සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය ලබාදුන් ණය සහනයට අයදුම් කිරීම සදහා ලබාදුන් කාලය දින 10 කින් දීර්ඝ කර තිබෙනවා. මෙම කාලය අදින් අවසන්වීමට නියමිතව තිබුණත් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන කාලය දීර්ඝ කළ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය ලබාදුන් ණය සහනයට අයදුම් කිරීම සදහා ලබාදුන් […]
මෙවර නිදහස් දිනයට සමගාමිව පෙරහුරු පැවැත්වෙන අද දිනයේත් මාර්ග වසා තැබීම හා ගමනා ගමනය සීමා කිරීමට ලක් කර තිබෙන බව පොලිසිය සදහන් කරනවා. පළමු නිදහස් දින පෙරහුරුව අද ආරම්භ වීමට නියමිත අතර ඒ අනුව අද උදෑසන 8.30ට මධ්‍යහන 1 දක්වා පෙරහුරුව පැවැත්වෙන අතර ඒ හේතුවෙන් අද දිනයේ වැසෙන පාරවල් හා විකල්ප මාර්ග මෙසේය.
චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසයෙන් මේ වන විට ලෝක ජනතාවගේ සෞඛ්‍ය තත්වයට බලපෑමක් එල්ල කිරීමට කිරීම සැලකිල්ලට ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ලොව පුරා රටවල් බොහොමයකට මෙම කොරෝනා වෛරසය ව්‍යාප්ත වී තිබීම සැලකිල්ලට ගනිමින්. පවතින තත්වය පිලිබදව දැඩි අවධානයකින් පසු වන බව මෙරට සෞඛ්‍ය අංශ අවධාරණය කර […]
පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ලංකික සිසුන් වුහාන් නගරයෙන් මෙරටට ගෙන්වා ගැනීමට මේ වනවිට පැවැති සාකච්ඡා සාර්ථක වූ බව ශ්‍රී ලංකා තානාපති කාර්යලය පවසනවා. ඒ සදහා විශේෂ ගුවන් යානයක් යෙදවීමට කඩිනමින් පියවර ගන්නා බවයි එම තානාපති කාර්යලය වැඩි දුරටත් පවසන්නේ.
කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. චීනයේ මෙන්ම වෙනත් රටවලට කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රස් ගෙබ්‍රියේසස් සදහන් කළා. මේ වනවිට රටවල් 18කින් රෝගීන් 98 දෙනෙකු වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් ප්‍රකාශ කළා. එමෙන්ම දුර්වල සෞඛ්‍ය තත්වයක් පවතින […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මෙන්ම මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ව්‍යවස්ථාව සම්මත වී තිබෙනවා. සම නායකයන් දෙදෙනෙක්, සභාපති, මහලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීමට තීරණය වී ඇති බව සදහන්.
චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගෙන්වා ගැනීම සඳහා එම නගරයට ගුවන් යානයක් ගොඩබෑමට චීන රජය යුහුසුළුවෙමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා. හුබේ විදෙස් අමාත්‍යංශ කාර්යාලය සහ වුහාන් නගර බලධාරීන්ගෙන් ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් විමසා බලන බව අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා […]
සුප්‍රසිද්ධ අමෙරිකානු ජාතික පැසිපන්දු කී‍්‍රඩක කොබේ බ්‍රයන්ට් සහ ඔහුගේ දියණිය වූ 13 හැවිරිදි ජියානා බ්‍රයන්ට් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින් කැලිෆෝනියාවේ කැලබාපස් හි සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් දින කිහිපයකට පසු කොබෙ බ්‍රයන්ට් ගේ බිරිද Instagram හි පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. අදාල පණිවිඩය මගින් මෙම වේදනාකාරී අවස්ථාවේ තමාට සහ තම දියණියන්ට ශක්තිය සැපයූ රසිකයින්ට […]
විශාලත්වයෙන් ලොව පස් වෙනි ස්ථානයේ පසුවන සුඛෝපභෝගී මගී නෞකාවට කොරෝනා වෛරසය ඇතුල්වී ඇති බවට සැක පළවී තිබෙනවා. මේ හේතුවෙන් එහි සිටින මගින් 7000ක් දැඩි අවධානමකට ලක්ව ඇති බව වාර්තා වුණා. ඉතාලී සමාගමකට අයත් සුඛෝපභෝගී මගී නෞකාවේ සිටින චීන ජාතික යුවලක් කොරෝනා වෛරස් රෝගයට ගොදුරුව ඇති බවට සැක මතුවී ඇති අතර දැඩි උණ රෝගයෙන් පෙලෙන මෙම […]
කොරෝනා වෛරසය කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණීම සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළා. පසුගිය 26 වනදා සිට මගීන් 4028 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර ඉන් 1936 දෙනෙකු චීන ජාතිකයින් බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා. ඔවුන්ට වෙනම පිටවීමේ ප්‍රදේශයක් […]
පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණ පත්වල වලංගු කාලය 2020 ජනවාරි මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ අතර එම කාලය මෙලෙස පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කළ බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.