මාරාන්තික කොරෝනා වෛරසයෙන් ලොව පුරා මිය ගිය ගණන 940 000 ආසන්නව පවතින බවයි වාර්තා වන්නේ. එය සටහන් වන්නේ 938 575 ක් ලෙසයි. අද උදැසන ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ නිකුත් කල දත්ත අනුව මේ වන විට වාර්තා වන ලොව පුරාආසාදිතයින් ගණන 29 730 140 ක්.
දිවයින හරහා සුළං වේගයේ තාවකාලික වැඩිවීමක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. එමෙන්ම සබරගමුව, බස්නාහිර පළාත්වලත් තැනින් තැන වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
හිරුගේ සිට දෙවැනි ස්ථානයේ පිහිටි සිකුරු ග්‍රහය මත අධික උෂ්ණත්වයක් පැවතීම නිසා මිට පෙර එම ග්‍රහ ලොව මත ජීවයක් පැවතිය හැකි බවට විද්‍යාඥයන් විශ්වාස නොකළ අතර සිකුරු මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 470 ක් ලෙස සැලකෙනවා. කෙසේ වෙතත් වායුවලින් පිරී පවතින මෙම ග්‍රහ ලොව මත ජීවය ඇතැයි ලොවට අනාවරණය කළේ බ්‍රිතාන්‍යයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥවරියක […]
ඉකුත් දා මංතීරු නීතිය නැවත ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගත අතර මේ අනුව එම මංතීරු නිතිය කඩකරන්නන්ට එරෙහිව රුපියල් 2000 ක දඩ මුදලක් පනවන බව පොලීසිය පවසනවා. ඒ මෝටර් වාහන පනතේ පොදු දණ්ඩණයට අදාළවයි. මේ අතර බස්රථ සඳහා වෙන් කර ඇති මංතීරු සඳහා වෙනත් රථවාහන ඇතුළු කිරීම සම්බන්ධයෙන් බස් සංගම් විසින් විරෝධය පළ කර තිබෙනවා.
පෙම්වතාගේ උපන් දිනය සැමරීම වෙනුවෙන් පෙම්වතියක් මත් පැන් පානය කර ගාල්ල කොටු පවුර මත බිම වැතිරී සිටි පුවතක් වාර්තා වෙනවා. මෙලෙස අරක්කු භාගයක් පානය කර මත් වී සිටි මෙම දැරිය ගාල්ල කොටුව සංචාරක පොලිසියේ නිලධාරින් ජංගම සංචාරක මුර සේවයේ යෙදී සිටියදී සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත් අදාල පෙම්වතා සදහන් කරන්නේ සිය පෙම්වතියගේ ඉල්ලීම මත තමන් උපකාරක […]
කළුතර සිර ගෙදර වැසිකිළියක් තුල ගෙළ වැළලාගෙන පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.. ඒ අද අළුයමයි.. කළුතර පොලිසිය සදහන් කරන්නේ මිය ගිය පුද්ගලයා දැඩි ලෙස මත් ද්‍රවය වලට ඇබ්බැහි වී සිටි අයෙක් බවයි.. ඔහු මොරටුව ලුනාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය පිලිබදව පොලිසිය විසින් වැඩි දුර පරික්ෂන සිදු කරනු ලබනවා.
අද ලෝකයේ ලෙඩ රෝග වලින් පීඩා නොවිදින පුද්ගලයින් නැති තරම්ය.. කුමන හෝ රෝගයකින් අප සෑම දෙනාම පිඩා විදිනු ලබනවා. අද අප කතා කරන්න යන්නේ කව්රුත් දන්න රෝගයක් ගැනයි.. එම රෝගයෙන් අත් මිදීමට හෝ එම තත්වය පිලිබදව දැනුවත් වීම ඔබට වැදගත් වෙයි. අංශභාගය තත්වය ගැනයි අද අපි කතා කරන්නේ.. යම් පුද්ගලයකු අංශභාගය රෝගයට ගොදුරුවනවා යනු රෝගියා […]
මංතීරු නීතිය ඉකුත් දා සිට ක්‍රියාත්මක කෙරුණු අතර ඊයේ අද දිනයේ එන නීතියේ යම් වෙනසක් රථ වාහන පොලීසිය විසින් සිදු කරනු ලැබුවා. බස්රථ මංතීරුවේ ත්‍රීරෝද රිය සහ යතුරුපැදි ධාවනය කරවීමට පොලීසිය ගෙන ඇති තීරණය කිරීමත් සමගයි. කෙසේ වෙතත් මෙම තීරණයට විරෝධය පල කරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරන්නේ මෙම […]
ඉකුත් වසරට සාපේක්ෂව සිදු කරන ලද සමීක්ෂණයට අනුව මෙරට ජංගම දුරකථන භාවිත කරන පරිශීලකයින් ගණන තුන්කෝටි විසි අට ලක්ෂය ඉක්මවා තිබෙනවා. එය සටහන් වන්නේ තුන්කෝටි විසි අට ලක්ෂ අසු හතර දහස් නවයක් ලෙසයි. එම දත්ත අනුව මෙරට පුද්ගලයින් 100 දෙනෙක් අතර තිබෙන ජංගම දුරකථන ගණන 161 ක් ලෙස සදහන් වෙනවා.
මංතීරු නීති පිළිබඳ මහ ජනතාව දැනුවත් කෙරෙන නාම පුවරු මාර්ගවල ප්‍රදර්ශණය කළ පොලිස් කාන්තාවන් එම රාජකාරියෙන් ඉවත් කිරීමට රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් වෙත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.
දිවයිනේ සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්. එමෙන්ම දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි […]