කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් තිදෙනෙක් මේ වන විට හමුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. වයස අවුරුදු 13 ක ගැහුණු දරුවෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඒ අතර සිටින බව වෛද්‍යවරයා කියා සිටියා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 21 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ […]
ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට ක්‍රීඩා කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ පිහිටි ඔහුගේ හෝටල් දාමය කොවිඩ් 19 ආසාදනය වී තිබෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලබා දී තිබෙනවා. මේ අතර වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ වැටුප් ඇතුළු සෑම පහසුකමක් සඳහාම තම පෞද්ගලික ධනය යෙදවීමට ක්‍රිස්ටියානෝ පියවර ගෙන ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ව්‍යප්ත වීම පාලනය කිරීම සැලකිල්ලට ගෙන කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් කෞතුකාගාර අද සිට තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කෞතුකාගාර 11 මෙලෙස වසා තැබෙනු ඇති.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සතියක කාලයක් දක්වා රජයේ නිවාඩු ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම රට පුරා පිහිටි සියලුම වරායන් සහ ගුවන් තොටුපළවල් සති දෙකක කාලයක් වසා දමන ලෙස රජයේ වෛද්‍ය සංගමය වැඩිදුරටත් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියා.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හැකි තරම් අවම කිරීමට රජයේ ආයතන සියල්ලකම මූලික වගකීම වන බව ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යාංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව තීරණය කර තිබෙනවා. හෙට(17) සිට 2020 මාර්තු 31 දක්වා කාලය තුළ වේරහැර රියදුරු බලපත් ප්‍රධාන කාර්යාලයේ හෝ අනිකුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලවල රියදුරු බලපත්‍ර ආශ්රිත සේවා ක්‍රියාත්මක නොවන බව […]
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාග රැසක් කල් දමා තිබෙනවා. උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයඳුම්පත් කැඳවීමේ අවසන් දිනය 2020 මාර්තු 31 දක්වා දිගු කර තිබෙන අතර මෙතෙක් අයඳුම් කිරීමට නොහැකි වු අපේක්ෂකයින් වේ නම් මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් අයඳුම් කළ යුතු බවත් විභාග කොමසාරිස්වරයා දැනුම් දෙනවා.
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතව තිබු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කොරෝනා වෛරසය ශ්‍රී ලංකා තුල පැතිර යෑම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. ඒ අනුව සංචාරක එංගලන්ත කණ්ඩායම යළි සිය රටට බලා පිටත්ව ගියා.
ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවා. පොළොන්නරු දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස රොෂාන් රණසිංහ මහතා පත්කළ යුතු බවට එම පක්ෂයේ දිස්ත්‍රික් බල මණ්ඩලය පසුගියදා රැස්වී යෝජනාවක් ද සම්මත කර ගත් අතර ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා […]
බහාමාස් රාජ්‍යයෙන් කොරෝනා වෛරස ආසාධිත පළමු රෝගියා වාර්තා වී තිබෙන බව එරට අග්‍රාමාත්‍යවරයා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. ඇය 61 හැවිරිදි කාන්තාවක් වන බවයි පැවසෙන්නේ.
මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට රටවල් 140 ක් පුරා ව්‍යාප්තව තිබෙන අතර මේ වන විට සිදුව තිබෙන පුද්ගල මරණ සංඛ්‍යාව 6500 ඉක්මවා තිබෙනවා. වෛරසය ආසාදිත සමස්ත ගණන 169,000 ක්. චීනයෙන් පසු වැඩිම කොරෝනා බලපෑමට ලක්වූ ඉතාලියෙන් සිදුව තිබෙන මරණ ගණන 1,809 ක්. මේ වන විට චීනයේ වුහන් නගරයේ ආරම්භ වූ මෙම වසංගතයයේ කේන්ද්‍රස්ථානය ලෙස […]
මාරාන්තික කොරෝනා වෛරසය බෝ විය හැකි නවතම ක්‍රම කිහිපයක් පිලිබදව වැඩි අවධානයක් යොමුව තිබෙනවා. එනම් බොහෝ විට මෙම වෛරසයට දුම් පානය කරන පිරිස් ගොදුරු වීමේ අවදානමක් මතුව තිබෙන බවයි සදහන් වන්නේ. මන්ද යත් මෙම වෛරසය බලපෑම් කරන්නේ මිනිස් සිරුරේ ශ්වසන පද්ධතියට වන අතර ඒ අනුව පෙනහළු වල අක්‍රියභාවය හේතුවෙන් පුද්ගල මරණ සිදුවන බවයි පරික්ෂණ සිදු […]
පසුගියදා ඉරාකයේ ඉස්ලාමිය පුජකවරයෙක් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කලේ කොරෝනා වෛසරසය චීනයට ලැබුණු දේව දඩුවමක් බවයි. පුජකවරයා එහිදී වැඩි දුරටත් සදහන් කලේ චීනයේ පාලකයින් කුරිරු බවත් මුස්ලිම්වරුන්ට පහරදීම හේතුවෙන් චීනය මෙවන් විපතකට මුහුණ දී ඇති බවයි වැඩි දුරටත් ප්‍රකාශ කලේ. කෙසේ වෙතත් මේ ප්‍රකාශය කල ඒ ඉස්ලාමිය පුජකවරයාත් මෙම කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති […]