නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 166ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළා.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදනය වී සිටි රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 27ක්.
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සමස්ත දිවයිනම සම්පූර්ණයෙන් වසා දැමීමට සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ එවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
මෙරට කොරෝනා ආසාධනය වූ තවත් පුද්ගලයින් තුන්දෙනෙකු අද හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාධනය වූවන්ගේ සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා.
විශේෂ ඇදිරි නීති කාලය තුල සිදුවන විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සදහා විශේෂ සේවාවක් හෙට (05) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම), ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකො) හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,ඒකාබද්ධව මෙම සේවාව ක්‍රියාවට නංවනු ඇති. […]
කොරෝනා වෛරසය වැළදී අයි.ඩී.එච් රෝහලේ ප්රතිකාර ලබමින් සිටි තවත් රෝගියෙකු සුවය ලබා අද රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. මේ වන විට රෝගීන් 25 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා. ඒ අනුව දැනට ප‍්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් 159 දෙනාගෙන් මේ වන විට රෝගීන් 129 දෙනෙකු තවමත් ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.
ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක්වු තවත් පුද්ගලයින් පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කර හැර තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වාගෙන ගිය අදාල නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටි පුද්ගලයින් 172 කු සිය නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් අනතුරුව මෙලෙස නිවෙස් වෙත පිටත් කර හැරුණු බව ගුවන් හමුදාව සඳහන් කළා. විදෙස් රටවල සිට පැමිණි අදාල පිරිස පසුගිය […]
ගතවූ පැය 24 තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 1400 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවා. ලොව වැඩිම ආසාධිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන් වන අතර එය දෙලක්ෂ 76965 ක්. එමෙන්ම කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මේ වන විට ලොව පුරා මරණ 59,140 දක්වා ඉහළගොස් තිබෙනවා. ලොව පුරා ආසාධිතයින් සංඛ්‍යාව දස ලක්ෂ 97810 ක් ලෙසයි වාර්තා වන්නේ.
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සදහා දින 21 ක අගුලු දැමීමකට (Lockdown) ලක්ව සිටින ඉන්දියාවේ දැඩි දුෂ්කරතාවයකින් රෝහල්ගත වී නිවුන් දරුවන් බිහි කළ මවක් සිය සැමියාද සමග එක්ව උපත ලැබූ දරුවන් දෙදෙනාට කොරෝනා සහ කොවිඩ් යන නම් යෙදූ පුවතක් ඉන්දියාවේ රයිපූර් ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. මේ අනුව ඉකුත් 27 වනදා රයිපූර් ප‍්‍රදේශයේ බී ආර් අම්බෙඩ්කාර් අනුස්මරණ රජයේ […]
මෙරට පස්වන කොරෝනා මරණයත් වාර්තා වු බව වෙෙද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළා. ඒ වැලිකන්ද රෝහලේ ප්රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙක් වන අතර නිව්මෝනියා තත්ත්වය උත්සන්න විමෙන් මොහු මිය ගොස් තිබෙනවා. තවද මොහු ඉතාලියේ සිට පැමිණ හෝමගම පදිංචි පුද්ගලයෙක් බවත් වෙන කිසිදු රෝගයක් ඔහුට නොතිබු බවත් අනිල් ජාසිංහ මහතා පැවසුවා. තවදුරටත් ලංකාවේ කොවිඩ් 19 […]
මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 159 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. අද (03) රාත්‍රී 10.10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද දිනට පමණක් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට දිවයිනෙන් තවත් කොරෝනා ආසාධිතයින් 04 ක් සොයා ගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 156 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.