News Line| Off Air
Generic placeholder image

Mar
13

ජ’පුර සරසවියේ සිසුන් 15 ක් පන්ති තහනමකට ලක් කෙරේ

Generic placeholder image

විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවෙකුට සරසවියේ උත්සවයක් අතරතුර බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය ඇතුළු කාරණා කිහිපයක් මුල් කර ගනිමින් ජ’පුර සරසවියේ සිසුන් 15 කට තාවකාලික පන්ති තහනමක් පනවා ඇති බව විනයාධිකාරී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා සඳහන් කළා.


Mar
13

මෙරට දෙවන කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයිනුත් වෛද්‍ය පරීක්ෂණයට

Generic placeholder image

මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරසය ආසාදිත දෙවන ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සාමාජිකයින් වෛද්‍ය පරීක්ෂණ සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර තිබෙනවා. එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් 8 දෙනෙකු ඊයේ රාත්‍රියේ අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වනවා. කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාල පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේ තහවුරු වූ අතර ඔහු මේ වන […]


Mar
13

රවී ඇතුළු හතර දෙනාට අද පස්වරු 4ට පෙර අධිකරණයට පෙනී ඉන්නැයි නියෝග

Generic placeholder image

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද(13) පස්වරු 4.00 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය. එසේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කරනු ලැබුවේය. එසේ අද පස්වරු 4.00 […]


Mar
13

සමගි ජනබලවේගයේ ඡන්ද ලකුණ ජනගත කරයි

Generic placeholder image

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජනබලවේගයේ ඡන්ද ලකුණ එළිදැක්වීම ඊයේ පස්වරුවේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ඒ බත්තරමුල්ලේදී පැවැත්වූ විශේෂ උත්සවයකදීයි. එහිදි කුමාර වෙල්ගම මහතා නායකත්වය ලබාදෙන නව ලංකා නිදහස් පක්ෂයද සමගි ජන බලවේගය සමග සන්ධාන ගත වුණා. සමගි ජන බලවේගය සිය ඡන්ද ලකුණ වන දුරකථනය ලාංඡනය ජනගත කිරීම එහි නායක සජිත් […]


Mar
13

දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල හෙට සිට සති දෙකක් වැසෙයි

Generic placeholder image

හෙට (14) දිනයේ සිට සති දෙකක කාලයක් සියලුම විශ්වවිද්‍යාල වසා දැමීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපදාන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා. රජයේ සියලුම පාසල් ද අද දිනයේ සිට වසා දැමීමට ඊයේ රජය තීරණය කළා. එසේම දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් ද අප්‍රේල් මස 26 වනදා දක්වා වසා තැබීමට තීරණය කළ අතර සියලුම පෞද්ගලික සහ අගරදගුරු යටතේ […]


Mar
13

ඝානාවෙන් හා ගැබොන් රාජ්‍යන් කොරෝනා වෛරසයට ගොදුරු වෙයි

Generic placeholder image

අප්‍රිකාවේ ඝානා හා ගැබොන් යන රාජ්‍යවලින් පළමු වරට කොවිඩ් 19 ආසාදිත රෝගීන් හමු වී තිබෙනවා. තුර්කියේ හා නෝර්වේ සිට ඝානාවට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුටත් ප්‍රංශයේ සිට ගැබොන් වෙත පැමිණි පුද්ගලයෙකුටත් මෙලෙස කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරු වී තිබෙනවා.


Mar
13

ලොව පුරා කොරෝනා මරණ ගණන 4718ක් දක්වා ඉහළට

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයෙන් මේ වන විට මියගිය ගණන 4718 ඉහල තිබෙනවා. මේ වන විට ලොව පුරා රටවල් 125 කට මෙම වෛරසය පැතිර ගොස් තිබෙන බවයි පැවසෙන්නේ. සමස්ත ආසාදිතයන් ගණන 127 000 ඉක්මවා තිබෙනවා. මේ වන විට චීනය තුළ වෛරසය පැතිරයාමේ උච්චතම අවස්ථාව සිය රටෙන් ඉවත්ව ගොස් ඇති බව චීනය බලධාරීන් නිලවශයෙන් සදහන් කල අතර ඉතාලිය […]


Mar
13

බස්නාහිර පළාතේ සියලු පෙර පාසල් අප්‍රේල් 04 දක්වා වසා දැමේ

Generic placeholder image

රජයේ පාසල් නිවාඩුවට සමගාමිව බස්නාහිර පළාතේ සියලු පෙර පාසල් අප්‍රේල් 04 දක්වා වසා දැමීමට පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව තීරණය කර තිබෙනවා.


Mar
13

චීනය රජයෙන් මෙරටට පරිත්‍යාගයක්

Generic placeholder image

චීනය රජය විසින් කොරෝනා වෛරස් පරීක්ෂණ කට්ටල 1,000ක් සහ මුහුණු ආවරණ 50,000ක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසනවා. කොරෝනා වෛරස් තත්ත්වය ශ්‍රී ලංකාව තුල ඉදිරියේ දී ව්‍යාප්ත වුවහොත් එම තත්ත්වය මැඩපැවැත්වීම සදහා චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදීමට චීන රජය කැමැත්තෙන් සිටින බව ඊයේ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යවරිය සහ ශ්‍රී […]


Mar
13

අප්‍රේල් පාසල් නිවාඩුව අදින් ඇරඹේ

Generic placeholder image

දිවයිනේ රජයේ සහ පුද්ගලික පාසල් ඇතුළු සියලු පාසල් අද සිට වසා දැමීමට ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. ඒ කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීමේ අරමුණෙන්. ඒ අනුව අද දිනයේ සිට අප්‍රේල් මස 20 වනදා දක්වා පාසල් නිවාඩුව පැවැත්වෙනු ඇති.


Mar
13

” covid -19 ” නමින් මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

Generic placeholder image

කොවිඩ් 19- නව කොරෝනා වෛරසය මෙරට තුල ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගෙන විශේෂයෙන්ම ආසාදනය වූ ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකු හමුවීමත් සමග ඒ පිලිබදව රජය දැඩි අවධානය සිදු කර තිබෙනවා. ඒ අනුව රජය විසින් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදීමට කටයුතු කරන බවත් ජනතාව අනිසි බියක් මේ පිලිබදව ඇති කර නොගන්නා බවට රජය අවධාරණය කර […]


Mar
13

අද සිට මෙරට නිරෝධායනයට තවත් මධ්‍යස්ථාන 2 ක්

Generic placeholder image

කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්තවන රටවල් වල සිට එනම්, දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය වැනි රටවලින් මෙරටට පැමිනි පුද්ගලයින් නිරෝධායනය මේ වනවිට මධ්‍යස්ථාන තුනකදී සිදු කෙරෙන බව යුද හමුදාව සදහන් කරනවා. එමෙන්ම යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩි දුරටත් පැවසුවේ තවත් නිරෝධායන මධ්‍යස්ථාන 2 ක් අද සිට පිහිටුවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post