයේ දිනය තුළ පමණක් දිස්ත්‍රික්කය තුළින් ආසාදිතයින් 111 දෙනෙකු වාර්තා වූ බවයි. ඒ අනුව ඊයේ දිනය තුළ කැළණිය කොට්ඨාසයෙන් 17 […]
පසුගිය 31 වැනිදා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි පුද්ගලයෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුානාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. අදාළ මරණය සියදිවි නසා ගැනීමක් බවට තොරුතුරු වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ. ඒ අනුව මෙරට සිදු වූ 22 වැනි කොරෝනා […]