තවත් කොවිඩ් 19 ආසාධිතයින් 10 ක් පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 569 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කළා.
ඉන්දීයාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව සමස්ත ආසාදිතයින් ලක්ෂය ඉක්මවූ 11 වන රට බවට ඉන්දියාව පත්ව ඇත්ව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 4000 කට ආසන්න සංඛ්‍යාවක් හදුනාගැනීම හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 328 ක් වන බව සඳහන්. […]
රත්නපුර, ගාල්ල, කළුතර, කෑගල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය ඇතුළු දිස්ති‍්‍රක්ක 10 කට පැනවූ නායයාමේ අවධානම තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.
නිරෝධායන පනත උල්ලංඝනය කරමින් පවත්වා ගෙන ගිය කොණ්ඩ කැපීමේ ස්ථානයක් මුද්‍රා තැබීමට හලාවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ(18) දින කටයුතු කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මුද්‍රා තබා ඇත්තේ හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කරවිටාගාරය – වීරකැලේ වත්ත ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය කොණ්ඩ කැපීමේ ස්ථානයක්. මෙම ස්ථානය විවෘත කිරීමට අවසර ලබා දුන්නත් එහි රැවුල කැපීමට අවසර […]
කළු ගග පිටාර මට්ටමට පැමිණීම නිසා රත්නපුර, කුරුවිට, අයගම, නිරිඇල්ල, ඇලපාත යන ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාස වල පහත්බිම් වල ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ජනාධිපතිවරණයේදී ලංගම බස් රථ යොදවා ඡන්ද දායකයන් ප්‍රවාහනය කළ සිද්ධියට අදාළව හිටපු ඇමති මංගල සමරවීර දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
නිරෝධායනය තවත් සාමාන්‍ය පුද්ගලයින් 98 දෙනෙකුම නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. නාවික හමුදාවේ පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් මෙලෙස නිරෝධායනය වී පිටව ගිය බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
තවත් කොරෝනා ආසාධිතයන් 11 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 992 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අවසන් වරට වාර්තා වූ ආසාධිතයින්ගෙන් 10 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර රෝහල්ගතව සිට ප්‍රතිකාර ලැබූ තවත් 21 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව යාමත් සමග සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව […]
රාජ්‍ය පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලය පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට රජය සැලසුම් කර තිබෙන අතර ජාතික පොසොන් සතිය ලබන 02 වැනිදා සිට 08 වැනිදා දක්වා ප්‍රකාශයට පත් කර තිබෙනවා.
යුද ජයග්‍රහණයේ 11වැනි සැමරුම අදට යෙදී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උළෙල බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී අද පස්වරු 4.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අදත් දිවයින පුරා මිලිමීටර 100 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. අම්ෆන් සුළි කුණාටුව මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පවතින බවත් මේ හේතුවෙන් දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවු වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කළා. දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට […]
කොවිඩ් 19 වසංගතයත් සමඟ ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක නාවික සමාගම්වල උද්ගතව ඇති ශ්‍රමික පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. දකුණු මුහුදු තීරය ඔස්සේ නැගෙනහිරට සහ බටහිරට යාත්‍රා කරන නැව්වල සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට ගාල්ල වරායෙන් දිවයිනට ඇතුල්වීමට සහ ඉන් පිටවීමට ඇති ඉඩ කඩ ද […]