භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳව, විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශයට අනුකූලව, මහබැංකුව විසින් සිදු කරන ලද වෝහාරික විගණනයේ මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා 05 ට,අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක මේ වන විට පාර්ලීමේන්තුවට ලැබී තිබෙනවා. මීට පෙර පාර්ලිමේන්තුවට ලබා දී තිබූ වෝහාරික විගණන වාර්තාවේ අදාළ ඇමුණුම් හා […]
නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හුබෙයි පලාතේ චීන සමාගම් සේවකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා. චීන අලූත් අවුරුදු උළෙලින් පසු චීන ජාතිකයින් පැමිණීම පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාවට බියවීමට හේතුවක් නැතැයි විශ්වාස කරන බව මාරාන්තික නව කොරෝනා වෛරසය පිළිබඳව කරුණු දක්වමින් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වූහාන් නගරය වෙත ඇතුළුවීම සහ […]
නව කොරෝනා වසංගතය නිසා චීනයේ වූහාන් නගරයෙහි දැනට කොටු වී සිටින ශ්‍රී ලංකික සිසුන් පිරිසක් රැගත් යානා තුනකින් ශ්‍රී ලාංකික සිසුන් 110 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ බව වාර්තා වෙනවා. ඒ අනුව චීනයේ සිට ශ්‍රී ලාංකික සිසුන් 140ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් […]
ඉන්දියාවෙන් කොරෝනා වෛරසය ආසාදිත පළමු රෝගියා වාර්තා වී තිබෙනවා. ඔහු චීනයේ වූහාන් සිට කේරලයට පැමිණ ඇති සිසුවෙකු බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.
චීනය තුල නව කොරෝනා වෛරසය පැතිර යෑම හමුවේ ගූගල් සමාගම සිය සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගූගල් චීන කාර්යාලය වසා දැමීමට තීරණය කර තිබෙනවා. මිට අමතරව එම සමාගම විසින් හොංකොන් හා තායිවානයේ පිහිටි ගූගල් කාර්යාලද ද වසා දමා තිබෙන අතර නැවත දැනුම් දෙන තුරු සිය රාජකාරි සිය නිවෙස් වල සිට සිදු කිරීමට සිය සේවකයින්ට උපදෙස් දී තිබෙනවා.
මෙවර කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වෙන ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය ගායනා කරන්නේ සිංහල භාෂාවෙන් පමණක් බව රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවා. ඒ මහතා මේ බව සදහන් කලේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්. ප්‍රාදේශීයව පැවැත්වෙන උත්සව වලදී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කළ හැකි බවත් එතුමා වැඩි දුරටත් සදහන් කළා.
හැටන් ශ්‍රී පාද විද්‍යා පිඨය තුළ වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවධානමක් හේතුවෙන් විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යයාලයේ නිලධාරින් විසින් දැනුම් දී තිබෙනවා.
නව කොරෝනා වෛරසය ආසාදනයෙන් චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ලොවපුරා වාර්තා වී ඇති වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 7 700 කට ආසන්නයි. මේ අතර වෛරස ආසාදිතයෙක් වාර්තා වූ නවතම රාජ්‍යය බවට ෆින්ලන්තය පත්ව තිබෙනවා. චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වූ කොරොනා වෛරස ආසාදනය අද වන විට ලෝකයේ රටවල් රැසක් වෙත […]
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 6.50ක් දක්වා සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 7.50 දක්වා පහළ දමා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.
කොළඹ ඇතුල්වන වාහන ගාල් කිරීමේදී කළයුතු ගෙවීම් දිගින් දිගටම පැහැර හරින වාහන හිමියන් සදහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කොළඹ මහ නගර සභාව සදහන් කරනවා. ඒ අනුව ඒම ගෙවීම් පැහැර හරින වාහන සදහා රෝද අගුල් දැමීමට ද කොළඹ මහ නගර සභාව ඉකුත් දිනවලදී පියවර ගත් බවත් එලෙස දිගින් දිගටම නීති කඩන වාහන වලට සවිකර ඇති විද්‍යුත් […]
කොරෝනා වෛරසය හේතුවෙන් හොංකොං රජ්‍යයේ ඊයේ දිනයේ සිට දින 14 ක කාලයක්, තම නිවාසවලට වී රැඳී සිටිමින් රාජකාරි සිදුකරන ලෙස හොංකොං හි පෞද්ගලික සමාගම් කිහිපයක්ම සිය සේවකයින් හට දනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.මෙම වෛරසය මුහුණ දීම සඳහා පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස එම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම රාජ්‍ය අංශයේද හදිසි […]
ජනතාව විසින් මුදල භාවිතය අවම කරමින් ඩිජිටල් ගෙවීම් ක්‍රම සඳහා උනන්දු කිරීමේ පියවරක් වශයෙන් ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2020 වසර ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස හඳුන්වා දී තිබෙනවා. ඒ ඊයේ පැවැති මාධ්‍ය හමුවක් කැදවමින්. එමෙන්ම මේ වන විට බැංකු විසින් මිලියන 23කට වඩා ප්‍රමාණයක් හර කාඩ්පත් නිකුත් කර ඇති බවත් පැවසු ඒ මහතා, හැකි සෑම අවස්ථාවක […]